දියවඩන නිලමේ වරයා සම්බන්ධයෙන් පටු අරමුණින් විවිධ බාහිර පාර්ශව සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් ලෝකයා ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වෙමින් පවතින බව මල්වතු අස්ගිරි පාර්ශවයේ මහා නාහිමිවරු විශේෂ නිවේදනයක් මගින් දැනුම් දෙති.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
එම අපහාසාත්මක ප්‍රචාර නිසා බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජ ගත වීමත් සංවේගයට කරුණකි.
ඇතැම් සංවිධාන හා පුද්ගලයන් දියවඩන නිලමේ තනතුර ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳි ගිහි තනතුරු පිළිබඳ සාවද්‍ය කරුණු ප්‍රචාරය කරමින් සාම්ප්‍රධායික බෞද්ධ සිද්ධස්ථාන හා සැබැඳි චාරිත්‍රයන් සම්බන්ධයෙන් ඍණාත්මක හා වෛරී ආකල්ප ව්‍යාප්ත කරමින් සමාජ අසමඟියට හේතූවන අනවශ්‍ය සංවාද ඇති කිරීමට ද කටයුතු කිරීම මේ දිනවල බහුල වශයෙන් දැකිය හැකිය. මෙය හුදෙක් පුද්ගලානුබද්ධව ලඝු කොට සැලකිය හැකි සිද්ධියක් නොව සමස්ත ලංකාවාසී බෞද්ධයාගේ ප්‍රතිරූපය හායනයට හේතුවන බරපතල ඛේදවාචකයක් බවට මේ වන විට පත්ව තිබීම කණගාටුවට කරුණකි.
ශ්‍රී දළදා මාළිගාවේ චිරාගත චාරිත්‍රයන් ආරක්ෂා කොට පවත්වාගෙන ඒම ඇතුළු දළදා වහන්සේගේ සුරක්ෂාව උදෙසා භාරදූර වගකීම පැවරෙන දියවඩන නිලමේවරයා ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ ප්‍රබෝධය සඳහා උරදෙමින් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයකි. එකී කාර්‍ය සාධනයේ අවශ්‍යතාව හා වගකීම් සමුදාය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේ ස්වකීය ශක්‍යතාව නිසි සැලසුම් මගින් පැහැදිලි කර දීම දියවඩන නිලමේ ධූරය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුගේම වගකීම විය යුතු බව මෙහිලා තරයේ අවධාරණය කර සිටිමු.
පුද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාල සීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදු කරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළා දකින බවත් එවැනි පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී දළදා මාළිගාවේ මෙන්ම දියවඩන නිලමේ ධූරය , බස්නායක නිලමේ ධූරය ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳී නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියලූම අපේක්ෂකයින් අධිෂ්ඨාන කරගත යුතු බවත් අවධරණය කර සිටිමු.
1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතට අනුව වසර 10ක කාලයකට නිලවරණයක් මගින් දියවඩන නිලමේවරයා පත් කර ගැනීම සිදු කෙරේ. මේ වන විට වර්තමාන දියවඩන නිලමේවරයාගේ ධූර කාලය අවසන් වී ාභිනව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීමේ කටයුතු සිදු කර ගනිමින් පවතී. ඒ සඳහා වර්තමාන දියවඩන නිලමේවරයා ඇතුළු අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත් වන බව අප හට දැනගන්නට ලැබී ඇත. තමන් සහයෝගය දක්වන අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශව මගින් සිදු කරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්විමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණකි.
සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ සිහි භාරකාරීත්වය හිමිවන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතරම ජාත්‍යන්තර වශයෙන්ද බෞද්ධ රටවල් තුළ දියවඩන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයකි. ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන දළදා වහන්සේ වෙත සිදු කළ යුතු චිරාගත පූජා චාරිත්‍රයන් සිදු කිරීමේ භාරධුර වගකීම හිමිවන දියවඩන නිලමේ ධූරයේ කටයුතු මල්වතු - අස්ගිරි උභය මහාවිහාරීය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මාර්ගෝපදේශයන් අනුව සිදු කළ යුතු අතර එය ගෘහස්ථයෙකු විසින් ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනය හා සැබැඳිව දැරිය හැකි ඉහළතම තනතුර බව නොරහසකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන්ගෙන් විශේෂ ප්‍රකාශකයක්
saman Wednesday, 17 September 2025 01:33 PM
පූසාරිල දෙන්නාට තරහ ගිහිල්ලා වගේ
සමන් විමල්Wednesday, 17 September 2025 01:59 PM
ඔහොම කතා කිව්වාම හරි නැහැ...
