ගලගම අත්ථදස්සි අස්ගිරි මහ නාහිමියෝ මීට සුළු මොහොතකට පෙර අපවත්වූ බව රෝහල් ආරංචි කියයි.
අද හදිසි අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි උන්වහන්සේ අපවත් වන විට 95 වැනි වියේ පසුවූහ.
සියම් මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමියන් උපත ලැබුවේ ජනවාරි 11 වැනිදාය.
කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා නිළමේතුමා සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි මාතාවට දාව උපත ලද ටිකිරි බණ්ඩා කුල කුමරු මාතලේ යටවත්ත වීර පරාක්‍රම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර 1936 දී උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය.
පාලි, දෙමළ, සංස්‌කෘත විෂයන්වලින් විශිෂ්ටතා දක්‌වා ඇති නාහිමියෝ 1982 දී කුරුණෑගල මැටියගනේ රාජමහා විහාරාධිපති ධුරයට පත්වූහ.
අනුනායක ධූරය දරමින් සිටියදී 2015 මැයි මස 08 වන දින අස්ගිරි පාර්ශවයේ 21 වන මහා නායක ලෙස එම පදවියට උන්වහන්සේ පත්වූයේ විංසත්වර්ගික කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙනි.
වර්ෂ 1998 සිට මහානායක පදවියට පත්වන තෙක් උන්වහන්සේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවිය හෙබ වූහ. අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික ධූරයට වර්ෂ 1982 දී පත් උන්වහන්සේ 1994 දී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට පත් වූහ. 1981 සිට ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු භාරව අවස්ථා ගණනාවකදී කටයුතු කළ අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේ මෙරට බෞද්ධ ශාසනය ඔපවත් කරන ශාසන හිතකාමී නිර්මල දිවිපෙවතක් ගත කළ හිමිපාණන් වහන්සේ නමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතමි ඔබ වහන්සේට! (නි)
කණගාටුයි ගොඩක් (නි)
මේ රටේ සමහර චීවරධාරීන් කළ කී දේවල් සහ ඔවුනට වෙන දේවල් බල බලා ඉන්නවට වඩා නිවන් පුර යන මාර්ගයට පිවිසීම ඔබ වහන්සේ ලද භාග්‍යයක්. ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේව. (නි)
ගරුතර මහනාහිමියනි, ඔබ වහන්සේ මතු බුදුවී අජරාමර නිවනට ළඟා වේවා! එය අපේ පැතුමයි. (නි)
අප රටේ බෞද්ධයන්ට ඉමහත් වූ අපල කාලයක්. නිවන් සැප ලැබේවා! (නි)
අස්ගිරි මහ නාහිමිපාණන් වහන්සේට උතුම් අමා මහා නිවන් සුව අත්වේවා ! (නි)
කණගාටුයි අපිට (නි)
උන් වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
මහානා හිමියනි, ඔබ වහන්සේට නිවන් සුව පතමු.......!!!(හේ)
ඔබවහන්සේට නිවන් සුව! (නි)
හරිම කණගාටුදායක ආරංචියක්. උන්නාන්සේට නිවන් සැප ලැබේවා. (නි)
ඇයි උන්වහන්සේවත් මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් කරන්න පියවර ගත්තේ නැත්තේ? කෙසේනමුත්, උන් වහන්සේට නිවන් සුව පතමි.
