රුපියල් අසු දෙලක්ෂ විසිපන්දහසක මැණිකක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළැයි චෝදනා ලබා සිටි මාතලේ මැණික ව්‍යාපාරික කාන්තාවක නීතීපති උදෙස් මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් නිදහස් කැරිණි.
ව්‍යාපාරිකයකු වන ජගත් වසන්ත කෝණාරගේ පැමිණිල්ලක් අනුව මාතලේ වළගම්බා පෙදෙසේ ශ්‍යාමණි මැණිකේට එරෙහිව රහස් පොලිසියෙන් මේ නඩුව පවරා තිබිණි.
වසන්ත කෝණාරගේ පැමිණිල්ල වුයේ තමාට හවුලක් ඇති පතලකින් ඇය තමාට නොදන්වා මැණික් විකිණිමෙන් වංචාවක් කැර ඇති බවයි.
එහෙත් එම කාන්තාව කියා සිටියේ එම පතලේ තනි හවුල්කරු තමා බවයි.
මේ අනුව නීතීපති උපදෙස් මත රහස් පොලිසියේ පැමිණිල්ල ඉල්ලා අස් කැර ගත්තේය.ඇය චෝදනා වලින් නිදහස් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොකද වුනේ? (නදී)
නඩුවක් දිනන්න හොදම ක්‍රමය මේකයි(දී)