ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන තම ගෙවල් අවට තිබිමට ඉඩ දුන්නැයි කියන මොරටු නිවෙස් හිමියන් හයදෙනෙකුට නඩු පවරා තවත් අසු අටදෙනෙකුට රතු නිවේදන නිකුත් කළ බව මොරටුව මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යාලය පවසයි.
ඩෙංගු පරික්ෂක කණ්ඩායම් නිවාස දෙදහසක් පමණ පරික්ෂා කළේය. එම්.එම්.සී.කේ මාන්නප්පෙරුම මහතාගේ මෙහෙය වීමෙන් එම පරික්ෂණ සොයිසාපුර,කල්දෙමුල්ල,අඟුලාන,ලුනාව,කොරළවැල්ල,රාවතාවත්ත,එගොඩ උයන හා මොරටු මුල්ලේ සිදුවිය.
![20160715_100557[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/20160715_1005571.png)
![20160715_135226[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/20160715_1352261.png)
COMMENTS
අනේ මේ මිනිසුන්ට දඩ ගහනවා වෙනුවට ඩෙංගු මදුරුවන්ට රජය මැදිහත් වෙලා අර ඉස්සර කළා වගේ බෙහෙත් ගැහුවා නම් මෙලහටත් ඕවා අපේ රටෙන් දුරුවෙලා. මෙහෙම දඩ ගහල සල්ලි හොයන්න නම් දේශපාලකයෝ මොකටද? (බ)
ඩෙංගු වෑඩී වෑඩී කියලා ඒ කාලෙට විතරක් නටන්නේ නැතුව, හැමදාම පරීක්ෂා කලා නම් මුකුත් නෑ. කොහෙද ඉතින් කිසිම දේකට ප්‍රතිපත්තියක් නෑ අපේ රටේ (හේ)
අනුන්ගේ ගෙවල් සෝදිසි කරන්න කලින් රජයේ ආයතන සහ මාර්ග දෙපස ඇති කාණු සහ කුණු ඉවත් කෙරුවොත් නේද හොඳ. අපි අහලා තියෙන්නේ අවවාදයට පෙර ආදර්ශය කියලා. (නි)
එතකොට අපෙන් බදුමුදල් අරගෙන සුද්ධ නොකරන නගර සභා කාණුවල ඉන්න ඩෙංගු මදුරුවන්න් අසුවුණාම කාටද දඩ ගහන්නේ, නගරාධිපතිලාටද? (ම)
පිළියන්දල වෙද මාවතට ඇවිල්ලා බලන්න. ගරාජ ගොඩක ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන. (නි)
ආණ්ඩුවේ කාර්යාල පරිශ්‍ර , ප්‍රසිද්ධ ස්ථාන අවට කානු පද්ධති , ලොකු ලොකු හෝටල් , කඩ සාප්පු අවට තැන එහෙමත් පරීක්සා කොරලා බැලුවොත් නරකද? මේ දඩ ගැහිල්ලේ තේරුමක් නැහැ. මදුරු වර්ගය මර්දනය කරන්න කිසිම පිලියමක් නැද්ද? ඉස්සර සෞක්‍ය ඇමති කෙනෙක් මේ මදුරුවන්ව කම්බස් කොරන්න කියුබාවෙන් මොනවදෝ ගෙන්වන්න සූදානම් කියල බොරු ජිල්මාට් එකක් දැම්ම මතකද?හැබැටම මේ මදුරුවන් වඳ කරන්න ඉසින බේතක් හොයා ගන්න ඔච්චරම අමාරුද? (අ)
ගෙවල්වල පොල් කට්ටක රඹුටන් ලෙල්ලක තියෙන වතුරට දඩ ගහලා වැඩක් නෑ. පාරට බැහැලා බලන්න ගංගාවල් වගේ කානුවල මදුරුවෝ බුරුතු පිටින් (බ)