අග්ගමහා පණ්ඩිත අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම බුද්ධරක්ඛිත හිමිපාණන් මිලානෝ ලංකාරාම විහාරස්ථානයට වැඩම කළහ.
ධර්ම චාරිකාවක් සඳහා මහනාහිමියන් ඉතාලියට වැඩමකළ ප්‍රථම අවස්ථාවද මෙයයි .
කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සි ,කොළඹ සම්බෝධි විහාරාධිපති බෞද්ධයා නාලිකාවේ සභාපති දරණාගම කුසලධම්ම හිමිවරු ද මහා නා හිමි කැටුව වැඩම කළහ.
ශ්‍රී ලංකා සංඝරත්නය පිළිගැනීම සඳහා ලාංකික සංස්කෘතිකාංග සමන්විත පෙරහරක්ද පැවැත්විණි
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතාද අස්ගිරි මහනායක හිමියන් බැහැ දිටීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේන,තමුන්ට වැඩකට නැති ප්‍රශ්න අහන්නේ නැතුව ඉන්න. ඔයාගේ මුදල් පසුම්බියෙන් නෙමෙයිනේ වියදම් වුණේ. (නි)
තිලින, මගේ අයිතියක් එය විමසන එක. (නි)
සේන, අනවශ්‍යය ප්‍රශ්න අහන්න එපා. ඔයාගේ වියදම ඔබතුමා බලාගන්න. ඔබට තියන අයිතිය මොකක්ද? (ස)
තිලින බණ්ඩාර, විමසීමේ අයිතිය සම්මා සම්බුදු රජාණන් අනු දැන වදාල කාරණයක්.මටත් ඒ ප්‍රශ්නය නැගෙනවා. (ස)
සේන මහත්මයා, පන්සලෙන් කෙරෙන වෑඩ කටයුතු සහ විය හියදම් ගෑන දෑනගන්න ඉඩක් තියෙන වේලාවක පන්සලට ඈවිත් යන්න.(නදී)
පාප් තුමා ලංකාවට එනතොට තමයි හැමොම් විරුද්ධ වෙන්නේ.(නදී)
අපේ අතිපුජනිය මහානායක මාහිමිපානන්වහන්සේට දිගාසිරි වේවා! (අ)
සේන, ප්‍රදර්ශනය කරන්නේ පණ්ඩිත කමද? මෝඩ කමද? (ස)
මහා නායක හිමිපාණෙනි, ගැටුම් නිරාකරණය පිළිබද බණක් ඔය ලංකාරාමේ දායකයන් වෙනුවෙන් පවත්වන්නකෝ. (ස)
ඉතාලියට වැඩම කල අතිගරු මහනායක මාහිමි පාණන් ඇතුළු සියලු හිමිවරුන් බ්‍රේසියා බෞද්ධ විහාරය වෙනුවෙන් සාදර ගෞරවයෙන් පිලි ගනිමු. ඔබ වහන්සේලාට දිගා සිරි වේවා (අ).
මිලානෝ පන්සල පින්බිමක් බවට පත් කළ බලපිටියේ හාමුදුරුවන්ටද අපි තුති පුදමු. (ස)
ඉතා අනර්ග චාරිකාවක්, ඔබ වහන්සේලාට දිගාසිරි වේවා!.... (දී)
මිට කලිනුත් පන්සල පින් බිමක් තමයි.....හාමුදුරුවෝ පින් බිමක් කරේ නෑ.. ඒ සියලුම පින් පන්සල ආරම්භයෙ සිට සහ සිටින සියලුම ලාංකිකයින් හට හිමිවිය යුතුම වේ [පන්සල අරම්භයේදි සියලුම ජාති ආගමික භේදයකින් තොරව ලාංකිකයින් සිටියා] (ස)
අපේ මහනායක හිමිපාණන් වහන්සේගේ ආශීර්වාදය ධර්මදුතයිනට විශාල ශක්තියක්.නායක හාමුදුරුවන්ට දිගාසිරි පතමි. (නි)
මා ඉතා ගරු කරන හිමිනමක්... (නි)
ඇති පුජ්‍ය අස්ගිරි මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතළු හිමිවරුන් මිලානෝ ලංකාරාම විහාරයට වැඩම කරව මෙහි වෙසෙන ශ්‍රී ලංකික යන්ට බැහැ දැකීමට අවස්ථාව ලබාදුන් කොටිකාවත්තේ දම්මකුසල හිමිටත්,සබාපති රවී ගලප්පත්ති මහතා ඇතළු දායක මණ්ඩලයටත් මේ පුණ්‍යකර්මයට සහබගිවු අන් හැමටත් අපගේ හද පිරි භක්තිය මෙසේ පුද කර සිටිමු, දිගාසිරි පතමු ! (දී)
ඉතාලියට වැඩම කල අතිගරු මහනායක මාහිමි පාණන් ඇතුළු සියලු හිමිවරුන් ට දිගාසිරි වේවා!.
ඉතාලි බෞද්ධයන්ගේ වාසනාවක් සිල්වත්,ගුණවත්,නිහතමනී අතිපුජ්‍ය මහා නාහිමියන්ගේ සම්ප්‍රාප්තිය දිගාසිරි! (දී)
තෙරුවන් සරණයි (දී)
ඔබ වහන්සේගේ සියළු කාර්යයන් සඵල වේවා! (නි)
වියහියදම් එහෙම කොහොමද දන්නෙ නැහැ. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඔබ වහන්සේගේ කාර්යය සාර්ථක වේවා! (නි)