රොකට් සෑදීමේ තාක්ෂණය පිළිබඳ අපූරු හැකියාවක් පෙන්වන මාවතගම තිවංක නෙරන්ජන් දිසානායක පිළිබඳ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය හිමිව ඇත.
ජනපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා ජනපති නියමයෙන් තිවංකගේ නිවසට ගොස් ඔහුගේ හැකියාව පිළිබඳ සොයා බැලීය.
මොරටුව ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යාපනය හදාරන තිවංක මේ වන විට රොකට් කිහිපයක්ම සාර්ථකව අත්හදා බලා ඇත. ඔහුගේ නවතම රොකට්ටුව ගුවන්ගත කිරීමේ කටයුතු සඳහා පූර්ණ සහාය හා අවශ්‍ය උපදෙස් ලබාදීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ තාක්ෂණික හා ඉංජිනේරු ඒකකය පොරොන්දුවී ඇතැයි තිවංක පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ඉදිරියට ගෙනියන්න නම් හැකියාවන් නිපුණතා වලට තැන දෙන්න ඕනෑ. ඒ තුළින් පිරිපුන් ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස ලෝකය ඉදිරියේ පෙනිසිටින්න පුළුවන්. දැනට වසර 7500 කට පෙර මර්කරි ජෙට් ගුවන්යානා හැදුවේ අපේ රටේ. අද ලෝකෙම කතාකරන විමාන, රාවණා රජු විසින් කරන ලද නිර්මාණයක් (නි)
ගොඩක් හොඳ දෙයක්. මේ වගේ අයට අත දෙන්න ඕනෑ. ඇයි අපිට බැරි ලෝකය අල්ලන්න (නි)
අදත් ඉන්දියානුවන්ගේ මුදුන් මල්කඩකි භෞතික විද්‍යාඥ ඒ.කේ.පාතෙල් මහතා. ඔහුගෙන් ඉන්දියාවේ විද්‍යාත්මක දියුණුව ඉහළ තත්වයකට පත්විය. නමුත් ඔහුට අප රටේ මෙන් කැපිලි නාවේය. සියලුදෙනා ඔහු ඉහළ තැනකට රැගෙන ගොස් ඔහුගෙන් ඉහළ සේවයක් ලබාගෙන ඉන්දීය විද්‍යාත්මක පැත්තේ සුවිශාල දියුණුවක් ලබා ගත්හ. අපට අප රටට මෙම සිසුවාගෙන් සේවයක් ලබාගත හැක්කේ මෙම සිසුවා ඉදිරියට ගෙන ආවොත්ය. (නි)
දිරිය දරුවෙක්. හැබැයි මෙයා අලුත් රොකට් තාක්ෂණයක් හොයා ගත්තාද? නැතිනම් තියන තාක්ෂණයම යොදා ගෙන රොකට් එකක් හැදුවාද කියන එකයි ප්‍රශ්නය. අලුත් තාක්ෂණයක් නම් ලොවටම වටිනවා. මොහුව රැක ගත යුතුයි. (ර)
අප රජය මැදිහත්ව අපේ රටේ විද්‍යාත්මක පැත්ත දියුණු කිරීමට මොහුට අවශ්‍ය ආධාර ලබාදෙන්නේ නම් මැනවි. (නි)
සුබපැතුම්. ලාංකිකයන්ට අත දෙන්න. (ර)
අනුන්ගේ පහනින් එළිය බලන ඇමරිකාව වැනි රටකට තිවංකව නොයවා ඔහුට අවශ්‍ය ආධාර දෙනු මැනවි. අපේ බුද්ධිමතුන් අද වනවිට සිටින්නේ ඇමරිකාවේ නොවේද? ඇයි අපිට ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්න බැරි. කෙනෙකුට කියන්න පුළුවන් ඔහුගේ දියුණුවට ඇමරිකාවට යන්න දෙන්න කියලා. ඔහු ඇමරිකාවට ගියොත් නැවත අප රටට නොඑනු ඇත. (නි)
