IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අෂ්රාෆුල්ටත් තරග පාවාදීමේ චෝදනා

බංග්ලාදේශ ක‍්‍රිකට් පිලේ හිටපු නායක මෙන්ම වර්තමාන ප‍්‍රබල පිතිකරු මොහොමඞ් අෂ්රාෆුල් මුදලට තරග පාවාදීමට සම්බන්ධවී තිබේද යන්න පිළිබඳව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි. සී. සී.) පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ප‍්‍රකාශකයකු පවසා තිබුණේ බංග්ලාදේශ ප‍්‍රීමියර් ලීග් (බී. පී. එල්.) තරගාවලියේදී මුදලට තරග පාවාදීම් සිදුවී ඇත්දැයි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි.

ඩකා ග්ලැඩියේටර්ස් පිලේ නායකයා ලෙස කටයුතු කළ මොහොමඞ් අෂ්රාෆුල් තරග දෙකකදී සිය කණ්ඩායම පරාජයට පත්කිරීම සඳහා මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති බව ද වාර්තා වේ. චිතගොං කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගය පරාජයට පත්කිරීම සඳහා ඩොලර් මිලියනයක පමණ මුදලක් ලබා ගෙන ඇති බවට ද චෝදනා එල්ල වේ.

මොහොමඞ් අෂ්රාෆුල් 2007 වසරේ සිට 2009 වසර දක්වා බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. 28 හැවිරිදි අෂ්රාෆුල් මේ වන විට ටෙස්ට් තරග 61 කදී සහ එක්දින තරග 177 කදී බංග්ලාදේශ පිල නියෝජනය කර තිබේ.

 



අදහස් (0)

අෂ්රාෆුල්ටත් තරග පාවාදීමේ චෝදනා

දර්ශන Saturday, 01 June 2013 07:20 AM

මේ අය තමයි ක්‍රීඩාව විනාස කරන්නේ (දී)

:       0       0

හිල්මි Saturday, 01 June 2013 11:36 AM

මේක ප්‍රවෘර්තියක් ද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site