ආගමන විගමන නිලධාරීන්ගේ පුහුණුව හදහා අඩු පාඩුවක්ව පැවති ශ‍්‍රවනාගාරයක් සංක‍්‍රමණිිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය විසින් අංග සම්පූර්ණ කර කටුනායකදී බාර දෙනු ලැබීය.
මෙතෙක් ආගමන විගමන නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා සඳහා ඔවුනට විවිධ ස්ථානවලට යායුතු විය.
අංග සම්පුර්ණ ශ‍්‍රවානාගාරයක අවශ්‍යතාවය පිලිබඳව සංක‍්‍රමනිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය සමග ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා විසින් කෙරුණු සාකච්ඡාවක ප‍්‍රථිපලයක් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට මෙම ශ‍්‍රවනාාගරය හිමි විය.
ආගමන විගමන නිලධාරී බුද්ධික රණසිංහ මහතා මෙහි සම්බන්ධීකාරක විය.
සංක‍්‍රමනිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය ආගමන විගමන නිලධාරීන්ට ලබා දුන් මෙම සහයෝගය අගයකිරීමක් වශයෙන් සකස් කල විශේෂ සමරු තිලිනයක් පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා විසින් එම සංවිධානයේ නේවාසික ප‍්‍රධානී ජෙසිපේ ලෝප්රට් මහතාට පිලිගැන්වීය.
මෙම සමරු තිලිනය නිර්මානය කරනු ලැබුවේ ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය විසිනි.
මෙම අවස්ථාවට ජාත්‍යක්තර සංක‍්‍රමිනිකයන්ගේ සංවිධානයේ නේවාසික ප‍්‍රධානී ජෙසිපේ ලෝප්රට්, ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා, ප‍්‍රත්‍යන්ත හා විසා කටයුතු පාලක එම්.එන් රණසිංහ, නියෝජ්‍ය පාලක ආර්.එස්.එන් රාජපක්ෂ, පාලක පාලන හා ප‍්‍රතිපත්ති කේ.ජී විජේසිරි සහ ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප‍්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්ත රත්නායක සහ ආගමන විගමන නිලධාරී බුද්ධික රණසිංහ යන මහත්වරු සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වර ආගමන විගමන නිලධාරීන් බඳවා ගන්නා තරඟ විභාගයෙන් සමත් වුන ගැහැණු ළමුන්ට වෙන අසාධාරනය ගැනත් අවධානය යොමු කරන්නකෝ. 10% ගැහැණු ළමුන් තෝර ගන්නා බවට ගැසට් කරලා තියෙද්දිත් විබාගේ සමත් වුනාට පස්සේ ගැහැණු ළමුන් ගන්නේ නැහැ කියන්නේ ඇයි? හරිම අසාදාරනයි (නි)
මේ එක්කම පුංචි බොරැල්ලේ පාස්පෝර්ට් කාර්යාලය ගොඩනැගිල්ලේ ඉදිරිපස ප්‍රධාන දොර විවෘත කරනවා නම් බොහෝ විදේශිකයන්ද පැමිණෙන තැනක් බැවින් රටේ ගෞරවයටත් හොඳයි. (නි)
චුලානන්ද පෙරේරා මහතා ආවට පස්සේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉතාමත් කාර්යක්ෂම උනා. ඔබට බොහොම ස්තුතියි.(නදී)
කොහේ ණයකින්ද දන්නේ නැහැ මේක. (ස)
මේවා ඉතින් හොඳ වැඩ.(ස)
විදේශීය සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට වැඩි සේවයක් මෙමගින් විය යුතුයි. (නි)
කාගේ සාක්කුවද මේකෙන් පිරුණේ.(ස)
කියක් ගියාද කිවනම් මරු. කොහේ නයකින්ද වැඩේ කලේ? මේකෙනුත් කාගේ කාගේ හරි ඇහැ කන පෑදෙන්න ඇති? (දී)
දැනටමත් කාට හරි මේකෙන් සේවයක් වෙලා ඇති.(ස)
කොන්ත්‍රාත්තුව ලැබුණු කෙනාටනම් පරණ පිනක් පලදීල ඇති. (දී)
බොහොම හොද වැඩක්