බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ඇඟට පෙට්‍රල් දමාගෙන මහනුවරදී ගිනි තබාගෙන අපවත්වීමෙන් පසු මහනුවර ඉන්ධනහල්වලින් කෑන්වලට හෝ බෝතල්වලට පෙට්‍රල් නොදෙන බවට දැන්වීම් ගසා ඇත.
කලක් තිස්සේම රට පුරාම තෙල් හල් බෝතල හා කෑන්වලට තෙල් නිකුත් කළේ නැත.
එහෙත් මෑතක සිට එම නීතිය ළිහිල් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර කියන්නේ අපේ රටේ බෞද්ධ ජනතාවගේ ගෞරවයට පත් වුණ නගරයක්. අද වන විට මහනුවර නගරය පුරා සිද්ධ වන අකටයුතුකම් දැක දැක වගකිවයුතු හිමිවරු නිශ්ශබ්දව සිටීම අපිට ලොකු ප්‍රශ්නයක්.මහනුවර නගරයේ අකටයුතුකම් වලට කතා කරන්නේ අනෙක් ප්‍රදේශ වල හිමිවරුන් විතරයි.මේ ගැන ජනතාවගේ අදහස් දැන ගැනීම සදහා කතිකාවතක් සකස් කළ යුතුයි. ඒ වගේම මා සදහන් කළ චෝදනාව සම්බන්ධයෙන් අපගේ අනිකුත් ස්වාමින් වහන්සේලා සහ මල්වතු පාර්ශවයට සම්බන්ධ හිමිවරුන් දරන මතය කුමක්දැයි දැන ගැනීමට කැමැතියි.එය පමණක් නොව රටේ ප්‍රශ්නයක් සිදුවන සෑම අවස්ථාවකදීම උන් වහන්සේලා උන් වහන්සේලාගේ මතය ප්‍රකාශ කරන්නේ බොහෝ ප්‍රමාද වී බව මගේ හැගියි.සියලු දෙනාට තෙරුවන් සරණයි! (නි)
එහෙම හරි කමක් නැහැ මොලේ පෑදුනා නම්
මේවාට කියන්නේ විහිලු කියලා
තණකොළ කපන යන්තර පිරවුම් හලට අරගෙන යන්න ඕනෙද
වහනයක් පැට්‍රොල් නැතුව මග නතර වුණොත්? රටේ වැඩිපුර තියෙන්නේ ප්‍රායෝගික නැති විහිලු (නි)
මිනිස්සු කෝච්චි වලට පැනලා දිවි නසා ගන්න හින්දා මම නම් කියන්නේ දුම්රිය සේවයත් අහෝසි කළ යුතුයි කියලයි. (නි)
චාහන වලට පෙට්‍රෝල් දීමත් නවතමු. නමුත් ඊට පෙර ගව ඝාතනය රටින් තුරන් කරමු. (නි)
එතකොට හෝටල් වල හරක් මස් ? (නි)
ප්‍රශ්නෙට විසදුම ඒකද? කෑන් වලට තෙල් දෙන එකේ වරද මොකක්ද? පෙට්රෝල් කුඩා ප්‍රමාණයක් ඕනෑ අය ඒක ගන්නේ කොහොමද? පෙට්රෝල් අත්‍යවශ්‍ය වෙනත් දේවල් නැද්ද? පාසල් වල පරීක්ෂණ වලට ඕනෑ පෙට්රෝල් ගන්නේ කොහොමද? (නි)
ඒක නම් හොද වැඩක්. ඔයවගේ වැඩ , විපක්ෂයේ දේශපාලන නායකයෝ එහෙම කලොත් .... (නි)
මේ වගේ මෝඩ තීරණ ගන්න මිනිස්සු ඉන්න රටකට මෙහෙම වෙලා තියෙන එක පුදුමද? එතකොට වාහනෙකින් පැට්‍රල් ඇදලා ගිනි තියාගත්තොත් පැට්‍රල් විකුණන එක සම්පුර්ණයෙන් තහනම් කරනවද? (නි)
තේරුමක් නැති වැඩ කරන්න එපා
අතීසාරයට අමුඩය ගැසුවා වැනිය...... (නි)
එතාකොට ලාම්පු තෙල් දෙන්නෙත් නැද්ද
කෑන්වලට හෝ බෝතල්වලට පෙට්‍රල් නොදුන්නට සිලි සිලි බෑග්වලට දෙන්න පුළුවන්නේ? (නි)
මම නම් දැන් ඉඳන්ම ඔලුවේ අං දෙකක් හයි කරගත්තා. රට, ජාතිය, ආගම විනාශ කරන හැටි දිහා බලන් ඉන්න මීට වඩා හොඳ විදිහක් තවත් නැහැ. (නි)
