කොළඹ ධර්මපාලන මාවතේ බුද්ධ ශාසන අමාත්‍යංශ පරිශ්‍රයේ පිහිටවූ පොලිස් ඒකකය ඉවත් කරන්නැයි ඉල්ලා රාවණා බලයේ භික්ෂූන් වහන්සේලා සහ ගිහියෝ අද (28) පැදුරු ද රැගෙන එහි පැමිණ විරෝධතාවයක් ඇරැඹූහ.
ආගමික පොලිස් ඒකකය ඉවත් කරගන්නා තුරු අමාත්‍යංශයෙන් පිටත්ව නොයන බව හිමිවරු පැවසූහ.
පොලිස් ඒකකය සම්බන්ධයෙන් පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවට සඳහන් ලිපියක් අමාත්‍යංශ ලේකම් විසින් රාවණා බලයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියනට ලබා දෙනු ලැබීමෙන් පසුව පිරිස විසිර ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේලාට අපගේ ගෞරවය හදවතින්ම පුදකරමු! (නි)
රට ජාතිය ආගම රැකගැනීම වෙනුවෙන් හඬ නගන ඔබ වහන්සේලාට අප සැමගේ ප්‍රණාමය. (නි)
මම නම් කියන්නේ ස්වාමින් වහන්සේලාට තිබෙන්නේ භාවනායෝගීව, පිඬු සිඟා වඩිමින්, ධර්ම ප්‍රචාරක කටයුතු වල යෙදීම කියලයි (නි)
අපේ රටට ආගමික පොලිසි අනවශ්‍යයි.(දිල්)
විවිධ රටවල ආගම නැතිවීමට ප්‍රධාන හේතුව සිත් තුලින් ආගම නැතිවීමයි. එ අයට බුදු දහම තේරුම් ගත යුතුයි. අද අප රටේ බුදු දහම හරියට අදහන අය දිනෙන් දින බයානක ලෙස අඩුවෙනවා. අපි එය වැඩි කරමු සිත් සතන් හදලා (අ)
ආගමික පොලිස් ඒකකය ඉතා කාලෝචිතය .නිතරම දකින්න තිබෙන ආගමික ගැටුම් අවම කර ගැනීමට උත්සහ ගන්න ස්ථානයක් වශයෙන් එය හැදින්විය හැකිය.වෙනම ඒකකයක් වශයෙන් කටයුතු කිරීම වඩාහොද සේවයක් ලබා ගැනීමට හැකිවේ.නිතිය එපා කියන්නේ නීති විරෝධීව හැසිරීමට අවශ්‍ය නිසාද?ගැටීම් ඇති වීම මගින් කිසියම් ධර්මයක් ධාර්මික මඟකට යොමුවෙනවද?ගැටුමක් ඇති නොවීම තුල කිසිවෙකුට දේසපාලන හෝ කිසියම් අවාසියක් සිදු වෙනවාද? (අ)
අනේ මන්දා මොනවද කියලා මේවා? (නි)
අනේ හාමුදුරුවනේ, ඕවට මැදිහත් නොවී ඉන්නවා නම් අපි කැමතියි (නි)
ඉන්ද්‍රජිත්, සෙනරත් බණ්ඩාර මහත්වරුනි, ඔයාලගේ අදහස් සියයට සියයක් ඇත්ත. (අ)
අනේ මන්දා මොනවද කියලා දැන් දැන් සිද්ධ වෙන්නේ? (නි)
පැදුරු අරගෙන ගියේ මොකටද? (නි)
බෞද්ධාගම රැක ගැනීමට නම් ඔබ වහන්සේලාට බොහෝ දේ කළ හැකියි. ත්‍රිපිටකය අන්තර්ජාලගත කරන්න, මිහිඳු මහ රහතන් වහන්සේ කළ ලෙස ධර්ම ප්‍රචාරයෙහි යෙදෙන්න. තවත් බොහෝ දේ කරන්න. අවුරුදු 30ක් යුද්ධයකින් බැට කෑ අපට තවත් යුද්ධයක් අවශ්‍ය නැහැ. (නි)
කවුරු මොනවා කිවුවත් මිනිසුන් කරන වැරදි නිවැරදි කරන්න බැහැ (නි)
අපිට නම් මේ ප්‍රශ්න නැහැ. අපි සමගියෙන් ඉන්නවා (නි)
මගෙත් අදහස මෙය අනවශ්‍ය දෙයක් බවයි (නි)
රට ජාතිය ආගම රැකගැනීම වෙනුවෙන් හඬ නගන ඔබ වහන්සේලාට අප සැමගේ ප්‍රණාමය. (ස)
