අවසන් යුද්ධය පැවති මුලතිව් කේපාපිලව් හි නැවත විනාශ වූ නිවාස වෙනුවට යුද හමුදා ශ්‍රමයෙන් අංග සම්පූර්ණ නිවාස 288 ක් ඉදිකොට මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් පී.යූ.එස්.විතානගේ අද (25) බාර දුන්නේය.
මෙම නිවාස ඉදිකිරීමේ සිව් වන පියවර වශයෙන් අංග සම්පූර්ණ නිවාස 19ක් මුලතිව් දිසාපතිනි රූපවතී කේදීස්වරන් මහත්මිය හා මුලතිව් ආඥාපති හිමිකරුවනට බාරදුන්හ. කේපාපිලව් ගම්මානයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ද විවෘත විය.ගමේ ප්‍රාථමික පාසලට විදුලිය ද සැපැවිණි.
මීට වසර 4 කට පෙර වව්නියාව මණික්ෆාම් අනාථ කඳවුරේ සිටි ජනතාව සහ මුලතිව් කේපාපිලව්,පිලාකුඩිඉරිප්පු , සූරියපුරම්,සීනියාමොට්ටෙයි සහ යාපනය අල්ලරායි හි අවතැන් වූවන් වෙනුවෙන් අංග සම්පූරණ නිවාස 287 ක් ඉදිකිරීම සඳහා නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය විසින් මුලතිව් දිස්ත්‍රීක් ලෙකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ.ඩබ්ලිව්.ජේ.සී ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති අධීක්ෂණයෙන් 59 වැනි සේනාංකයේ සේනංකාධිපති සහ 592 බලසේනාධීපතිගේ මෙහෙයවීමෙන් යුද හමුදා සෙබළ ශ්‍රමයෙන් මෙම නිවාස ඉදිවීය.
![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/0112.jpg)
![02[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/0221.jpg)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/031.jpg)
![05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/0511.jpg)
![06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/061.jpg)
![07[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/071.jpg)
![08[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/081.jpg)
![09[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/091.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ යුද හමුදාව ගැන මට ආඩම්බරයි. ලෝකයේ උසස්ම මානුෂීය හමුදාවක්..! (ර)
දෙමල ජනතාව තමන්ගේ භාෂාව තමන්ගේ අනන්‍යතාවය අගයන ජාතියක් (හේ)
ටී එන් ඒ මන්ත්‍රීවරුන්ට මේවා තෙරෙන්නේ නැද්ද? නිකන් අනවශ්‍ය පොලීස් ඉඩම් බලතල ඉල්ලන වෙලාවේ. මේවා තමයි අවතන්වුවන්ට ඉතා අවශ්‍යයි. පොලීස් ඉධම් බලතල නොවෙයි.(හේ)
නිමල් ලලිත, සිරි, ඔබට අපට පෙනෙන සමහර අයට නොපෙනෙනවා වගේ ඉන්න මේ අමුතු සහජීවනය වෙන රට වල නැති අමුතුම එකකි.. (ර)
මේ වගේ වැඩකරන හමුදාවල් ලෝකේ මොන රටේද ඉන්නේ. ඇයි ඔබාමාට, බැන්කි මූන්ලාට, පිල්ලේ නෝනලාට මේවා පෙනෙන්නේ නැත්තේ ? (ර)
සම්බන්දන් සහ විග්නේශ්වරන් මොකද මෙතන නැත්තේ? (නි)
මෙච්චර කරද්දීත් කාගෙන්වත් අපේ හමුදාවටත්, රටටත් හොඳක් අහන්න නැති හැටි. ඇදකුද හොයන්නමයි කට්ටිය ඉන්නේ. (නි)
හදවතින්ම සතුටුවෙනවා (නි)
කරන ලද කාර්යය ඉතාමත් අගය කළයුතුය. එහෙත් මෙහි පෙනෙන විවෘත කිරීමේ පුවරුවේ සිංහල නැහැ. ඇත්තේ දෙමළ සහ ඉංග්‍රීසි පමණි. දකුණේ වැසිකිළියක් විවෘත කළත් දෙමළ භාෂාවන්ද සටහන්ව ඇත. දැන් උතුර මේ ශ්‍රී ලංකාවේ කොටසක් නොවෙයිද? මේකද ඔය මහා ලොකුවට කියන සහජීවනය? (නි)
සහජීවනය උපන්නේ හදවත් වලය (බ)
මේවා අගය කළයුතු වැඩ (නි)
වැඩේ හොඳයි. නමුත් කාටහරි පුලුවන්ද අපේ ජාතික කොඩිය කොහෙද කියලා මට පෙන්වන්න? (නි)
මේ වගේ වැඩකරන හමුදා වෙන ලෝකේ මොන රටේද ඉන්නේ? (නි)
දමිළ ජනතාවත් මේවා තේරුම් ගන්න ඕනෑ (නි)