හරක් මස් කෑම ගැන ප්‍රශ්න කරලා පෙට්‍රල් දෙන්න. (නි)
වහන්න ඕනෑ ගව මස් කඩ ටික නේද? (නි)
උපාලි, කෝච්චි මේ රටට හදුන්වාදුන්නේ අධිරාජ්‍යවාදීන්. කෝච්චි තහනම් කළ යුතුයි. පෙර සිංහල රජ දරුවන් කෝච්චි වල ගියාද? කෝච්චි වල යන්නේ අධිරාජ්‍යවාදී ගැත්තන්. (නි)
මහින්ද, අපේ ගම වල ඕන තරම් හරක් වයස්ගත වෙලා මැරිලා වළලනවා. අපේ මහ ගෙදරත් ගිය අවුරුද්දේ එළදෙනක් මැරිලා භූමදානය කළා. වල කපන්නත සෑහෙන මුදලක් ගියා :) මෙතන ප්‍රශ්නේ, තණකොළ කපන මැෂින් වාගේ ඒවා දැන් පැයෙන් පැය ට ෂෙඩ් එකට ගෙනියන්න වෙයි නේද? (නි)
මේවා නම් මෝඩ වැඩ (දී)
මගදී වාහනයක් ඉන්ධන නැතුව හිර වුණොත් වාහනය ෂෙඩ් එක ගාවටම තල්ලු කරගෙන යන්නද? නැත්නම් මැටි මුට්ට්යක් අරගෙන යන්නද දැන් කියන්නේ, පෙට්රල් හරි ඩිසල් හරි ගන්න (නි)
ගිනි තියාගන්න ඕනෑ කෙනා ෂෙඩ් එකෙන් දෙන්නේ නැත්නම් පෙට්‍රල් තියෙන වාහනයකින් හරි තමන්ගේ අවශ්‍යතාවට වුවමනා ප්‍රමාණය ගනීවි. නමුත් මේ තීරණයෙන් පීඩාවට පත්වෙන්නේ පුංචි මිනිස්සු බව තීරණය ගත් මහත්වරුන්ට අමතක වෙලා.ඉන්ධන අවසන් වී මග නැවතුන වාහනයකට පෙට්‍රල් ලබා ගන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන්ද? නැත්නම් මහනුවර පොලිසියෙන්ද? තීරණ ගන්න මිනිස්සුන්ට පිස්සු. එක්කෝ ඔලුව ඇතුලේ තියෙන්න ඕනෑම එක නැහැ. මොකක් හරි වරදක් සිදු වූ විට එයට පැලැස්තර අලවන්නේ ඇයි? මේවා ඇහෙන විට රට ගැනයි කනගාටු හිතෙන්නේ. (නි)
වාහන වලට පමණක් ඉන්ධන නිකුත් කරන නීතිය දියුණු රටවල් වලත් නැහැ. ඇමෙරිකාවෙත් ඉන්ධන අවසන් වූ වාහනය සඳහා කෑන් වලට ඉන්ධන නිකුත් කරනවා. අනවශ්‍ය නීති සහ කොන්දේසි ජන සමාජය කෙරෙහි බරපතල පීඩනයක් ඇති කරනවා. එම පීඩනයේ ප්‍රතිපල දැනට අත්දකින සිදුවීම් වලට වැඩ බරපතල විය හැක. (නි)
ලංකාවේ නීති තියෙන්නේ ක්‍රියාත්මක කරන්න නෙවෙයිනේ. ක්‍රියාත්මක කළත් ඒවා ලොකු පොඩි බේද ඇතිව තමයි ක්‍රියාත්මක වෙන්නේ. (නි)
එහෙම නම් හාඩ්වෙයාර් වල තීන්ත කඩවල ටිනර් ටර්පන්ටයින් විකුනණ එකත් නවත්තන්න වෙයි.වාහනයක් මග හිටියොත් කරුමෙට හරි මිනිස්සුන්ට වාහනේ කරේ තියන් එන්න වේවි තෙල් ගහ ගන්න. ඕවා බොරු තර්ක විතරයි (නි)
පෙට්රල් මිල වැඩි කරාවිද? මේක එහෙම කාලයක්. (ස)
එතකොට ජෙනරේටර් වලට එහෙම ඉන්ධන ගන්න වෙන්නේ කොහොමද ? (නි)
මෙය රජයේ නීතියක්ද ? ඉන්ධන පිරවුම් හල්වල නීතියක් ද ? වී මෝල්, ගස් කපන, තණකොළ කපන ට්‍රැක්ටර් ,ලෑන්ඩ් මාස්ටර් යන්ත්‍ර වලට මෙන්ම ,තුන් රෝද , යතුරු පැදි මග නැවතුනා නම් පෙට්‍රල් , ඩීසල් මිලට ගන්නේ මෙම යන්ත්‍ර ඉන්දන හල් වලට ගෙනිහින්ද? මෝඩ ක්‍රියා නොකර පරණ ක්‍රමය අනුගමනය කරන්න.දෙවියන් වහන්සේගේ නාමයෙන් , ගම්බද ජනතාව අසීරු තත්වයට පත් කරන්න එපා ඉන්ධන හල් හිමියනේ (නි)
