2013 අළුබඳුන තරගාවලියේ පළමු තරගයේදීම ටෙස්ට් පිටියේ අලූත් වාර්තා දෙකක් පිහිටවූ ඇෂ්ටන් ඒගාර් සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූයේ පිරිත් නූලක් බැඳගෙන බව ඔහුගේ මව පවසන්නීය. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට අලූතින්ම තෝරාගන්නා ලද යොවුන් කී‍්‍රඩකයා වන ඇශ්ටන් ඒගාර් සිය ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳව ආඩම්බර වන බවද ඔහුගේ මව පවසන්නීය.
සෝනියා ඒගාර් බී. බී. සී. සංදේශයට කියා සිටියේ තමන් ශ්‍රී ලංකාවෙන් පිටවී බොහෝකලක් වන නමුත් සිය පවුලේ සාමාජිකයන් සියලූ දෙනාම තවමත් ශ්‍රී ලාංකීය චාරිත‍්‍ර වාරිත‍්‍ර පිළිපදින බවයි.
සිය දෙටු පුතා ව ඇෂ්ටන්, ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට තේරීමත් සමගම යළිත් වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකිවනු ඇතැයිද සෝනියා මහත්මිය විශ්වාස කරන්නීය.
එංගලන්තයේ පැවැත්වෙන අළුබඳුන කුසලානයේ සමාරම්භක තරගයේදී ටෙස්ට් පිටියේ අලූත් වාර්තා දෙකක් බිහිකරද්දී ඇශ්ටන් එගාර් පිරිත් නූලක් බැඳගෙන එම තරගයට සහභාගී වූයේ සිය මුත්තණුවන්ගේ ආභාෂය හේතුවෙන් යයිද එගාර් මහත්මිය පවසයි.
ශ්‍රී ලාංකික මවකට සහ ඕස්ටේ‍්‍රලියානු පියෙකුට පුතු වූ ඇෂ්ටන් පළමුවරට ටෙස්ට් තරගයකට සහභාගීවූයේ මෙවර අළුබඳුන ටෙස්ට් තරගාවලියේදීය.
තමාගේ පුතුන් තිදෙනා කතෝලිකයන් වුවත් ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳව ඔවුන් ආඩම්බර වනබව සංදේශයට කියා සිටි සෝනියා එගාර්, අළුබඳුන තරගාවලියට ඇශ්ටන් තෝරාගනු ලැබීමෙන් අනතුරුව, මෙල්බර්න් නුවර බෞද්ධ විහාරයට ගිය තමා විජිත හිමියන්ගෙන් පිරිත් නූලක් රැගෙන විත් එය ඇෂ්ටන්ට දුන් බවද පැවසුවාය. 1974 දී ශ්‍රී ලංකාව හැරගිය ඇෂ්ටන්ගේ මව, සෝනියා හේවාවිස්ස, එදා මෙදා තුර යළි ශ්‍රී ලංකාවට පා තබා නැත.
කලකට ඉහත ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා මෙන්ම ශ්‍රී ලංකාවේම උපත ලද අයකුද වන ඬේව් වට්මෝර් මහතා සමග කි‍්‍රකට් කී‍්‍රඩා කළ ජෝන්, ඇෂ්ටන් එගාර්ගේ කි‍්‍රකට් දිවියට දිරිදුන් ප‍්‍රධානම චරිතය බවද සෝනියා මහත්මිය පවසන්නීය.
දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවට පා තබා නැතත්, ශ්‍රී ලංකාවේ ගත කළ බාලවිය පිළිබඳව තමන්ට තවමත් සුන්දර මතකයක් තිබෙන බව පවසන සෝනියා, දරුවන් සමග තමන් තවමත් සිංහල, දෙමළ අලූත් අවුරුද්ද සමරන බවද පවසන්නීය.