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී.... දහමෙහි හැසිරෙන්නා දහම විසින් රැකගනී. (නි)
අැත්ත වශයෙන්ම අවශ්‍ය ආගමික පොලිසි නොවේ. මුළු රටේම ජනතාවට එකම නීතියකින් ,එනම් පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වන නීතියකින් ජිවත් වීමට සැලස්විම. ආගමික නීති රටේ පාලනය සඳහා යොදා ගැනීමට ඉඩ නොතැබීම. අද සිදුවන්නේ 30 අවුරුදු යුද්ධයකින් වැඩියෙන්ම බැට කාපු සිංහලයා, සිංහල බෞද්ධයා තවදුරටත් බැට කෑමයි. (ස)
මෙම බලසේනවටත් ගරු අධිකරණයකින් අවවාදයක් ලැබුණා නම් නරකද? (ස)
ආගමට, බාසාවට, ක්‍රීඩාවට, සංස්කෘතියට, කලාවට යනාදී වශයෙන් වෙන වෙනම පොලිස් අවශ්‍යයි. මොකද නැති ප්‍රශ්න ඇතිවෙන්නේ එතකොට. (ස)
රට කාල ඉවරයි, සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා (ස)
කමනි, ඔයාගේ අදහස ඉතාමත් වටිනවා.(නදී)
එම පොලිසිය ස්ථාපිත කළ එක ඉතාමත් අගය කලයුතු ක්‍රියාවක්. අනෙක් ආගම් වලට වෙන හිරිහැර වලක්වන්න පුළුවන්.(දිල්)
රටේ දැනට තියෙන සංශෝධන කලයුතු නිතිය උනත් එය ක්‍රියාත්මක කරන උදවියට හරියට ස්වාධීනව ක්‍රියාත්මක කරන්ට ඉඩ දුන්නා නම් එය හොඳටම ප්‍රමාණවත්. ආයෙත් අමුතුවෙන් පොලිස් ඒකක පිහිටුවන්ට උවමනා නැහැ. හැම දෙයකටම මුල්වෙන්නේ තමන්ගේ චේතනාවන් තමයි. පිරිසිදු චේතනා ගෙන දෙයි වාසනා ! (නදී)
හාමුදුරුවනේ, ඔය වගේ දේවල් නවත්වලා බුදුන් වහන්සේ ලොවට දායාද කල නිර්මල ධර්මය ප්‍රචාරය කරන්න. එක පැමිණිල්ලක් වත් එන්නේ නැති ජන සමාජයක් නිර්මාණය කිරීමේ වගකීමයි ඔබ වහන්සේලාට තියෙන්නේ. බුදුන් වහන්සේ කවදාවත් රටේ නීති වෙනස් කරන්න ගියේ නෑ. අපේ රටේ ඉන්න හාමුදුරුවරු අදර්ශමත් කරන්න. නිර්මල බුදුදහම තව කාලයක් පවතීවි.(නදී)
කමනි ගේ අදහස ඉතා කාලෝචිතයි . සියලු දේ වෙනස් වන සුළු බව බුදු දහමේ සඳහන් වේ. නවීන ලෝකයට උචිත ලෙස ධර්ම ප්‍රචාරක විදි සහ වචන භාවිතයත් වෙනස් විය යුතුය. නිර්මල බුදු දහම කිසි විට විකෘති නොකරන්න . අවිහිංසාව වෙනුවට ක්‍රෝධය වැපිරවීම නොකරන්න. සැමට තෙරුවන් සරණි.(නදී)
මෙම පොලිස් ඒකකය නිසා සිදුවන්නේ ආගමික විරසක පවතින බව ඔප්පු කිරීමක් පමණි. මෙය වහාම ඉවත් කර සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක කළ යුතු වේ (දිල්)
හැම මිනිහටම එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. තව කීයක් පොලිසි හදයිද දන්නෙත් නැහැ. (නි)
අපි සියලු ජාතීන් එකමුතු වෙලා සියලු ජාතීන් ආරක්ෂාකරගනිමින් ඉදිරියටම යමු, (ස)
මේවා නිකන් බොරු සෝබන වැඩ , (දී)
