අනවසරයෙන් මෙරටට ගෙන ආ ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් 1050 ක් සහ කජු ඇට කිලෝග්‍රෑම් 400 ක් කටුනායක පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි නිරෝධායන පරිශ්‍රයේදී අද සවස විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
ලොකු ලූනු බීජ වල ආක්‍රමනික පැලෑටියක් වන පාතේනියන් බීජ ඇති බව සොයාගෙන ඇත.
මෙවැනි බීජ ඇට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා අපනයනය කරන රටෙහි ශාක නිරෝධායනය බලපත්‍රය සහිතව ගෙන්විය යුතු අතර පසුව ගුවන් තොටුපොළෙහි ශාක නිරෝධායනය සේවය වෙත යොමුකර එහි අනුමැතිය ලබා ගත යුතු බව ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
යම් හෙයකින් මේවා රට තුළට මුදාහිරියේ නම් මෙරට දේශීය කෘෂිකර්මාන්තයටද මහත් ව්‍යසනයකට මුහුණ පෑමට සිදුවන බවත් ඔහු කීවේය.
මේවා පසුගිය මාස කිහිපය තුළ අවස්ථා කිහිපයකදී විවිධ රටවලින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කරද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද බීජ ඇට බව රේගුව කියයි.
ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි නිරෝධායන අංශයේ සහ රේගු නිලධාරීහු එක්ව මෙම බිජ ඇට විනාශ කළහ.
2025 දෙසැම්බර් මස 30
148
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
765
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආක්‍රමණිකයා රේගුවේ දිම වනසයි
ලොයිඩ් Wednesday, 02 April 2014 11:43 AM
නිමල් ඔයා හරි. (ස)
චින්තා Tuesday, 01 April 2014 09:56 PM
රට බේරා දුන් සැමටම පින් (දී)
චන්ද්‍රා Tuesday, 01 April 2014 09:56 PM
ඇත්තටම 100/100 ම විනාස කලානම් හොදයි , රට වෙනුවෙන් සහය වුනු සැමට පින්,.... (දී)
ජිනේ Tuesday, 01 April 2014 10:55 PM
විය යුත්ත මෙයයි (දී)
අර්ස්චොල Tuesday, 01 April 2014 11:43 PM
පනාගොඩ-මිලානෝ කිව්වවගේ කුඩු කන්ටේනර් එනතොල් විනාෂනොකර,ලුනුබීජ ටිකක් විනාෂකරලා ,මිනිස්සුන්ගෙන් හොඳ නම ලබාගන්න කරන වැඩක් මේක, (දී)
හේෂාන් Tuesday, 01 April 2014 11:43 PM
දැන් බැලුවාම ලංකාවට ගේන්නෙම කුණු ජාතිනේ (දී)
නිමල් Wednesday, 02 April 2014 08:33 AM
එක එක ආරංචි එනවා රේගුව ගැන. කීයක් හරි අත මිට මෙලෙව්වම මේවා නිදහස් කරගන්න පුලුවන් කියලත් කියනවා. කව්රු ඇත්ත කියනවද කියල කව්ද දන්නේ .(නදී)
නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 01 April 2014 07:16 PM
ඒත් ආශ්චර්යක්ම කියන්නේ අර කුඩු කන්ටේනරුයි එතනෝලුයි විනාශ නොකර අපිටම ප්‍රයෝජනයට ගන්න ඉඩ හැරිය එකනේ. (නි)