සිය නිවසේ පැවැත්වෙන සාදයන්හිදී ආප්ප කෑමට පවුලේ සියලූ දෙනාම මනාප බව පවසන ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයාගේ මව, ශ්‍රී ලංකාවේ තරම් මිරිස් රස නැතත් සියලූ දෙනාම ලාංකීය කෑම වේල රසවිඳින බවද පවසයි.
සිංහල පියකුට සහ බර්ගර් මවකට දියණියකව උපන් සෝනියාට ඇයගේ ස්වාමි පුරුෂයාවන ජෝන් එගාර් හමුවී තිබෙන්නේ මීට වසර තිහකට ඉහතදීය.
”ජෝන් ඕස්ටේ‍්‍රලියාවේ ඉහළ පෙළේ් කී‍්‍රඩා සමාජයකට සෙල්ලම් කෙරුව. මම අවුරුදු 30ක් ජෝන්ව දන්නවා. එයා ඬේව් වට්මෝර් වගේ අය එක්කයි සෙල්ලම් කළේ” යනුවෙන්ද ඇය පැවසුවාය.
සචින් තෙන්ඩුල්කාර්, ෂේන් වෝන්, ස්ටීව් වෝ ඇතුළු කී‍්‍රඩකයන් මෙන්ම මුත්තයියා මුරලිදරන් සහ රංගන හේරත්ද ඇෂ්්ටන් එගාර්ගේ කි‍්‍රකට් ලෝකයේ විරුවන් බවද සෝනියා මහත්මිය පවසන්නීය. එදා මෙදා තුර ශ්‍රී ලංකාවට පා නොතැබූ නමුත් සිය දෙටු පුතා ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට තේරී පත්වීමත් සමගම ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකිවනු ඇතැයිද ඇය බලාපොරොත්තුව සිටින්නීය.
(සරෝජ් පතිරණ විසින් බී. බී. සී. සිංහල සේවයට සකස් කරන ලද්දකි)
අනුග‍්‍රහය : බී. බී. සී. සිංහල සේවය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමිල,ඔබගේ අදහස අපප්බ්‍රංශ වගේ නැතව ඔයිට වැඩිය පැහැදිලිව කියන්න.ඉතින් ඔබ අබෞද්ධයෙක් වුනාට ඔබට දෙවියන් කන් දීපු අවස්තවක් තියෙනවද.අමිල සත්‍ය කවද හරි දිනයි.එතකොට ඕගොල්ලන්ගේ අන්දබක්තික දේව සංකල්පය අකුලගන්න වෙයි. (දී)
අළු බඳුන කෙසේ වෙතත් අපේ ක්‍රීඩකයන් හමුවේ අළු නම් ඕස්ට්‍රේලියානුවන්ට මුනේ ගාගන්න වෙනවා. (නි)
මොහොමඩ්, විමල්,ඉතින් එයා තමන් ක්‍රීඩා කරපු පළමු තරගයෙන්ම ලෝක වාර්තාවක් තිබ්බා නේද? ඔයාලට එහෙම කරන්න පුළුවන්ද? (නි)
පොඩි එකාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න දෙන්න. තවම කල් මදිලු නිගමනවලට එන්න.(නදී)
රිෂාඩ් ,අරුමුගම් , ශේරිෆ් ඔබගේ ගැටළු වලට පිලිතුර බුද්ධාගමට අනුකුලව බලාපොරොත්තු වෙනවනුම් අප අපගේ එදිනෙදා ජීවිතයේ අප මුහුණ දෙන ක්‍රියාදාමයන පිරිත් නුලක බලය මතම නොව කරුණු 5 ක් බලපෑම මත සිදු වෙනවා. නමුත් මට සියලුම කරුණු හරියටම මතක නැති නිසා මම ඔබව එය පිළිබද දැනුවත් කිරීමට යන්නේ නොමැත. වෙනත් බෝද්ධයෙක් විස්තර කරාවියි මම හිතනවා.(නදී)