රේණුක, පිස්සුද නැත්නම් හැටිද? අනික් ආගම් වලට කවුද හිරිහෙර කලේ? කවුද අපේ පන්සල් විනාස කලේ? කවුද හලාල් ගෙනාවේ? කවුද හැමතැනම පල්ලි හදන්නේ? රටේ ලස්සනත් ඉවරයි. රටත් ඉවරයි. (දී)
ඔහොම යමුකෝ! (නි)
දේශපාලන ධර්මය රට පුරා වපුරමින් බුදු දහම හා රටේ සාමය විනාශ කිරීමට උත්සහ කරන මේ දේශපාලන භික්ෂුන්ට අපි ගරු නොකරන්නෙමු. (දී)
දැන් සිදු වෙන්නෙම ආගමට පටහැනි දේවල් එක නිසා මේක පුදුමයක් නෙමෙයි (දී)
වෙනත් ආගම් වලට ලංකාවේ ප්‍රචාරය කරන්න අනුග්‍රය දැක්වුවේ බුද්ධයෝ. දැන් මොනවද මේ ආගමික පොලිසි දාලා බලාපොරුත්තු වෙන්නේ? දැන් බුද්ධ ශාසනයටය් අනිත් ආගම් හිරිහැර කන්නනේ. උදාහරණයක් විධියට දීගවාපිය පුද බිම බලන්න. මේවගේවත් විරෝදතාවක් නැත්නම් මෙලහකට ලංකාවේ බුද්ධ ශාසනයක් නැහැ. (දී)
මේ වගේ හාමුදුරුවරු නැත්නම් මෙලහකට බුද්ධාගම ලංකාවෙන් තුරන් වෙලා ඉවරයි (දී)
ප්‍රශ්න මදිවටද ලෝකෙට ඔප්පු කරන්න යන්නේ මෙහෙ ආගමික ගැටුමුත් තියනවා කියල. (අ)
රටේ ඉස්මතු වෙමින් පවතින ආගමික හිරිහැර වලට හොඳම විසඳුමක් මෙම පොලිස් ඒකකය (දිල්)
රන්ජිත් සිල්වා සමග මම එකඟ වෙනවා . (අ)
රටේ මේ ප්‍රශ්නවලට දෙසපලකයන් වගකියන්න ඕනේ , (අ)
එම පොලිසිය ස්ථාපිත කළ එක ඉතාමත් අගය කලයුතු ක්‍රියාවක්. රේණුකා පෙරේරා, සමඟ මමත් එකඟ වෙනවා. (අ)
පොලීසිය එකම දෙපාර්තමේන්තුවක් නිසා එහි කොටස් තිබෙනවාට මගේද කැමැත්තක් නැත. (නි)
ඇත්තටම මෙවන් පොලිසියක් අවශ්‍යද? (නි)
මට නම් පෙනෙන්නේ මේවා අනවශ්‍ය ප්‍රශ්න කියලයි (නි)
ගොඩක් පොලිස් මහත්තුරුන්ට ආගම ධර්මයක් නැහැ.(නදී)
අනේ හාමුදුරුවනේ, අතීතයේ බෞද්ධ රටවල් වූ ඇෆ්ගනිස්ථානයට, මාලදිවයිනට සිදුවූ දේ මේ රටට වෙන්න දෙන්න එපා. ඔබවහන්සේලාගේ වෑයමට අපේ උපහාරය! කට ඇති වැඩ නැති බහුතරයක් ඉන්න රටක් මේක. (නි)
ඉන්ද්‍රජිත් මහත්මයාගේ අදහසට මම ගරු කරනවා වගේම අපේ රටේ සිදු වන දේ ගැන නොදැන මෙහි අදහස් දැක්වූ අය ගැන කණගාටු වෙනවා. අනිත් දේ අද භික්ෂුන් වහන්සේට තමන්ගේ භික්ෂුතවය ආරක්ෂා කරගැනීමට උන්වහන්සේලාට මහා පාරට බහින්න වීම රටේ අභාග්‍යක් ලෙස සලකනවා. (නදී)
පොලිසිය රැකගන්න පොලිසියක් දාන්න! (නධී)
හාමුදුරුවනේ, අපේ ලංකාවේ ජනතාවට ජිවත් වීමද ප්‍රස්නයක් , ඒ මදිවට ජීවන වීයදම ඉහලයාම්, අලි මදිවට කොටි වගේ ආගමික ප්‍රශ්නත් ඇවිත්. පොලිස් ඒකක කොපමණ පිහිටුවත් මදි වගේ. (නදී)
කමනි ඔයා සීයට සීයක් හරි. ඇයි මේ ඕනේ නැති ප්‍රශ්න. ආගමට නිගරු වෙන විදියේ වැඩ කවුරුත් කරන්න හොද නැහැ.(දිල්)
ලෝකේ කොහෙවත් නැති පොලිසියක් කීප දෙනෙක්ගේ වුවමනාවට හැදුවා. එය නවත්වන්න ඔබ වහන්සේ දරන වෑයමට පින්. ලෝකේ කොහේද ආගමික පොලිසි තියෙන්නේ? (ස)
ආගමටත් පොලිසියක්,?ආගම නීතියක් වෙයිද,?එහෙම උනොත් (ස)