ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ වර්ධනය වූ ගැඹුරු පීඩන අවපාතය දැන් දුර්වල වී දිවයිනෙන් ඈත්ව යමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය වායුගොලීය කැළඹිලි ස්වභායක් බවට පත්ව ඇතැයි ද දැඩි සුළං සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් යන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඊසාන දිග මෝසම් සක්‍රියව පවතින බැවින් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත් වලට ද විටින් විට වැසි ඇතිවන බවත්, රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම හා දකුණේ ඇතැම් ස්ථානවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.