කොහොම නමුත් මගේ පිළිතුරට වඩා සදුන්ගේ පිළිතුර මෙයට අදාල යැයි මම හිතනවා. (නි)
වීර, මමත් බෞද්ධයෙක්.ඔයා සදුන්ගේ අදහස් ටිකක් කියවන්න (නි)
දැන් කව්ද පැරදුනේ (අ)
ලෝක වාර්තාව නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. තරගයයි.තරග 2 කම පරාදයි නේද? හැබැයි අපේ අය නම් විශිෂ්ට දක්ෂයෝ (නි)
ලෝක වාර්තාව නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. තරගයයි. (නි)
වීර, ඔයා නම් සම්පූර්ණ බෞද්ධයෙක් වෙන්න ඇති. දැන් එංගලන්තයේ ගහපු ටෙස්ට් මැච් දෙකම ඕස්ට්‍රේලියානුවන් අන්ත පරාදයි. තමුන් අදහන ආගම තමුන්ට වටිනවා. ලංකා කණ්ඩායම අවසාන මහා තරග කීපයකටම ගියේ ඔය ඔබ කියන නූල් බැඳගෙන නේද? එහෙත් පිරිත් නූල් බැන්දට හෝ පල්ලියට හෝ කෝවිලට ගියා කියලා හෝ වැඩක් නැහැ. ඔවුන්ගේ හිත හා ජීවන රටාව ආගමානුකූල නොවෙනවා නම්. (නි)
අපි හරිම ආශාවෙන් මොහුගේ දක්ෂතා නැරඹුවා (නි)
කුමාර්, ඇයි ආසියාවේ අනිත් රටවල් දෙක? ඕනෑකමින් හැලුවද? (නි)
ඕස්ට්‍රේලියා කණ්ඩායම පව් නේද?(නදී)
"අළුබඳුන" තරගාවලි දෙකක්ම ඔස්ට්‍රේලියාව අන්තෙටම පරාද වෙලා තියෙන්නේ.(නදී)
එහෙම කියන්නෙපා කෝලිත, තරඟයට වඩා ලෝක වාර්තාව වැදගත්,තරගයක් දිනනවා පරදිනවා.නමුත් ලෝක වාර්තා හැමෝටම තියන්න බැහැ.(නදී)
මෙල්බෝර්න් වල ඉන්න කෙනෙක් විදිහට මම මේ කතාවෙට 100% එකග වෙනවා. මොකද අවුරුදු 10-15 කට කලින් අපේ සිංහල මිනුස්සුන්ට වැඩිය අවුරුදු 30-40 කලින් ආපු බර්ගර් ලංසි මිනිස්සු තමයි හොදෙට සිංහල කතා කරන්නේ. සිංහල ආසාවෙන් කතා කරනවා. සිංහල බයිලා සින්දු අහනවා. ඒ වගේම ලංකාවෙට හරිම ආදරෙයි. බලන්නේ ඕනේ අවුරුද්දකට දෙකකට කලින් අපු සිංහල අය. ඒ අයට රට මතකත් නැහැ සිංහල මතකත් නැහැ. හැබැයි හරියට ඉංග්‍රීසිත් බැහැ.(නදී)
මම 2004 ඇමරිකාවට ගියා බිරිද සහ ළමයි දෙන්නා සමග. 2004 සිට 2010 දක්වා කාලය තුල තුන්වතාවක් ලංකාවට ආවා. ලංකාවට ආව වතාවල් ගණන අනුව රටට ඇති ආදරය මැනිය නොහැකි බව මම දනිමි.නමුත් අපි ලංකාවට දැඩිලෙස ආදරය කරමු. (නි)
