ඉරානයේ "ටෙහෙරාන්" නගරයේදී දැන් පැවැත්වෙන ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියේ සුපිරි වටයේ තරග වදින ශ්‍රී ලංකාව පෙරේදා (26) පැවැති තරගයකදී ප‍්‍රබල දකුණු කොරියාවට එරෙහිව වට 3/0 ක (13/25, 13/25, 31/33) පරාජයක් ලැබීය. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිව ගියත් ඔවුන් තරගාවලියේ පස්වැනි ස්ථානයේ සිට අටවැනි ස්ථානය අතර ස්ථානයක් ලැබීමේ අපේක්‍ෂාවෙන් තවදුරටත් තරග බිමේ රැුඳී සිටිති. ඒ අනුව ඊයේ (27) ඔවුන් සත්කාරක ඉරානයට එරෙහිව සුපිරි වටයේ තෙවැනි තරගයට සහභාගිවීමට නියමිතව සිටියේය. කොරියාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් වුවත් තෙවැනි වටයේදී ඉතා තියුණු සටනක් කොරියානුවන්ට එරෙහිව දියත් කිරීමට නරඹන්නන්ගේ තියුණු අවධානයට යොමු විණි. වසර 1975 තරගාවලිය ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකාව එහිදී හොඳම දස්කම දැක්වීමට මෙවර තරගාවලියේ දැනටමත් සමත්ව සිටියි. ඒ සුපිරි වටයේ හොඳම කණ්ඩායම් අටට දැනටමත් පැමිණීමට සමත් වීමෙනි. මීළඟ තරගයේදී ඉන්දියාව හෝ පාකිස්ථානය පරාජය කරමින් තරගාවලියේ අවම හත්වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව අපේක්‍ෂාවෙන් පසුවන බව වොලිබෝල් සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වින් කොමදෝරු පද්මන් කොස්තා මහතා පවසයි. මෙවර තරගාවලියේ වූ පෙරළිකාර සිදුවීම් අතර ශ්‍රී ලංකාව ඉන්දුනීසියාව පරාජය කරමින් සුපිරි කණ්ඩායම් අට අතරට පිවිසීමත් ඉන්දියාව විසින් ප‍්‍රබල ජපානයත්, චීනය විසින් කොරියාව පරාජය කිරීමත් කැපී පෙනේ. තරගාවලිය නිමවා ශ්‍රී ලංකා කණ්ඩායම පෙරළා හෙට (29) දිවයිනට ළඟා වේ.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවසන් වටයේදී ශ්‍රී ලංකාවෙන් කොරියාවට හොඳ සටනක්