පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි පදක්කම දිනා ගැනීමට ආශ්වාරෝහක සරත් කුමාර සමත් විය. අද (10) පෙරවරුවේ පැවැති අශ්වයා පිට යමින් කඩුවෙන් ඇනීමේ Equestrian, Swords) කේවල ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
එම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ ජස්වින්දර් සිං බාද් ද, රිදී පදක්කම ඉන්දියාවේම නාර් සිං ද දිනා ගැනීමට සමත් වූහ.
මෙම ඉසව්ව ශ‍්‍රී ලාංකිකයන්ට ආධුනික ඉසව්වක් වන අතර මෙහිදි අශ්වයා පිට නැගි ක‍්‍රීඩකයා වැලි තලාවේ සිටුවා ඇති කුඩා ලී කැබැල්ලක් වැනි දෙයක් කඩුවකින් රදවා ගැනීම හෝ ඇනීමෙන් ලකුණු හිමිවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd