IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අංශභාගෙන් බේරෙන හැටි කියයි

ශ්‍රි ලංකාවේ කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ආඝාතය ඇති විමේ අවදානමක සිටින බව සෞඛ්‍ය  අංශ හඳුනාගෙන ඇත.

රෝගය ඉක්මණින් හඳුනා ගැනිමත්, රෝග ලක්ෂණ පහළ වී පැය හතරහමාරක් ඇතුළත් කර රෝහල් ප්‍රතිකාර  සඳහා  යොමු කිරිමෙන් මරණය හා ආබාධිතවීම වළක්වා  ගත හැකි බව වෛද්‍යවරු කියති.

කට පැත්තට ඇදවීම,මුහුණේ පැත්තක් පණ නැතිවීම, එක් අතක් හෝ පාදයක් පණ නැතිවීම, කතාවේ වෙනසක් ඇතිවීම හෝ කතා  කිරිමේදී  වචන පැටලෙනවානම් මෙම රෝග ලක්ෂණ ආඝාතයේ රෝග ලක්ෂණ විය හැකි බැවින් පමා නොවි  වහාම රෝහලට ගෙන යා යුතු බව ඔවුහු පවසති.

දියවැඩියාව,අධික රුධිර පිඩනය පාලනය නොකරන කාන්තාවන්ටත්,ගර්ඝනි සමයේදී දියවැඩියාවට ගොදුරුවුවන්ටත් සහ උපත්පාලන පෙති භාවිතා  කරන කාන්තාවන්ටත් ආඝාත ඇති වීමේ අවධානමක් ඇති බව හඳුනාගෙන තිබේ.

පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට  ආඝාතයට  ගොදුරු විමේ වැඩි ඉඩක් ඇති බව කියවේ.

ලෝකයේ සෑම තත්පර  දෙදකට  වරක්  කොතැනක හෝ කෙනෙකු ආඝාතයෙන් මිය යන බවත් වාර්තා  වේ.

ලෝකයේ මරණයට  පත්වන රෝග අතරින් ආඝාතය දෙවන ස්ථානය ගන්නා  අතර  වැඩිහිටියන් ආබාධිතයන් වන ප්‍රධානම හේතුව බවට  ආඝාතය හේතුවන බව හඳුනා ගෙන ඇති බව ආඝාත සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය  උදය රණවක මහතා  ප්‍රකාශ කළේය.

ආඝාත රෝගයට  ගොදුරු වන්නන්ගෙන් තුනෙන් එකක් මිය යන බවත් තුනෙන් එකක් තමන්ගේ එදිනෙදා  කටයුත්තක් කර ගැනිමට  පවා  නොහැකි පරිදි ආබාධිත තත්ත්වයට පත්වන බවත්  සහ තුනෙන් එකක් මරණයට  පත්වෙන බවත්  හඳුනාගෙන ඇත.

 



අදහස් (0)

අංශභාගෙන් බේරෙන හැටි කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site