පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනට පහර දුන් බවට එජාප පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක ඇතුළු පිරිසකට එරෙහිව පැවරූ නඩුවේ පැමිණිලිකාර හිමියන් අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා වරෙන්තු නිකුත් කරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා නියෝග කළේය.
මෙසේ වරෙන්තු නිකුත් කැරුණේ පැපිලියාන සුනේත්‍රා දේවි පරිවේණාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ටයි.
පසුගිය ජනවාරි 8 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුදින මන්ත්‍රී ඇතුළු පිරිසක් පිරිවෙනට ඇතුළුවී දේපොළවලට හානි සිදුකළ බවට පැමිණිලිකරු බොරලැස්ගමුව පොලිසියට ප්‍රකාශ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නඩුහබ වලට අත ගහනවයි කියන්නේ හරියට ජීවිතයත් මරණයත් අතර සටනක් කරනවා වගේ වැඩක් තමයි.(ම)
ගරු ස්වාමීන් වහන්ස, අපි ඔබ වහන්සේ සමඟ ඉන්නවා (නි)
ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ වැඩපිළිවෙලට අප සියලු දෙනාගේම ශක්තිය ලැබෙනවා (නි)
උගත්කමින් සමාජයේ ප්‍රගමනයට දෙයක් කරන්න අපේ හාමුදුරුවනේ ....හොර දේශපාලුවන් මඟ නොයා එවිට ඔබ වහන්සේට නිවන්මගත් අවබෝධ වේවි ...(බ)
මට පෙනෙන්නේ මෙම සමිඳුන් අවස්ථානුකූලව උන්වන්සේට මුහුණපෑමට සිදුවු සිද්ධිය නිසා එම අවස්ථාවේ නීතියේ සහය පැතූ නමුත් නොමඟ ගිය අයට එරෙහිව ක්‍රියානොකර, ඔවුන්ට සමාවදීමට සිතූ නිසා උසාවියට ඉදිරිපත්වී නැති බවයි. (නි)
අපි බලමු අන්තිමට මොකද වෙන්නේ කියලා (නි)
නීතිය කාටත් පොදුයි (නි)
හාමුදුරුවනේ, වෙලාවට වැඩකරන්න පුරුදු වෙන්න. බුදුදහම පිළිපදින්න (නි)
හිමිනම නොපැමිණි හේතුව ගැන සොයාබැලුවොත් හොඳයි කියලා මට හිතෙනවා (නි)
කුඩාපොළ හිමිට සිදුවූ දේ මතක තියාගෙන වැඩ කරමු හාමුදුරුවනේ. අද රට පාලනය කරන්නේ කොලොනියල් කසින්ස් කණ්ඩායමක්. එලිසබෙත් ග්ලව්ස් ගලෝල අතට අත දීපු එක මේ නායකයන්ට මහා ලොකු දේවල්. තවම් ඉන්නේ යටත් විජිත යුගයේ. (බ)
නඩුවක් දැම්මා නම් උසාවියට යන්න හාමුදුරුවනේ. නමුත් ඔබවහන්සේ මේ රජයේ දුර්වලකම් විවේචනය කරන කෙනෙක්. ඒ නිසා විශේෂයෙන්ම පරිස්සම් වෙන්න. (බ)
දේශපාලඥයින් ගැන නම් අපි හොඳට දන්නවා. (නි)
රෝහල් ගතවෙන්න හාමුදුරුවනේ ! (බ)
අපි බලාගෙන ඉමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
මැදගොඩ සුමනතිස්ස හිමියන් අපවත් උනේ කොහොමද කියලත් ඔයගමන්ම හොයල බැලුවොත් නරකද? (ස)
මැදගොඩ සුමනතිස්ස හිමියන් ගැන හොයනවා වගේම අති පුජ්‍ය සෝබිත නායක හිමිපාණන් අපවත් කළේ කවුද කියලා හොයා බැලුවොත් හොදයි නේද ? (බ)
රණ විරුවන් , රට වෙනුවෙන් පෙනී සිටින ගරු සංඝරත්නය අැතුලට ගන්න විශේෂ අධිකරණ පිහිටුවනවා. , අනෙක් පැත්තට අති විශේෂ අධිකරණ පිහිටුවා භයනක කොටි සැකකරුවන් එළියට දමා කුඩු හිස් කරනවා. රාජ්‍ය සේවකයන් හා රණ විරුවෝ දාන්න. ඒවා කමක් නැහැ කියමුකෝ. ආණ්ඩුවේ පැවැත්මට , දුන් පොරොන්දු ඉටු කරනවා . අපේ බුද්ධිමත් පාටකයෝ සුපුරුදු ලෙස කන්නාඩි දෙක දාගෙන ඒවා සාදරනිකරණය කරනවා. (ස)
නීතිය කාටත් එකක් විය යුතුයි. හාමුදුරුවන්ටත්, පාදිලි තුමාටත් එහෙමයි. ඔබතුමා ඉස්සරලාම සිවුර හරින්න. ඊට පස්සේ දේශපාලනය කරන්න.(ම)