IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අස්ගිරි මා හිමියෝ පැරිස් විහාරය විවෘත කරති

පැරිස් නුවර ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නව දෙමහල් විහාර මන්දිරය උඩුගම බුද්ධරක්ඛීත  අස්ගිරි මහා නායක හිමියන්  අතින් විවෘත විය.

විහාරාධිපති  ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක  පරවාහැර චන්දරතන නාහිමියන් ගේ අනුශාසකත්වයෙන් පිංකම පැවැත්විණි.

යුරෝපයේ ශ්‍රී ලාංකික විහාරස්ථානයක ඉදි වු විශාලතම විහාර මන්දිරය මෙය බව චන්දරතන හිමියෝ කියති.

පසුගිය වසර තිහකටත් වැඩි කාලයක් පැරිස් නුවර සිට ධර්ම ප්‍රචාර මෙන්ම සිංහල සංස්කෘතික අංග යුරෝපයට හඳුන්වාදීමේ විවිධ වැඩ කටයුතු වලද නිරතව වැඩසිටින චන්දරතන හිමියන් පැවසුවේ පන්සලේ ආගමික කටයුතු සඳහා සහභාගිවන සැදැහැවතුන්ගේ පිරිස විශාල වශයෙන් වැඩිවීම නිසා ඉඩ පහසුකම් ඇති නව විහාර මන්දිරයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය මතු වු බවයි.

පැරිස් නුවර ආසන්න ල බුෂේ නම් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම විහාරස්ථානය ආරම්භ වුයේ 1988 වර්ෂයේ දීය.

පැරිසියේ ජිවත්වන ශ්‍රී ලාංකික මෙන්ම ප්‍රංශ, ලාඕස, වියට්නාම සහ කාම්බෝජ බෞද්ධයන් මෙම විහාරස්ථානයේ දායකයින් වෙති. ඔවුනගේ සහයෝගය ඇතිව නව විහාර මන්දිරයේ වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා පසුගිය වසරේ මාර්තු මාසයේදී මුල් ගල් තැබිණි.

විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුන විහාර මන්දිරය විවෘත කිරීමේ පිංකමෙහි ප්‍රධාන ආරාධිතයාණන් වහන්සේ වුයේ ශ්‍යාමෝපාලි වංශික නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක ධූරන්ධර  උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනා හිමිපාණන් වහන්සේය.

පිරිත් ධර්ම දේශනයක් ද මහා සංඝරත්නය  සෙත් පිරිත් අභිෂේක ගාථා සඡ්ඣායානය කරද්දී මහා නාහිමියෝ විසින් විහාර මන්දිර දෙකෙහි ස්ථාපිත කර තිබු බුදු පිළිම වහන්සේලා නිරාවරණය කළහ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කටුගස්තොට උපරතන නාහිමියෝ සධාතුක කරඬුව නිරාවරණය කළහ.

ඉහළ විහාරයේ පරිවාර බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිරාවරණය කරනු ලැබුවේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත  මහතා විසිනි.

පිංකමට වැඩමකැර සිටි මහා නාහිමියන් ප්‍රමුඛ 50 නමපිණ්ඩපාතයෙහි වැඩම කළහ.

මහ නා හිමියෝ ඇතුළු එම භික්ෂුන්වහන්සේලා 50 නම පිණ්ඩපාතයෙහි වැඩිම විශේෂ සිදුවීමක් විය.

විහාර මන්දිරයේ සමාරම්භක පිංකම සඳහා ප්‍රංශයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන වලට අමතරව සහ ශ්‍රී ලංකාව, ඇමෙරිකාව, ස්විර්සර්ලන්තය, ඉතාලිය වැනි රටවලින්ද මහා සංඝරත්නය වැඩම කළහ.

කීර්තිමත් බෞද්ධ විද්වතෙකු වන හිටපු තානාපති  ආචාර්ය ආනන්ද ගුරුගේ ද පැමිණ සිටියේය.