අසංක, ඔයාගේයි වීරගේයි අදහස් හරිම පරස්පරයි (නි)
අපේ සිංහල ජාතියට ඕනෑ තරම් විදේශිකයන් එකතුවෙලා තියෙනවා. අපි විශ්වාස කරන විදියට විජය කුමාරයත් විදේශිකයෙක් වශයෙන් ලංකාවට ඇවිත් සිංහල ජාතිය ආරම්භ කලා. ඉන්පස්සේ ලංකාවට ආව විවිධ විදේශිකයෝ සිංහල ජාතියට අන්තර්ග්‍රහණය වුණා. සිංහලයෝ ඒ අයව තමන්ගේ මිනිස්සු වශයෙන් පිළිගත්තා. රොබර්ට් නොක්ස් පොතේ මුල් පිටපතක් කියෙව්වොත් අපේ සමාජයේ විවෘත බව, සංස්කෘතියේ තිබූ සහජීවනය විදේශිකයෙකුගේ ඇසින් මූලාශ්‍ර ලෙසින්ම දැනගත හැකියි. සිංහල බෞද්ධයන් වර්ගවාදී නොවන බවත් තේරුම් ගත හැකියි. ඒ පූර්වගාමීන් අනුව යමින් මේ දරුවවත් සිංහල ජාතිකයෙක් ලෙස සැලකීමට අපේ මිනිසුන් පැකිලෙන්නේ නැති බව මේ අදහස් පැහැදිලි සාක්ෂි දරනවා. (නි)
රකිත්, ඉන්දියානු හා ශ්‍රී ලංකා කන්න්ඩායම් එකිනෙකාට හා අන් අයට කොඩිවින ජපකරන එක නවත්තන්න කියන්න. (නදී)
මට සමාවෙන්න. මට පැහැදිලි ඉරිසියාවක් ඇතිවුනා. බුදුන් හා සම කල හැකි කිසිවෙක් නොමැත. මොනවා කරන්නද දේව සංකල්පය නිසා අපි අන්ධ වෙලා. (නදී)
මම නම් විශ්වාස කරන්නේ වීර, හැකියාව තිබෙන කණ්ඩායම දිනනවා. (නදී)
මෙතන තියෙන වැදගත් දේ තමයි මේ කෙනා ලංකාවේ හිටියා නම් කවදාවත් ක්‍රිකට් ගහන්න වෙන්නේ නැතිවෙයි. මොකද පිරිත් නුල් නෙමේ පිරිත් කඹයක් බැන්දත් කොහෙන් හරි තල්ලුවක් නැත්නම් කොච්චර හොඳ වුනත් ඉස්සරහට එන්න අමාරුයි. මේකේ අදහස් දාලා තියෙන වැඩි හරියක් අය ගැන මට දුකයි. (නි)
මොහොමඩ් විමල්, ඒ තරග දෙකම පරාද වුනේ අනෙක් අයගේ වරදක් නිසා වෙන්න පුලුවන්.මොකද කණ්ඩායමේ ඒගාර් හැරුනම තව 10ක්ම ඉන්නවනේ (නි)
මොහොමඩ්, විමල් කියන විදිහට එතකොට හැමදාම දිනන්න ඕනෑ පාකිස්ථානයයි බන්ගලිදේශයයිනේ. ඇයි එහෙනම් ඒගොල්ලෝ දිගට හරහට පරදින්නේ? (නි)
ඇෂ්ටන් ඒගාර් නාටකය තවම ඉවර නැද්ද? (අ)
මොහොමඩ් විමල්, අනික මේකේ තියෙනවද ඔහු දෙවන තරගයට පිරිත් නූල් බැන්ඳා කියලා? ඇස් පෙනීම දුර්වල නම් ඇස පෙනෙන කෙනෙකුට කියලා කියවාගෙන ප්‍රතිචාර දාන්න. (නි)
