පාසලේ තීන්ත ආලේප කිරීමේ දී නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කළැයි මරදාන අශෝක විද්‍යාලයයේ විදුහල්පති වයි යසරත්න මහතා සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයකින් පසු පළාත් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය චෝදනා පත්‍රයක් නිකුත් කර ඇත.
පළාත් අධ්‍යාපන ලේකම් එස් ජී විජයබන්දු මහතාගේ අත්සනින් නිකුත් කැරුණු චෝදනා පහකිත් යුත් එම චෝදනා පත්‍රයට දින 14ක් ඇතුළත නිදහසට කරුණු ඇතොත් ඉදිරිපත් කරන ලෙස විදුහල්පතිට දන්වා තිබේ.
අදාළ කාළය තුළ නිදහසට කරුණු ඉදිරිපත් නොකළහොත් නිදහසට කරුණු නැතැයි සලකා විනයානුකූලව කටයුතු කරන බව පළාත් අධ්‍යාපන ලේකම් දැනුම් දී ඇත.
මරදාන අශෝක විද්‍යාලයයේ දූෂණ අක්‍රමිකතා වන බව කියමින් පසුගිය වසරේ උද්ඝෝෂණ කිහිපයක්ම පැවැත්විණි. විද්‍යාලයයේ බස් රථය දේශපාලන වැඩට යෙදවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ද විදුහල්පතිට එරෙහිව පැමිණිලි කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිට මොකද කරන්නේ ? සිංහල රජ කාලේ හෝ ෂාරිය නීතිය යටතේ දඬුවම් කරන්න වේවි එයා කරන කියන දේවල හැටියට (බ)
ධර්මරත්න සර්ගේ (පළමු විදුහල්පති) කාලයේ මේ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. (කෞ)