(යොහාන් භාසුර)
අස්වැසුම සුබසාධන වැඩසටහනට අදාල අභියාචනා 982,770 ක් සහ විරෝධතා 62,368 ක් ලෙස මිලියනකය අධික පැමිණිළි ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කර නොමැති අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභින්ට මෙම මාසයේ සිට අදාළ දීමනා ලැබෙන බවත් වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු යන දීමනා ගෙවීමේ වෙනසක් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ගමේ ඉන්න ඉතාමත් පොහොසත් මිනිසුන්ට අස්වැසුම අනුමත වෙලා තියෙනවා. සමහරක් විශ්‍රාම වැටුප් ලබන පවුල්වල අවිවාහක දරුවන්ට දීලා තියෙනවා. ඒත් ඉතින් රොබෝවරු සිටිනා ඉල්ලංකා දේශයේ තමන්ගේ අතින් වියදම් කරගෙන අසල්වාසීන්ට වෛර කිරීමට කවුද කැමැති...? අඩුම ගණනේ වසම හා නම පමණක් නිර්නාමිකව එවන්න කිව්වා නම් විරෝධතා තවත් ලක්ෂ ගණනක් ලැබෙනවා. සත්තකින්ම ඉල්ලීම කරද්දී ගත්තු විස්තර ප්‍රමාණවත් නැහැ. වැරැදි තොරතුරු දුන්නොත් දඬුවම් කරනවා කිව්වේ නැහැ. කන්න, අඳින්න රටින් එනතුරු මුහුදට දත නියැවීමට කාලයක් තිස්සේ හුරුකිරීම නිසා අනුන්ට අතපා තමන්ගේ බඩ සතපා ගැනීමට කටයුතු කළ නිසා ලංකාවේ මිනිසුන්ගේ ජාන විකෘති වෙලා තියෙනවා. ඉතින් ඒ පුරුද්ද නිසා ඇතිහැකි එකාලා වුණත් ඉල්ලීම කළා... සමෘද්ධි විගඩම මෙහෙම අයට රජයේ සියලු පහසුකම් දීමට සලසා තිබුණු නිසා මෙහෙම ඉල්ලීම තවත් වැඩිවුණා...
අපිට සමෘධිය තිබුණු ඒකත් නෑ අස්වැසුමත් නෑ මගේ දරුවන් දෙදෙනෙක් ඉන්නවා එක කාමර කෑල්ලක් තමයි තියෙන්නේ ඉටිකොළ බෝඩ් කෑලි වටකරලා තමයි තියෙන්නේ අපි දැනුවත් නෑ. හැමදේම සමෘද්ධි හෝ සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරිතුමාත් ඕනෑම දේකට කතාකරලා කියන්නේ මට ඒවාටත් උදව් කරනවා.. ගිහින් ඒත් දැන් අහනවා සමෘද්ධි මහතා පොතක් අරන් අද උදේ 2023/09 /04 දින ඔයාලෑ නම මේකේ නැත්තෙ ඇයි කියා... සමෘද්ධියත් කැපුවා මේක මට හිතෙන විදියට මා කළ වරද මෙය නොමැති වන්න හැමදේම ලැබෙන්නේ වසමේ එක් පිරිසකට විතරයි... ඒ නිසා වරින්වර නොලැබුණු දුප්පත් මිනිසුන් සොයා එයාලාට දවසක් සහල් ලබා දෙන්න අවස්ථාවක් ලබා දුන්නා... හාල් 10kg 15 /20 ලබාදුන්න එදා ඒක ලැබුන් නැත්නම් ඒ හාල් මිටි ටික අතුරුදහන්... ඒකයි මං හිතන්නේ කුමක් හෝ මේ අසාධාරණයට යමක් කරන්න පුළුවන් නම් ලොකු පිනක්... අපේ අම්මාටත් තිබුණු සමෘද්ධිය තාත්තා අසනීපෙන් එයාගේ ඔලු කට්‍ට අයින් කරලා ඉන්නේ එයාලාටත් නැත... ඇයි මෙහෙම වුනේ...?
මම මහනුවර අලවතුගොඩ ග්‍රාමසේවා වසමේ මම මසන්ව වැඩ කරනවා කියලා කිසිම ආදරයක් ලැබුණේ නෑ. නමුත් මට ඉඩම් තියෙන අය අපේ ගමේ අස්වැසුම් ගන්නවා. මට ළමයි 3ක් ඉන්නවා. ගෙවල් හදලාත් නැහැ මම දර ටිකේ එදාන් සල්ලිවලට ගන්නවා. අඩු පඩු කියලා වැඩක් නෑ. අසාධාරණ විදිහට් අස්වැසුම හදලා දෙන්නේ කොහොමද? කාටද පැමිණිලි කරන්න ඕනෑ...