(සුජිත් හේවාජුලිගේ)
ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව)විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිමය බලයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නැතැයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එම කමිටුවට පසුගියදා දැනුම් දුන්නේය. කමිටුව ඉහත උපදෙස් ලබාදුන්නේ ඒ අනුවය.
යමෙකුට මහාචාර්ය තනතුරක් භාවිත කළ හැක්කේ විශ්වවිද්‍යාලයකින් ලබාදී ඇත්නම් පමණක් බව සඳහන් කළ අමරතුංග මහතා මහාචාර්ය යනුවෙන් හැඳින්වෙන්නේ තනතුරක් බැවින් එම තනතුර දැරූ අය විශ්‍රාම ගිය පසු ඒ නාමය භාවිත කළ නොහැකි බවද සඳහන් කළේය.
සම්මානිත මහාචාර්ය පදවි ලබා දිය හැකි පුද්ගලයන් කවුදැයි සඳහන් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද ඔහු පැවසුවේය.
මාස දෙකක් මහාචාර්ය පදවිය දරා විශ්‍රාම ගිය පසු මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
යම්කිසි පුද්ගලයකු ජාතික වශයෙන් ඉටු කළ සේවය සලකා සම්මානිත මහාචාර්ය පදවි පිරිනමන බව පැවසු අමරතුංග මහතා කොමිසම නිකුත් කළ චක්‍රලේඛය අනුව මෙවැනි තනතුරක් භාවිත කළ හැක්කේ විශ්වවිද්‍යාල සනාතන සභාව අනුමත කර පාලක සභාව එය පිළිගැනීමෙන් පසුව බවද සඳහන් කළේය.
එසේ පිළිගැනීමෙන් පසු සම්මානිත මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිය හැකි යැයි සඳහන් කරමින් ඔහුට හෝ ඇයට ලිපියක් නිකුත් කෙරෙන බවත් මේ ආකාරයට සම්මානිත මහාචාර්ය තනතුරු ලැබෙන්නේ අතලොස්සකට පමණක් බවත් සම්පත් අමරතුංග මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගමෙත් ඉන්නවා දූෂිත දේශපාලුවෙක්... ආචාර්ය පට්ටමක් ගහගත්තු...
පාර්ලිමේන්තුවේ ඉන්න හොර යෝධයින්ගේ අචාර්ය මහාචාර්ය නාම ගලවලා දාන්න.., ඕනෙ නම් හොරාචාර්ය කියලා දාගන්න දෙන්න... මොකද ඔය කට්ටිය හොරකමට කප් ගහපු අය හින්දා.. !
පහුගිය කාලයේ ආචාර්ය තනතුරු ලබාදීපු අය දිහා බැලුවාම තේරෙනවා ඒකෙ නිර්නායක වල තියන දුර්වල කම. ලබාගත් අයගේ වැරදි නොවෙයි, ලබාදීපු අයගේ වැරැදි...
රොහාන් සමරජීව, ආශු මාරසිංහ...
සංගීත විෂයය කරලා අනෙත් ගුරුවරුන්ට අවස්ථාවක් නොදී දේශපාලන බලෙන් අවුරුදු ගණන් අංශාධිපති වී Phd උපාධිය නැතුව ප්‍රොෆෙසර් පට්ටමත් ගහලා, ප්‍රොෆෙසර් පට්ටමත් එක්ක එන සියලු ලාභ, ප්‍රතිපාදන ලබාගෙන විශ්ව විද්‍යාල ටෙන්ඩර් ක්‍රියා පිළිවෙත අවභාවිතාකර, තමාගේ සුබසාධනය සඳහා පමණක් ගුරුමණ්ඩලය පාගාගෙන හිටපු අයෙක්... දැන් ඔහුට එරෙහි විනය විරෝධී පරීක්ෂණයක් නිම වනතුරු හිස නමාගෙන හීන් සීරුවේ පහත හෙලපු තනතුරේ සිට බොරු ප්‍රොපෙසරයෙක් ලෙස කාර්යාලයට වාර්තා කරන බව ජයවර්ධනපුර පැත්තෙන් ඇහෙනවලු...
නියමයි...!
එතකොට අප්‍රසිද්ධ ආයතන වලින් උපාධි අරන් ආචාර්ය පට්ටම් ලබාගත්තු උදවියට ආචාර්ය කියන පට්ටම නමට ඉදිරියෙන් භාවිතා කළ හැකිද? තවත් සමහරු කැලෑ නීතිය රජකරවමින් නීති විශාරදයින් ලෙස කටමැත දෙඩවීම...
ආචාර්ය පට්ටම් සිංහ සමාජ වගේ ඒවායිනුත් දෙනවා නේද? ඒවාට යම් නියාමනයක් අවශ්‍ය නොවේද? ආචාර්ය මර්වින් සිල්වා, රෝසි වගේ අයත් මතක් වෙනවා නේද? සා.පෙළ වත් සමත් නැති ආචාර්ය පට්ටම් තියෙන අය කෙතරම් ඉන්නවාද? අනේ මන්දා...
මම දැක්කා එක් ජ්‍යෝතිෂවේදී කාන්තාවක් දේශබන්දු කියලා නමට මුලින් යොදාගෙන තියෙනවා. හරියට කේන්ද්‍රයක් හදාගත නොහැකි ඇයට දේශබන්දු සම්මානයක් දෙන්නත් කිසිම හේතුවක් දකින්නට නැහැ.. ඒ නිසා මෙහෙම රැවටීමේ අවස්ථා අඩුකිරීමට විධිමත් වැඩපිළිවෙළක් නොපමාව ආරම්භ කළොත් ඉතාමත් හොඳයි...
එහෙනම් මුලින්ම ගලවන්න cope හිටපු සභාපති චරිත හේරත්ගේ මහාචාර්ය පට්ටම. දැන් එයා පේරාදෙනිය කැම්පස් එකේ නැහැ. පූර්ණ කාලීන දේශපාලනයට බහින්න අස්වෙලා ඉන්නේ. දැන් එයා ආචාර්ය විතරයි.
ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ සින්දු කියපු ඈයෝ, සිංහල සිංදුවලට හොලව හොලවා නර්තනය කරපු ඈයෝ, සිංහල සිනමාවේ රඟපෑ ඇයෝ, වයසට ගියාම නිකම්ම ආචාර්ය පට්ටම දාගෙන. ලැජ්ජ වෙයව්...
මේ සියල්ල හිටපු මහාචාර්යවරු, දැන් ආචාර්ය. විවි ප්‍රතිපාදන කොමිසම පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයකින් PhD ලබා ගත් සැවොම මැරුණත් ආචාර්ය...
ආචාර්ය මහාචාර්යලාට ලැබෙන ප්‍රතිචාර එච්චර හොඳ නැහැ වගේ පේන්නේ...
ඉන්දියාවෙන් , සල්ලි වලට හොරට දෙන ජ්‍යොතිෂ ආචාර්ය පට්ටම් වලට මොකද කරන්නෙ.