IMG-LOGO

අස්ගිරි මහ නා හිමි ඉතාලියේ

අග්ගමහා පණ්ඩිත අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම බුද්ධරක්ඛිත හිමිපාණන් මිලානෝ ලංකාරාම විහාරස්ථානයට වැඩම කළහ.
ධර්ම චාරිකාවක් සඳහා මහනාහිමියන් ඉතාලියට වැඩමකළ ප්‍රථම අවස්ථාවද මෙයයි .

කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සි ,කොළඹ සම්බෝධි විහාරාධිපති බෞද්ධයා නාලිකාවේ සභාපති දරණාගම කුසලධම්ම හිමිවරු ද මහා නා හිමි කැටුව වැඩම කළහ.

ශ්‍රී ලංකා  සංඝරත්නය පිළිගැනීම සඳහා  ලාංකික සංස්කෘතිකාංග සමන්විත පෙරහරක්ද පැවැත්විණි

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතාද අස්ගිරි මහනායක හිමියන් බැහැ දිටීය.



අදහස් (0)

අස්ගිරි මහ නා හිමි ඉතාලියේ

තිලින බණ්ඩාර Tuesday, 01 April 2014 08:11 AM

සේන,තමුන්ට වැඩකට නැති ප්‍රශ්න අහන්නේ නැතුව ඉන්න. ඔයාගේ මුදල් පසුම්බියෙන් නෙමෙයිනේ වියදම් වුණේ. (නි)

:       0       0

සේන Tuesday, 01 April 2014 08:31 AM

තිලින, මගේ අයිතියක් එය විමසන එක. (නි)

:       0       0

අසංග Tuesday, 01 April 2014 10:18 AM

සේන, අනවශ්‍යය ප්‍රශ්න අහන්න එපා. ඔයාගේ වියදම ඔබතුමා බලාගන්න. ඔබට තියන අයිතිය මොකක්ද? (ස)

:       0       0

සමන් රණවක Tuesday, 01 April 2014 10:18 AM

තිලින බණ්ඩාර, විමසීමේ අයිතිය සම්මා සම්බුදු රජාණන් අනු දැන වදාල කාරණයක්.මටත් ඒ ප්‍රශ්නය නැගෙනවා. (ස)

:       0       0

රෝෂාන් Tuesday, 01 April 2014 12:48 PM

සේන මහත්මයා, පන්සලෙන් කෙරෙන වෑඩ කටයුතු සහ විය හියදම් ගෑන දෑනගන්න ඉඩක් තියෙන වේලාවක පන්සලට ඈවිත් යන්න.(නදී)

:       0       0

ධනුෂ්ක විමලසුරිය Tuesday, 01 April 2014 12:56 PM

පාප් තුමා ලංකාවට එනතොට තමයි හැමොම් විරුද්ධ වෙන්නේ.(නදී)

:       0       0

දේදුනුපිටියේ උපනන්ද හිමි - ඇමෙරිකාව Monday, 31 March 2014 07:56 PM

අපේ අතිපුජනිය මහානායක මාහිමිපානන්වහන්සේට දිගාසිරි වේවා! (අ)

:       0       0

පිටිගල Tuesday, 01 April 2014 02:00 PM

සේන, ප්‍රදර්ශනය කරන්නේ පණ්ඩිත කමද? මෝඩ කමද? (ස)

:       0       0

පියල් මිලානෝ Tuesday, 01 April 2014 02:30 PM

මහා නායක හිමිපාණෙනි, ගැටුම් නිරාකරණය පිළිබද බණක් ඔය ලංකාරාමේ දායකයන් වෙනුවෙන් පවත්වන්නකෝ. (ස)

:       0       0

වතෝගල ධම්මික හිමි Monday, 31 March 2014 08:55 PM

ඉතාලියට වැඩම කල අතිගරු මහනායක මාහිමි පාණන් ඇතුළු සියලු හිමිවරුන් බ්‍රේසියා බෞද්ධ විහාරය වෙනුවෙන් සාදර ගෞරවයෙන් පිලි ගනිමු. ඔබ වහන්සේලාට දිගා සිරි වේවා (අ).