අපේ දේශයේ දරුවන්ට අහස පමණක් නොව අභ්‍යාවකාශය වුවද ජයගත හැකිය. ජනපතිතුමාගේ අවධානය යොමුවීම සතුටට කරුණක්. (බ)
ජනාධිපති තුමනී රටේ සියලූම වැසියන් වෙනුවෙන් මා ඉල්ලා සිටින්නේ දිගටම එම ප්‍රතිපාදන වෙනුවෙන් මේ ළමයට උදව් කරන්න රටට ඒක කවදාවකවත් පාඩුවක් වෙන්නේ නැහැ (බ)
ජය වේවා කුරුණෑගල කොල්ලන්ට ආඩම්බරයක් මචන් (බ)
විශිෂ්ටයි. තිවංකට තව තවත් දැනුම ලබාදෙන්න (නි)
මේ තාක්ෂණය දැන්මම රටට අවශ්‍ය නම් කළයුත්තේ විශ්ව විද්‍යාල මට්ටමෙන් හැදෑරීමට සම්පත් සැපයීමයි. (නි)
අපිට දක්ෂ දරුවෝ කොතරම් ඉන්නවද? රජය මැදිහත් වුණොත් පිටරටවල් වලින් ගෙන්වන කාර්මික භාණ්ඩ කීපයක් අපට නිෂ්පාදනය කරගන්න පුළුවන් වේවි (නි)
ඔයාලට අමතකද අපේ රොකට් රෝහිත ගැන ලංකාවේ මුල්ම අත්හදා බැලීම ඔහුට අත නොදුන් නිසා දැන් ඔහු ගායකයෙක් වී හමාරයි (අ)
නියමයි (නි)
මේ කතාව වචන ටිකට සීමානොවේවා! (නි)
මගේ පුතේ මමත් ගොඩක් දුප්පත් පව්ලක ඉපදුනේ , මට තාම මතක තියෙනවා මගේ තාත්ත කියනවා මුළු ඇමරිකාවම එකසේසත් කළ ලින්කන් ජනපති පොත් පාඩම් කළේ අම්ම පත්තු කරන ලිපේ එළියෙන් කියල, පුතේ උඹ ඉන්න ගෙදර දැක්කම පපුව හෝස් ගාල පිච්චුනා , ජනපති තුමනි මේ දරුවට හිසට වහලක් දීල හිතට නිවනක් දෙන්න , පුතේ උඹට ජය , දිරියෙන් ලෝකේ ජය ගනින් පුතේ (බ)
විශේෂ හැකියාවන් තිබෙන අයට අනිවාර්යයෙන්ම රජය අත දියයුතු වෙනවා. චීනෙක් හෝ ඉන්දිනුයාවෙක් ඇවිල්ලා මේ අසරණයා රවටලා, සොච්චමක් අතේ තියලා මෙයාගේ හැකියාවන් රටින් පිටකිරීමේ දිනය වැඩි ඈතක නොවෙන්නත් පුළුවන්. මහින්දගේ කාලයේ ශ්‍රී ලංකා කොඩිය අලවපු චීන රොකට්ටුවක් යවලා අපේ රටත් චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවුවා කියලා ඇදබාපු බොරු අපට තාම අමතක වුණේ නැහැ (නි)
ඔබ ඇත්තටම දක්ෂ ළමයෙක්. නමුත් මෙවන් වැඩසටහන් ලෝකයට පෙන්නා නොව ඇත්තටම ක්‍රියාවට නඟන්න ඕනෑ නම් අනුමතකළ වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැඟීම කළයුතුයි. යවන්නම් වාලේ විශාල වස්තූන් අහස දෙසට යොමු කිරීම භයානක කාර්යයකි. (නි)