රටට වැඩදායක උතුම් හිමිනමක් අපිට අහිමිවුණා (නි)
නිවන් සුව ලැබේවා.(හේ)
කණගාටුදායක ආරංචියක් (නි)
සංඟයා වහන්සේලා ගැන අහන්න ලැබෙන්නේ කණගාටු ආරංචි එක දිගටම අපේ රටේ දැන් ඒ ගැන දුකයි. (ර)
ඔබවහන්සේට නිවන් සුව! (ර)
බෞද්ධ ශාසනයට කරන ලද අපරිමිත සේවයට ඔබ වහන්සේට ජාතියම ණයගැතිය. ඔබ වහන්සේට නිවන් සුව! (නි)
ඔබ වහන්සේ නිවන් සුව ලැබේවා!!! (නි)
නාහිමිසඳුනි, ඔබවහන්සේට නිවන් සුව! (නි)
බුදු සසුනටත්, උපන් බිමටත් අතිවිශිෂ්ට සේවයක් කළ ඔබවහන්සේට නිවන් සුව පතමි. (නි)
අස්ගිරි මහ නාහිමිපාණන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුව අත්වේවා! (ර)
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා! (නි)
ඔබ වහන්සේ අපේ රට එක්සේසත් කිරීම සඳහා දේශපාලකයින්ට උපදෙස් දුන්න මට මතකයි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේව! (ර)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
බුදුහාමුදුරුවෝ දෙශනා කළේ ආනන්ද සියලු සත්වයෝ නැසෙන සුළුයි , ඔබවහන්සේට අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා, (අ)
ඒ හිමියන්ට නිවන් සුව අත්වේවා! (නි)
කෙළින් කතාකළ වීර මහානායක තෙරක් (නි)
ඉලගට පත්වන හාමුදුරුවොත් දෙශපාලනයට උඩ ගෙඩි නොදි සාසනය ආරක්සා කරන්න වැඩ කලානම් හොදයි. මෙක බුදුන් වැඩිය රහතුන් වහන්සෙලා වැඩ හිටිය පුද බිමක්. (ර)
අස්ගිරි මහ නාහිමිපාණන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුව අත්වේවා! (නි)
අමාමහ නිවන් සුව! (නි)
ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා! අපේ රට විනාශ වෙන්නයි යන්නේ. (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා අපේ හැමදුරුවනේ...! (ර)
නිවන් සුව අත් වේවා.! තවම නිවන් නොදුටුවේනම්. (ර)
බලවත් ශෝකය පළකරමු.හිමියනි ඔබට නිවන්සුව. (බ)
ඔබ වහන්සේට නිවන් සුව පතමි ! (බ)
උන්වහන්සේට අජරාමර නිවන් සැප ලැබේවා ! (බ)
නිවන්සුව ලැබේවා....(බ)
අනේ අපේ මහනායක හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා (බ)
නිවන් සැප ලැබේවා! (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
උන්වහන්සේත් ස්භාවදර්මයේ ක්‍රියාවලියට ලක්විණි. මිනිසෙකු ලෙස ඉපදුන දා සිට විදි 11 ගින්නකින් නිදහස් උනි. මම උන්වහන්සේට නිවන් සුව නොපතමි. ගෞරවනීය සමු දීමක්ම කරමි. මන්ද නිවන් අවබෝධවීම යනු ජීවත්ව සිටියදී ලබන තත්වයක් මිස මරණින් පසු ඉබේ ලැබෙන දෙයක් නොවෙයි... (ර)
ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)
නිවන් සුව පතමි පින්වත් ලොකු හාමුදුරුවනේ ! (නි)
ඔබ වහන්සේට නිවන් සුව! (නි)
ඔබ වහන්සේ නිවන් සුව ලබත්වා !!!(කෞ)
අපවත්වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ නායක, ගරුතර අත්තදස්සි නායක හිමියනි,ඔබවහන්සේ පැතූ බෝධියකින් බුදුන් දැක, උතුම්වූ නිවනට පත්වේවා.!!!(කෞ)