පෙට්‍රොල් වාහන හිමිකරුවන් හදිසියකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ගස්මුට්ටියක් හෝ කලගෙඩියක් ළඟ තබාගත යුතුය. කුඩා විදුලිජනක, වතුර පොම්ප, පඳුරු කපන යන්ත්‍ර වැනි යන්ත්‍ර හිමිකරුවන්ටද මෙය අදාළ වේ. සිදුවන අපහසුතාවය ගැන කණගාටු වන අතර මෙය හරක් මස් අනුභව කිරීම නිසා ඇතිවූ අනිසි ප්‍රතිපලයක් බව ප්‍රකාශ කරමු. (නි)
රටේ නීතිය වනාන්තරගත වෙනකොට හිවලුන් මගුල් නටනවා. (නි)
අයියෝ සල්ලි
පිරවුම්හල් මගින් කෑන් වලට සහ බෝතල් වලට ඉන්දන ලබා නොදෙන බව දන්වා සිටියත් නගරවල සහ උප නගරවල ගම්වල සාමාන්‍ය වෙළඳ සල්වල වුවමනා තරම් ඉන්දන ලබා ගැනීමට ඇත (නි)
ජංගම පෙට්රෝල් ෂෙඩ් ඇති කරන අදහසක් සම්මත කරගෙනද? (නි)
මේවා නිකන් විහිළු කතා, තැබෑරුමට ගිහින් අරක්කු ගන්නේ බොන්න කියලා හැමෝම දන්නවා. ඉන්ධන හල් වලින් කෑන්වලට හෝ බෝතල්වලට පෙට්‍රල් ගන්නේ ගිනි තියාගන්න ගන්නද? ඉන්ධන හල් වලින් පෙට්‍රල් නොදුන්නාට බහුතර සිල්ලර කඩවල පෙට්‍රල් වැඩි මිලට ගන්න ඕනෑ තරම් තියෙනවා. (නි)
වාහනේ මග හිටියොත් ෂෙඩ් එකට තල්ලු කරන්නද කියන්නේ? (නි)
බොහොම වෙලාවට වෙන්නේ අශ්වයා ගියාට පසු ස්තාලය වහන එකම තමා. මේ හාමුදුරුවෝ කරපු දෙයින් ගවයින් මැරීම තහනම් වෙන්නේ නැහැ. ඉන්ධන හල් වලින් හදිසි ආපදාවක් සඳහා ඉන්දන ගන්න බැරී වුණ එක විතරයි වුණේ (නි)
හොඳ වෙලාවට පෙට්‍රල් හලාගත්තේ යම් හෙයකින් බුමිතෙල් වක්කර ගත්තනම් තමයි වැඩේ. (ස)
ඕනෑ කෙනා වාහනේක ඉන්දන හරි ගන්නවා. (නි)
අවශ්‍ය තැනැත්තාට මෝටර් සයිකලයකට ඉන්දන පුරවාගෙන ගොස් එම ඉන්දන නැවත එලියට ගත හැකිනේ. මෙයිනුත් අමාරුවේ වැටෙන්නේ එක සැරේ මුළු ටැංකියම ඉන්දන වලින් පුරවාගත නොහැකි ජනතාවයි. (ස)
ප්‍රයොගිකද කියලා හිතා බලන්න
මහනුවර දෙන්නෙ නැත්නම් වයඹ පලාතට පැමිනෙන්න. අපි ඕනෑ තරම් දෙනවා (නි)
දැන් මොනවා කියන්නද? හෙඩිමේ කියලා තියෙන්නේ අපි කියන්න ඕනෑ එකම තමයි (නි)
වාහන මග නැවතිලා කියලා එනවා තෙල් ගන්න. එතකොට දෙන්න වෙනවා. එම නීතිය කරන්න බැහැ (නි)
ඕන් කැකිල්ලේ තීන්දු. කම්මල් බාස් පිහි හදන්නේ මිනිස්සු මරන්න කියලවත් සත්තු මරන්න කියලවත් ගස් කපන්න කියලවත් නෙමේ. පිහිය ගන්න කෙනාගේ අතේ තමයි ඉතුරු හරිය තියෙන්නේ. නිකන් මිස්ටර් බීන්ලා වෙන්න එපා (නි)
100% වැඩක් නැති වැඩක් (දී)
හ්ම් ..එකත් එහමද?..මම වතුර බැරලයක් ගෙනල්ල එකේ ගිලිලා මැරෙනවා.
මම තවම දැකලා නැහැ වයසට ගිහින් මැරුන හරකෙක් භූමිදානය කරනවා (නි)
හෙම්බිරිස්සාවට නහය කපනවා වගේ වැඩක්නේ (නි)