රොකට් තාක්ෂණය අලුතින් අත්හදා බලන්න දෙයක් නැහැ නේද? ඒක පරික්ෂණ, නිරීක්ෂණ මෙන්ම නිගමනයන්ගෙන්ද අවසන් වු දෙයක්. (නි)
මේ දරුවාගේ නිවස සදා දෙන්න ජනාධිපති තුමනි, පුතේ, ඔබේ ගමන්මග සරුවේවා,කුරුණෑගල අපිට ආඩම්බරයකි.(බ)
කපිලඔබේ අදහස හරි දැන මේ රටට වියයුත්‍ර දේ එයයි අ)
රොකට් හදනවට වැඩ ,වෙන දෙයක් හදන්න තිබුණේ. (ම)
ඉස්සරහට මේවා දියුණු කරන එක හොඳයි. ඉන්දියාව අනාගතේ ලංකාවේ කොටසක් කරගන්න හිතාගෙන ඉන්න නිසා. (නි)
ඔබට ජය! (නි)
නිවැරදි තාක්ෂණික සහය සහ ආරක්ෂාව නොලැබුනොත් මහා විනාශයක් වෙන්න පුළුවන්. දැනටම ලෝකේ තාක්ෂණයෙන් ඉහල රොකට් නිපදව තියනවා නේද , ඇයි අපි අයෙත් එකම හොයන්න හදන්නේ ? අපි නිපදවමු එම රොකට්වල ඇති යම්කිසි දුර්වලතවයකට පිලියමක්. එක හොද නව සොයාගැනීමක් වේවි (අ)
මොරටුව ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යාපනය හදාරා ඖෂ්ට්‍රලියාවේ ඉන්න (අ)
පුතේ, නුඹ ලක් මාතාවගේ කීර්තිමත් තරුවක් වේවා! සැම ලාංකියෙකුගේම ආශීර්වාදය නුඹට හිමිවේවා! (නි)
අතිදක්ෂ පුත් රුවනක්. මගෙන් සුබ පැතුම්! (නි)
ඔබ රටට ශක්තියක් ආලෝකයක්. ඔහුට අතදීම බුද්ධිමත් පියවරක්. (නි)
ඕකට අර මහින්ද රාජපක්ෂ උතුමාගේ තෙවෙනි පුතාවත් අනුබද්ධ කරානම් , රෝහිත රාජපක්ෂ ඔහුත් රොකට් ගැන මනා අවබෝදයක් තියෙනවා කියලා පසුගිය කාලයේ අසන්ට ලැබුනා , ඔහුගෙනුත් රටට සේවයක් ලබා ගන්ට බලන්න (බ)
අහස ජයගන්න ජනපතිගෙනුත් අත්වැල. රටේ සිදුවන දේවල් වල හැටියයට පුදුම විය යුතු නැත. අනූ නවයෙන් එංගලන්තේ මහා කොමසාරිස් කම බේරුනා එ්ත් ඊළඟට ... (බ)
මම මේ අපහාසෙකට කියනවා නෙමෙයි ඒ ළමයාගේ ගෙදර දැක්කම කොහොම රොකට් ගැන අදහසක් ඔලුවට ආවද කියල මට නම් හිතාගන්න බෑ.. තාප්පය බිඳ ඉදිරියට යන්න උත්සහ කරන ඥානවන්ත උත්සහවන්ත දරුවෙක් ..ලෝකයේ දියුණුව වෙනුවෙන් ඥානය බෙදපු ගොඩක් දෙනා උපතින් දුප්පත් ..(බ)
තිවංක, ඔබ රට වෙනුවෙන් කරන සේවය අති විශිෂ්ටයි (නි)
අපිට ඔබ ගැන හරිම ආඩම්බරය මුසු සතුටක් ඇතිවුණ බව කියන්න ඕනෑ. මෙම තාක්ෂණය තව දුරටත් දියුණු කරන්න පුළුවන් ධෛර්යය දෙන්න අපිත් කැමතියි. (නි)
රොකට් තාක්ෂණය පිළිබඳ ලෝකය ඉතා දියුණු අවස්ථාවක ඉන්නේ. මේ දරුවාට එම තාක්ෂණය ගැන වැඩිපුර පුහුණුවක් ලබාදීමට කටයුතු කරන්නේ නම් මැනවි (නි)
මේ තාක්ෂණ දැනුම ගැන විශාරදයෙක් අපිට සිටියදී පිටින් කවුරුත් මොකටද? (නි)