:       0       0

විපුල Tuesday, 01 April 2014 02:58 PM

මිලානෝ පන්සල පින්බිමක් බවට පත් කළ බලපිටියේ හාමුදුරුවන්ටද අපි තුති පුදමු. (ස)

:       0       0

චන්ද්‍රා Monday, 31 March 2014 09:51 PM

ඉතා අනර්ග චාරිකාවක්, ඔබ වහන්සේලාට දිගාසිරි වේවා!.... (දී)

:       0       0

රෝෂාන් Tuesday, 01 April 2014 04:25 PM

මිට කලිනුත් පන්සල පින් බිමක් තමයි.....හාමුදුරුවෝ පින් බිමක් කරේ නෑ.. ඒ සියලුම පින් පන්සල ආරම්භයෙ සිට සහ සිටින සියලුම ලාංකිකයින් හට හිමිවිය යුතුම වේ [පන්සල අරම්භයේදි සියලුම ජාති ආගමික භේදයකින් තොරව ලාංකිකයින් සිටියා] (ස)

:       0       0

මෙල්පිටියේ විමලකිත්ති හිමි Tuesday, 01 April 2014 12:01 AM

අපේ මහනායක හිමිපාණන් වහන්සේගේ ආශීර්වාදය ධර්මදුතයිනට විශාල ශක්තියක්.නායක හාමුදුරුවන්ට දිගාසිරි පතමි. (නි)

:       0       0

මාලා Tuesday, 01 April 2014 12:03 AM

මා ඉතා ගරු කරන හිමිනමක්... (නි)

:       0       0

උපාලි විරප්පෙරුම Tuesday, 01 April 2014 01:30 AM

ඇති පුජ්‍ය අස්ගිරි මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතළු හිමිවරුන් මිලානෝ ලංකාරාම විහාරයට වැඩම කරව මෙහි වෙසෙන ශ්‍රී ලංකික යන්ට බැහැ දැකීමට අවස්ථාව ලබාදුන් කොටිකාවත්තේ දම්මකුසල හිමිටත්,සබාපති රවී ගලප්පත්ති මහතා ඇතළු දායක මණ්ඩලයටත් මේ පුණ්‍යකර්මයට සහබගිවු අන් හැමටත් අපගේ හද පිරි භක්තිය මෙසේ පුද කර සිටිමු, දිගාසිරි පතමු ! (දී)

:       0       0

තිලක් බර්න්ස් අබයවර්ධන එක්සත්රාජධානිය Tuesday, 01 April 2014 02:39 AM

ඉතාලියට වැඩම කල අතිගරු මහනායක මාහිමි පාණන් ඇතුළු සියලු හිමිවරුන් ට දිගාසිරි වේවා!.

:       0       0

පත්බේරියේ විමලඥාන නා හිමි. Tuesday, 01 April 2014 03:51 AM

ඉතාලි බෞද්ධයන්ගේ වාසනාවක් සිල්වත්,ගුණවත්,නිහතමනී අතිපුජ්‍ය මහා නාහිමියන්ගේ සම්ප්‍රාප්තිය දිගාසිරි! (දී)

:       0       0

සුජීවා Tuesday, 01 April 2014 04:24 AM

තෙරුවන් සරණයි (දී)

:       0       0

සම්පත් Tuesday, 01 April 2014 06:47 PM

ඔබ වහන්සේගේ සියළු කාර්යයන් සඵල වේවා! (නි)

:       0       0

සේන Tuesday, 01 April 2014 07:53 AM

වියහියදම් එහෙම කොහොමද දන්නෙ නැහැ. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

දීපා Tuesday, 01 April 2014 08:06 AM

ඔබ වහන්සේගේ කාර්යය සාර්ථක වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 633 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 356 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 495 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site