වල්පොල රාහුල හාමුදුරුවන්ගේ සත්යෝදය පොත කියවන්න.එතකොට මේ පිරිත් ගැන ,පිරිත් නූල් ගැන සත්‍ය දැන ගතහැකිය (නි)
අගර් වගේ අය ලංකාවේ කණ්ඩායමට එන්නේ නැහැනේ.(නදී)
නුවන්, ප්‍රජාතන්තවාදී මානව නිදහසට පක්ෂව හෝ විපක්ෂව අදහස් දැක්වීම වරදක් නොවේ. අමිල්, ඔබ 100% හරි. (නි)
ජෙසිම් පයිරුස්, 2012 විස්සයි විස්ස සෙමි ෆිනැල් එකේදී ලංකාව දිනුවා මතක නැද්ද?(නදී)
වීර, මම 2 වන තරගය බැලුවා. එතකොට අතේ නුල දැක්කා මම. ඒක ඔබ කියනවා වගේ බොරු නොවේ. (නි)
අගර් වගේ අය ලංකාවේ කණ්ඩායමට එන්නේ නැහැනේ. (නි)
අරුමුගම් වීරට පොඩ්ඩක් තරහ ගිහිල්ලා වගේ. බුද්ධාගම කියන්නේ ගොඩක් ගැඹුරු ධර්මයක්. අපි එදිනෙදා මුහුණ දෙන දේ ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිපල. කර්මය කියන්නේ එකක් පමණි. තවත් කරුණු සතරක් ඊට බලපානවා. නමුත් මට මෙය හරියටම දැන් මතක නැහැ. බුදු හාමුදුරුවෝ පිරිත් දේශනාවන් බාවිත කලේ තුන් බිය නැති කිරීම වැනි උතුම් වූ කටයුතු සදහා. පිරිත් නුලක ප්‍රතිපල කොහොමද අපට ඇති වෙන්නේ කියන එක මේ කරුණු 5 යටතේම විග්‍රහ කරන්නට වෙනවා. මේ දේවල් ගොඩක් තර්කානුකුල දේවල්. නමුත් මේ ගැඹුරු විග්‍රහයන් කරන්න සුදුසු මට්ටමක මම නැහැ. (නි)
මේ වගේ අය අපිට හීනයක්. (නි)
කිසිම ආගමික සංකේතයකට හෝ අදෘශ්‍යමාන දෙවියෙකුට හෝ කල හැකි හාස්කමක් නැත. එසේ කල හැකි විනම් එසේ කරන සෑම කණ්ඩායමක්ම හැම තරගාවලියක්ම ජය ගත යුතුය. වඩාත් වැදගත් වන්නේ භාජනය නොව එහි ඇතුලේ තිබෙන දේ පමණි.(නදී)
ක්‍රිකට් නෙමෙයි ඕනම ක්‍රීඩාවක එක පැත්තක් දිනන කොට අනෙක් පැත්ත පරදිනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ මිනිස්සු ඔවුන්ට කැමති ආගමක් අදහගෙන ඒ මිනිස්සුන්ගෙ වැඩක් කරගෙන ඉන්නවා. මේ කොහෙවත් ඉන්න අයටනේ අමාරුව තියෙන්නේ.(නදී)
වීර ,ප්‍රථම තරගයේදි ලකුණු 98 සහ විකටුත් ලබාගත්තා. නමුත් 2 වන තරගයේදී විකටුත් නැහැ, ලකුණුත් නැහැ. බලමු 3 වන තරගයේදී..... මෙය අපහාසයක් නොව මෙය වේ පරම සත්‍යය. (නි)
මේ ළමයට තවම අවුරුදු 19 යි. ලංකාවේ උනත්, නුනත් තාත්ත සිංහල උනත්, නුනත් කිසියම් දක්ෂ කමක් තියෙන කෙනෙක්. අන්න ඒක තමයි අපි අගය කලයුතු වන්නේ. තමන්ගේ දහසක් අඩු පාඩු තියාගෙන අනුන්ගේ පොඩි අඩු පාඩු දකින අය තමා ගැනම ලජ්ජා විය යුතුයි.(නදී)