Asela Wednesday, 17 September 2025 01:33 PM
මෙම ජාතික ජන බලවේගයේ පාලනය සිංහල බෞද්ධයන් අතර වෛරය පතුරුවා ඔවුන් වෛර කරන්නන් සහ අපහාස කරන්නන් ලෙස බෙදා වෙන් කළා පමණක් නොව. මෙම ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගයේ පාලනය විසින් සිදු කරන ලද විශාලතම හානිය වූයේ අප කනස්සල්ලට පත්විය යුතු අපගේ සංස්කෘතික හා බෞද්ධ පදනමට පහර දීමට තරුණයන් දිරිමත් කිරීමයි. සොරෙකුට දඬුවම් කළ හැකි නමුත් මොළ සේදීම කළ පුද්ගලයා පුනරුත්ථාපනය කළ නොහැක.
අරවින්ද මොණරවිල Wednesday, 17 September 2025 01:33 PM
දිය වඩන නිලමේවරයා පිළිබඳ යම් සැකයක් සාංකාවක් තියෙනවා නම් ඒ පිළිබඳ නිසි පරික්ෂණයක් පවත්වා තොරතුරු රටට හෙලි කරන එක නොවෙයිද නායක හාමුදුරුවන් වඩාත් සුදුසු, එසේ නොමැතිව ඒක බෞද්ධ සමාජය හෑල්ලුවට ලක් කිරිමක් කියලා පූර්ව නිගමනයකට එළඹීම ඔබවහන්සේලා වැනි නායක හිමිපාණන්වාහන්සේලාට නුසුදුසුයි නේද ?
පිටිගල මිලානෝ Wednesday, 17 September 2025 01:41 PM
ඔබ වහන්සේ දැන් වත් ඇහැරුන එක හොදයි. ඔබවහන්සේ කියන පරිදි බොහෝදෙනා විවේචනය කරන්නේ ගෞරවනීය දියවඩන නිළමේ තනතුර නොව එය දරන පුද්ගලයාගේ විවිධ අපකීර්තිමත් හැසිරීම් රටාවයි.. මෙවන් පහත් ක්‍රියා නිසා ශ්‍රී දළදා මාළිගාවටත්, බෞද්ධ අපේ රටටත්, මාළිගාවේ වත්කම් වලටත් වන හානිය අපමණයි. ඔබවහන්සේ “කපටි උපාසක” කෘතිය තවම කියවා නැද්ද…? හි අඩංගු දෑ බොරු නම් ඇයි හිටපු දියවඩන නිළමේ කතෘට විරුද්ධව නඩු නොදමන්නේ...? වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්දෝ මේ අවනඩුව...
එඩ්වඩ් Wednesday, 17 September 2025 01:43 PM
බෞද්ධාගමට විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට අපහාස කරන අයවලුන්ගේ පැටිකිරිය සොයා බැලූ විට ඔවුන් සියල්ලන්ම පාහේ ජවිපෙ ආධාරකරුවන්ය. අප එසේ කියන්නේ මහ ලොකු රොකට් සයන්ස් එකක් භාවිතා කර නොව පසුගිය කාලයේ ඔවුන්ගේ සමාජ මාධ්‍ය හැසිරීම පිරික්සා බැලීමෙනි. අනුර, හරිණි ප්‍රමුඛ මාලිමාකරුවන් ද එකල ඒ මඟ ගිය අතර ඉහත කී බෞද්ධ විරෝධීන්ගේ නොමඳ ප්‍රශංසාවට ඒ දෙපළ බඳුන් වූයේ එහෙයිනි. නමුත් දැන් අනුර-හරිණි ආදී මාලිමා ප්‍රමුඛයෝ ඉතා සැදැහැමත් බෞද්ධයන් වී ඇති නිසා ඉහත කී සමාජ මාධ්‍ය කල්ලිය ඔවුන් සමඟ උරණ වී ඇත. කෙසේ වුවත් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රටේ කොඳු නාරටිය වන සිංහල බෞද්ධ සභ්‍යත්වයට අපහාස උපහාස කිරීමට ඉහත කී කල්ලියට ඉඩ නොදෙන ලෙසයි.
Perakum Liyanagama Wednesday, 17 September 2025 02:42 PM
එදා බුදුන් දවස ඕනෑම අයෙකුට බුදු දහම වැලඳගෙන විමුක්තිය සොයා යාමට පූර්‍ණ නිදහස තිබූ නමුත් අද දවස එසේ පැවිදි වීමට වරම් නැත...