අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොස්ගම මිරිස්වත්තේදී පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය පාලන අධිකාරිය කියයි.

දුම්රියේ එක් පෙට්ටියක් මෙසේ පීලි පැන ඇති අතර එයින් සිල්බර කොටන් 20 - 30 කට පමණ හානි සිදුව ඇති බවත් මාර්ගය යථා තත්ත්වයට පත් කරන තුරු එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර ඇති බවත් කියති.

Train20160419_150432 Train20160419_150432-2 Train20160419_150432-3 train20160419_153322