මොනවද මේ ක්‍රිකට් වලටත් බුදුහාමුදුරුවෝ ගාව ගන්නේ. අපි සෙත් පිරිත් කියලා පිරිත් නුලක් අතේ බදින්නේ ඒකෙන් අපේ මනස ශක්තිමත් කර ගන්න. ක්‍රීඩාව කියන්නේ ජය පරාජය බලාපොරොත්තුවෙන් විනෝදය පතා කරන සෙල්ලමක්. පිරිත් නුලක ආශීර්වාදය ලැබෙන්නේ මේ වගේ කෙහෙල්මල් වැඩක් නැති දේවල් වලට නෙමෙයි. බුද්ධාගම කියන්නේ මනස දියුණු කරගෙන යථාර්තය අවබෝද කර ගැනීමට. මේක ආගම බේදයකින් තොරව ඕනෙම කෙනෙකුට කරන්න පුළුවන්. හිතේ කුහක කමින් ප්‍රතිචාර දාන්න එපා. භාවනාව කියන්නේ ඉස්ස්කොලේ ගිහිල්ලා මනස දියුණු කර ගන්න එක වගේම වේගවත්ව කරන තවත් ක්‍රමයක්. බොරුවට කුහක ප්‍රතිචාර නොදා මොකද්ද මේක කියල විමසලා බලන්න. මේ ප්‍රසිද්දිය ලබා ගන්න අශ්ටෝන් අගර් ගේ මව කරන ප්‍රකාශ කිසිම වැදගත් කමක් නැහැ.(නදී)
කොහොම නමුත් පිරිත් නුලක් බැඳගෙන පැමිණි එක ගැන අපි සතුටු වෙනවා. ප්‍රශ්නේ මේක ලංකාවේ අපිට වැදගත් වෙන්නේ කොහොමද කියන එකයි (නි)
තත්ත්වය එසේ නම් පිරිත් නුලකට පුලුවන්ද මෙතරම් විස්කමක් කරන්න? (නි)
ඇමෙරිකාවේ සිට ලංකාවේ ජාතිවාදය ගැන අවුස්සමින් සින්දු කියමින් බිලියන් ගණන් සල්ලි හොයපු කාන්තාවක් ගැන මම අහලා තියෙනවා. ප්‍රසිද්ධියට සල්ලි හොයන්න ජාතිවාදය සහ ආගම්වාදය පාවිච්චි කරන එකට මම නම් විරුද්ධයි. (නි)
පිරිත් නූල බැඳලා තියෙන්නේ වම් අතේ නේද? (නදී)
සදුන්, ඔබ හරියටම හරි (නි)
දැක්කද බුදුරදුන්ගේ පිරිත්වල බලේ.දැන් ඉතින් උදේ පාන්දර ඉදල දවසට 5 පාරක් අදෝනා කරන කට්ටිය මේ ගැන මොනවද කියන්නේ. ස්වාබවධර්මයත් ලෝක සත්යත් බුදුරදුන්ට ගරුකරනවා (දී)
අපේ රටට විරුද්ධව අදහස් දාපු අයට වෙන්නේ හැමදාම අනුන්ගේ රටවල් වලට වෙලාම ඉන්න තමයි (නි)
විකාර කතා කියන්න එපා , එතකොට අපේ සමහර අය අත වැහෙන්නම පිරිත් නුල් බැඳන් හිටියටත් හැමදා කන්නේ ? (දී)
තාත්ත හංගේරි අම්ම ෆින්ද්ලන්ඩ් පුතා චීන මොනවද මේ?හරියට නොකියා පෝන් එකක් වගේ.කොහොම නමුත් බොදු පුතාට ජය වේවා ! (දී)
ශේරිෆ්, මට නම් පෙනෙන්නේ ඔයා කුසගින්නේ හිඳගෙන අදහස් දක්වනවා වගෙයි (නි)