බෞද්ධයන්ට ඉමහත් වූ අපල කාලයක්රටට අවැසිම මොහොතක ඔබ වහන්සේගේ සමුගැනීම ජාතියට මහත් අවාසනාවකි. නිවන් සැප පතමි ඊට මත්තෙන් නැවැත වඩිනු මැන ජාතිවාදිනට ජාතිවාදයත් ආගම් වාදින්ට ආගම් වාදයත් අනිත්‍යයත් පසක් කරණට(අ)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා.(හේ)
ඔබ වහන්සේට අමාමහ නිවන් සුව පතමි. (හේ)
ගරු නා නාහිමිපාණන්ට නිවන් සැප ලැබේවා (හේ)
අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී අස්ගිරි මහානායක අපේ හිමියන් සම්බුද්ධ ශාසනයට කල අපිරිමිත මෙහෙයට ලෝකවාසී සියලුම බෞද්ධයන් වෙනුවෙන් මාගේද නමස්කාරය.. ඔබවහන්සේ අමාමහ නිවනින්ම සැනසෙත්වා !!!.(හේ)
ඔබ වහන්සේ නිවන් සුව ලබත්වා!!! (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
වඩිනු මැන හිමියනේ නැවත අප අතරට මේ අස්තීර දිවියෙන් අපව මුදවාගැන්මට. සසර මග නවතන අමා මහ නිවන් සුව අත්වේවා.(හේ)
වඩිනු මැන හිමියනේ නැවත අප අතරට මේ අස්තීර දිවියෙන් අපව මුදවාගැන්මට. සසර මග නවතන අමා මහ නිවන් සුව අත්වේවා.(හේ)
අපේ අස්ගිරි පාර්ශ්වයේ අපවත් වී වදාළ අතිපුජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව. ඔබවහන්සේගේ නිහතමානිත්වය හා සවන්දීමේ ගුණය සදා අගයමි. (නි)
මම කතෝලික. එ්ත් මේ අපවත් වුන හාමුදුරුවෝ හරියටම බෞද්ධ ධර්මය පිලිපැදපු ඉතා හොඳ සංඝයා වහන්සේ කෙනෙක් බව දන්නවා. අද රටේ තියෙන පිරිහීම ට විරුද්ධව උන්වහන්සේ අනිත් සංඝයා වහන්සේලා ටත් ලොකු අාදර්ශයක් දුන්න හිමි නමක්. උන්වහන්සේ ට නිවන් සුව පතනවා.(බ)
ඉතා හොද සඟ ගුණයන්ගෙන් ඔබින තවත් සංඝ පීතෘවරයකුගේ සමුගැන්මයි. එය ජාතියට මහත් අවාසනාවකි. ඇත්තටම අද සිදුවෙන දේවල් බැලුවහම මෙවැනි දේවල් බලාපොරොත්තු වියයුතුයි. අපේ නායක ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන ලැබේවා! (නි)
අපිට පුදුමාකාර දුකක් දැනෙන්නේ (නි)
නිහතමානී ගුණැති ඔබ වහන්සේට මතු බවයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! (නි)
ඔබවහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා! (නි)
මහානායක හිමිපාණන්ගේ අපවත්වීම අසා දැඩි ශෝකයට පත්වුණෙමි. මම දැනට දඹදිව වන්දනා චාරිකාවක නිරතවන බැවින් පැමිණීමට නොහැකි වේ. මහා නායක හිමිපාණන්ට නිවන් සුව අත්වේවායි පතමි. උන්වහන්සේට පිං පැමිණවීම සඳහා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. (නි)
අහෝ දුකකි. ජරාජීරණ පව්කාර දේශපාලන සමාජය නැති භවයක් ලැබේවා! (නි)
ගලගම ශ්‍රී අත්ථදස්සි මහනායක හිමියනි, රටට අවශ්‍යම මොහොතක ඔබ වහන්සේගේ සමුගැනීම ජාතියට මහත් අවාසනාවකි. ඔබවහන්සේගේ නිහතමානීත්වය සදා අගයමි. අස්ගිරි මහනාහිමියනි, ඔබවහන්සේට උතුම් අමාමහ නිවන්සුව ලැබේවා.!! (නි)
අපේ නායක හාමුදුරුවන් වහන්සේට, අමාමහ නිවන් මඟ විවරවේවා.! (නි)
මහනායක හාමුදුරුවන්ට උතුම් වූ නිවන් සැප ලැබේවා! (නි)
අමාමහ නිවන් සුව ලැබේවා! (නි)
අනේ දෙවියනේ! (නි)