IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අසුරුවන් පිට යන්න බය තමන්නා

බොලිවුඩයේ මෙන්ම දකුණු ඉන්දීය සිනමාව තුළද අතිශය ජනප්‍රිය සුරූපී නිළි තමන්නා භාටියා මේ දිනවල අශ්වයන් පිට යාමට පුරුදු පුහුණුවන බව වාර්තා වෙනවා. මෙසේ තමන්නා අශ්වයන් පිට යාමට පුරුදු පුහුණු වන්නේ ලබන අගෝස්තුවේදී රූපගත කිරීම් ආරම්භ කරන 'බාහූබලී' චිත්‍රපටයේ දෙවැනි කොටස සඳහා බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කරනවා.

"පොඩි කාලේ ඉඳලා මම අශ්වයන්ගේ පිටේ යන්න බය කෙනෙක්. නමුත්, චිත්‍රපටයට අවශ්‍ය කරන විදිහට මට අශ්වයන් පිට යන්න සිදුවෙලා තියෙනවා. මේ දවස්වල මම වැඩිපුර කාලය ගෙවන්නෙ අශ්වයන්ගේ පිටේ යන්න පුරුදු වෙන එක. ඒකට මට ගොඩක්ම උදව් කරන්නෙ චිත්‍රපට සටන් අධ්‍යක්ෂවරයෙකු වූ ජිතු වර්මා. ජීවිතේ පළමු වතාවට තමයි මම අශ්වයන් සමග චිත්‍රපට දර්ශනයක පෙනී ඉන්නේ. 'බාහූබලී' දෙවැනි චිත්‍රපටයේ දර්ශන බොහෝ ප්‍රමාණයක තියෙන්නේ සටන් ජවනිකා. මමත් ඒ දර්ශනවලට පෙනී  ඉන්නවා. ඉතින් අශ්වයන්ගේ පිටේ යන්න පුරුදු වෙනවා විතරක් නෙවෙයි මේ දිනවල මට කඩු හරඹ පුරුදු වෙන්නත් සිදු වෙලා තියෙනවා. ඊට අමතර චිත්‍රපටයේ එන ගීත කිහිපයකට මම පෙනී ඉන්නවා. නර්තන පුහුණුවිම්වලදී නම් ලොකු අභියෝගයක් මට නැහැ. මොකද, ප්‍රභුදේවා සර් එක්ක තමයි මට නර්තන පුහුණුවීම් කරන්න තියෙන්නේ. මේ වැඩ කටයුතුත් එක්ක මම දැඩි ලෙස කාර්යබහුල වෙලා ඉන්නවා කිව්වොත් හරි."

20160612Thamanna-1



අදහස් (0)

අසුරුවන් පිට යන්න බය තමන්නා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site