බුදු දහම හා හින්දු ආගම එකම රටක බිහි වු එක සමාන ආගම් දෙකක් බවත් බෞද්ධයන් හා හින්දුන් එක්ව සිටීම ලොකු බලයක් බවත් උඩුගම බුද්ධරක්ඛ්ත මහා නා හිමියෝ නල්ලුර් හිදී පැවසුහ.
අස්ගිරි මහා නාහිමියන් අතුළු බෞද්ධ දුත පිරිසක් නල්ලුර්හිදී හින්දු පුජකවරු හමු වුහ.
ගව ඝාතනයට එරෙහිව බෞදධ භික්ෂුන් ගෙන යන උද්ඝෝෂණය ඔවුහු පැසසුමට ලක් කළහ.
බන්ධනාගාර ගත වී සිටිය දෙමළ රැඳවියන් ඉක්මනින් නීතීය ඉදිරියට පමුණුවන ලෙස හෝ නිදහස් කරන බව ජනපතිගෙන් ඉල්ලා සිටි බවද මහ නාහිමියෝ පැවසුහ.
යාපන නාග විහාරාධිපති මීගහජදුරේ ඤාණරතන හිමිගේ ආරාධනය පරිදි මහා නා හිමියෝ බෝ මළුවේ බුදු පිළිරුවක් ද තැන්පත් කළහ.
කහවත්තේ සරණංකර,වඳුරාගල ධම්මාරාම සහ නුගේතැන්නේ පඥා නන්ද නා හිමිවරුද ,යාපන ආරක්ෂක සේනා ආඥාපති මේර්ජ ජනරාල් උදය පෙරේරා උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර යන මහත්වරුද පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමගේ සිත් සතන් පහන් වේවා. ජාති ආගම කුලමල භංග වේවා. සියලු ජාතීන්ට එකට එක්වී රට ආරක්ෂා කිරීමට හැකියාව ලැබේවා. (අ)
කොච්චර හොද ද මේ වගේ එකට එක්වෙලා කතා බහ කරලා විවිධ ආගම අදහන උදවිය අතර යම් කිසි සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා නම්. බොරුවට පාරට බැහැල කෑ ගහල ප්‍රශ්න විසදන්න බෑ.(නදී)
සාමය සමාදානය රජවේවා ! සැම සිත් පහන් වේවා! ලොවටම සාමය උදාවේවා! (නදී)
ජිනීවා වල කට්ටියට මේවා පෙන්නේ නැද්ද දන්නේ නැහැ (දී)
හින්දු සමාජයම පෙළ ගස්වාගෙන ඒ උද්ඝෝෂණයට සහයෝගය දෙන්න ගවයා හින්දුන්ගේ ආගමික සත්වයෙක් .(අ)
ඒක ඇත්ත හින්දු ආගම සහ බුදුදහම බොහෝ සෙයින් සමානයි .සුද්දෝදන රජතුමා හින්දු භක්තිකයෙක් .(අ)
බෞද්ධ හින්දු සමගිය සදාකල් රැදේවා!.(අ)
කෝච්චියෙන් යාපනේ ගිහිල්ල මසාල තෝස,පුරි ,ඉටිලි කන්න ආසයි.(නදී)
මොන ආගමේ උනත් අපි පෙර ඉදලම ලාංකිකයින් වශයෙන් සමගියෙන් හිටියා. ඒ සමගිය නැවත ඇති කරමු.අ නෙකා නැති කර තම වර්ගයා පමණක් ඉදිරියට ගෙනියන්න දගලන මේ කරුමක්කාරකම් අත් හරිමු.(නදී)
හින්දු ආගමේ මිනිස්සුන් දෙවියන්ට වඳිනවා. බුදු දහමේ හැටියට සියලුම දෙවි වරුන් මිනිසෙක් වූ බුදු රජාණන් වහන්සේට වඳිනවා.(අ)
මෙවන් අවස්ථාවන් තව තවත් ඇසීමටත් දැකීමටත් ලැබේවා! (අ)
අතිපුජනිය අස්ගිරි මහනායක මාහිමියන් බඳු යතිවරු ශ්‍රී ලංකාවට මහත් ආශීර්වාදයක් වෙති. (නදී)
සාධු! සාධු!! සාධු!!! (නදී)
හොඳ නැද්ද ? (නදී)
රත්නත්‍රයේ සරණින් ජාති,ආගම්,කුල,බේද ඉවත දමා ශ්‍රී ලාංකිකයින් වශයෙන් එක්වී සමගියෙන් කටයුතු කිරීමට සැමට සිත් පහල වේවා! (අ)
ඉතා හොඳ දෙයක්. නමුත් සෙනරත් කිවව කතාව වැරදියි. නොදැන දේවල් දාන්න එපා. අතිශෝතියෙන් කියන්න එපා. බුද්ධාගමට වසර 2600ක්. නමුත් හින්දු ආගමට ?????? හුඟක් ප්‍රස්න වලට මුල නොදැන කතා කිරීමයි.(නදී)
ජාතික සමගිය ඇතිවේවා, බුදුසසුන බැබලේවා තෙරුවන් සරණි (අ)