
(ජේ.ඉඳුරුවගේ )
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රම වේදය ප්‍රකාශයට පත් කරමින් මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙතෙක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024.05.17 දින නිකුත් කර තිබු අති විශේෂ ගැසට් නිවේදනයද මෙම මස 21 දාතමින් නිකුත් කෙරුණු මෙම නව ගැසට් නිව්දනයෙන් අවලංගු කර ඇත.
පෙර ගැසට් නිවේදනය පරිදි මෙතෙක් දුප්පත් පවුලකට හිමිවූ රුපියල් 8500 දීමනාව හා අන්ත දිළිඳු පවුලකට හිමිවූ රුපියල් 15,000 දීමනාව නව ගැසට් නිවේදනය අනුව පිලිවෙලින් රුපියල් 10,000 සහ රුපියල් 17,500 ලෙස ඉහල දමා ඇති අතර අනෙකුත් කාණ්ඩ සඳහා දීමනා ප්‍රමාණයන් නව ගැසට් නිවේදනය අනුවද නොවෙනස්ව පවතී .
නව ගැසට් නිවේදනයට අනුව සංක්‍රාන්ති පවුල් 480,000 කට 2025 ජනවාරි සිට මාර්තු දක්වා රුපියල් 5000 ක් , අවධානමට ලක්වූ පවුල් 480,000 කට 2025 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රුපියල් 5000 ක්, 2025 ජනවාරි සිට 2026 ජුනි දක්වා දුප්පත් පවුල් 960,000 කට රුපියල් 10,000 ක් සහ අන්ත දිළිඳු පවුල් 480,000 කට රුපියල් 17,500 ක් ලෙස මාසිකව අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට යෝජිතය. පවුලේ සාමාජිකයන් ගණන 2 හෝ ඊට අඩුවූ විට මෙම දිමනාවන්ගෙන් අඩක් හිමිවේ.
එමෙන්ම 2025 ජනවාරි සිට ජුනි දක්වා පෙර පරිදිම වෙනත් හැකියා සහිත තැනැත්තන්ට රුපියල් 7500 ක්, වකුගඩු රෝගීන් සඳහා රුපියල් 7500 ක් ,වැඩිහිටියන්ට රුපියල් 3000 ක් ලබා දීමට නව ගැසට් නිවේදනයට අනුව යෝජිතය.මෙම නව ක්‍රමවේදයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබූ දින සිට ක්‍රියාත්මක වන බව නව ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණම සුදුසුම කෙනා හෝ පවුල හොයලා බලලා අස්වැසුම දුන්නාට කමක් නැත. ඇති හැකි අයත් මේවා ලබා ගන්නවාද කියලා ආයේ පාරක් සමීක්ෂණයක් කරලා බැලුවොත් හොඳයි...!
පාර්ලිමේන්තුව විවෘත කරනකොට ජයමංගල ගාථා බැහැ...! ඒවාට සල්ලි යනවා...! නිකරුනේ සල්ලි නාස්ති කරන්න බැහැ.! බොරු බයිලා. ඒ වුණාට තඹුත්තේගම අනුරගේ කාර්යාලය ඉස්සරහ, ලේසර් ලයිට් දාගෙන නත්තල් කැරොල් කියන්නේ...! මේ වගේ අපතයින් සෙට් එකක්...!
වයස 18ත් 60ත් අතර නිරෝගී අයට කිසිම කොන්දේසියක් නැතිව වැඩක් නොකර යැපෙන්න නියම චාන්ස් එක. මේවා රටට දරන්න පුළුවන් වියදම්ද? දුප්පත් කියලා ගෙදර වාඩිවෙලා කටට සල්ලි වැටෙනකම් ඉඳිමු...
අපිට නම් ලැබෙන්නේම නැත...
මේ මොන විකාරයක් ද? ලක්ෂ 51 වන ලංකාවේ පවුල් වලින් ලක්ෂ 24 කට අස්වැසුම. අමාරුවෙන් ඉගෙන ගෙන රස්සාවක් කරන එකාගෙ පඩි පතක්ට බදු.
අපිටත් දරුවෝ 4ක් ඉන්නවා... අස්වැසුම වැඩි කරන්න පුළුවන් නම් ලොකු දෙයක්...
මේකට තමයි කියන්නේ අනුන්ගේ කලිසම ඇඳගෙන තමන්ගේ වගේ යනවා කියලා. කමක් නෑ, කැලේ පාරවල්වල යනවට වඩා හොඳයි සීයා ගිය IMF මාර්ගයේ යන එක.
මේ මොන කරුමයක් ද මේ...? රටේ හා පිටරට වැඩ කරන ව්‍යාපාර කරන අපේ බදු මුදල් වලින් නිකං ඉන්න අයට හැමදාම ගෙවන්නේ ඇයි? ඔවුන්වත් මේ රටේ වැඩක් කරන පුරවැසියන් කරන්න ඉලක්ක දීලා සීමා සහිත කාලෙකට දෙන්න බැරි ඇයි?