ගාලු පළාතේ ප්‍රධාන සංඝ නායක කොතලාවල සමාධි බෞද්ධ විහාරාධිපති මාපලගම බුද්ධසිරි හිමියෝ පිළිගැනීමේ දේශනය පවත්වනු ලැබිය.

ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝ නායක ජිනීවා බෞද්ධ විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික හිමියෝ ප්‍රංශ බසිනුත්  බොරැල්ලේ කොවින්ද හිමි සිංහල බසිනුත් ධර්ම දේශනය පැවැත්වුහ.

ආරාධිත ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ආචාර්ය ආනන්ද ගුරුගේ විසිනි.

පරවාහැර චන්දරතන හිමියන්ගේ සේවය අගයමින් අස්ගිරි මහා නා හිමියන්ට උපහාර පිණිස උන්වහන්සේ වෙත සමරු තිළිණයක් ප්‍රධානය කළහ.

නව බුදුමදුරෙහි තැන්පත් කිරීම පිණිස රහත් ධාතුන් වහන්සේලා සහ බුද්ධ ප්‍රතිමා  වහන්සේ තවලම ධම්මික  හිමියන් විසින්  පුජා කැරිණි.

නව බුද්ධ මන්දිරය ඉදිකිරීමේ වැඩ කටයුතු සඳහා නොමසුරුව උදව් උපකාර කළ සියලුම දෙනාටත් එහි තැන්පත් කළ බුදුපිළිම වහන්සේලා නිර්මාණය කිරීමේදී සහායවූ ශ්‍රී ලංකාවේ මහා සංඝ රත්නය, කළා ශිල්පීන් සහ අනෙකුත් දායකයින් හටත් විහාර මන්ධිරය විවෘත කිරීමේ පිංකම සඳහා සහභාගිවූ සහ උදව් උපකාර කළ සියලුම දෙනාටත්  පරවාහැර චන්දරතන හිමියෝ පින් දුන්හ.

 

 

 



අදහස් (0)

අස්ගිරි මා හිමියෝ පැරිස් විහාරය විවෘත කරති

චින්තක Monday, 07 April 2014 10:24 PM

වාසනාවන් සාධු,,,,,සදු,,,,,,, (දී)

:       0       0

පුෂපා Monday, 07 April 2014 01:53 PM

විහාරාධිපති හිමියන් ඇතුළු හිමිවරු විශාල පිංකමකට දායක වෙලා තියෙන්නේ.(දිල්)

:       0       0

වසන්ත එදිරිසිංහ Monday, 07 April 2014 02:04 PM

සම්මා සම්බුදු සරණයි. මුළු යුරෝපෙටම !!!! (ස)

:       0       0

සුභසිංහ Monday, 07 April 2014 03:12 PM

අපේ හාමුදුරුවනේ.... යුරෝපේ හැමතැනම යනවා වගේ මේ වතාවේ.. (ස)

:       0       0

ලසන්ත Monday, 07 April 2014 03:15 PM

ඔබවහන්ස මොන තරම් වාසනාවන්තද? යුරෝපේ පුරාම වඩින්ට.... ලංකාවෙත් ලොකුම තනතුර හොබවන්ට. (ස)

:       0       0

මාලක Monday, 07 April 2014 03:19 PM

බරපැන දරන්නේ කවුද දන්නේ නැහැ නේද ?(දිල්)

:       0       0

නිහාල් ,සුජාතා Monday, 07 April 2014 05:28 PM

ගරු චන්දරතන නායක හමුදුරුවන් වහන්ස,මෙම මහා පින්කමට දායක වී විශාල පින්කමක් කරගැනීමට අපට ඉඩ ලබාදුන් ඔබ වහන්සේ ජාති ජාති නිවන් දකිත්වා!!!තව තවත් මෙවැනි පින්කම් කිරීමට ඔබ වහන්සේට ධෛර්යය ශක්තිය ලැබේවා!නිරෝගි සුවය චිරජීවනය පතන්නෙමු (නි)

:       0       0

අමිල Monday, 07 April 2014 07:07 PM

යහපත් චේතනාවෙන් කරන සියළු කටයුතු සාර්ථක වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site