IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අවසන් මොහොතේදී රත්නම් පිලට ජය

තරගය පුරාම පසුපසින් සිටි නමුත් අවසන් විනාඩි කිහිපයේදී තීරණාත්මක ගෝලය ලබා ගනිමින් ඩයලොග් ශූරතා ලීග් පාපන්දු තරගාවලියේ රත්නම් සහ පොලිස් කණ්ඩායම අතර සිටි පාපන්දු සංකීර්ණ කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයේ ජයග‍්‍රහණය උදුරා ගැනීමට රත්නම් පිල සමත් වූයේය. මෙවර තරගාවලියේ ප‍්‍රථම ජයග‍්‍රහණය හිමි කර ගැනීමට සියලූ වෙර වෑයම් දැරූ පොලිස් කී‍්‍රඩකයන් අතින් ගෝලයක් ලබා ගැනීමට තිබූ අවස්ථා හතක් ම ගිලිහී ගියේය. ඒ වෙනුවෙන් නදීක පුෂ්පකුමාර, රජිත ජයවිලාල් සහ මොහොමඞ් රාෆි යන කී‍්‍රඩකයන් තම උපරිම දායකත්වය ලබා දුන්න ද ඒ  සියලූ උත්සාහයන් අපතේ ගියේය. දෙවන අර්ධයේ 68 වැනි මිනිත්තුවේදී ද යළිත් වරක් අංක 10 දරන ඩිලාන් ප‍්‍රනාන්දුට ගෝලයක් වාර්තා කිරීමේ අවස්ථාවක් යළිත් ලැබුණු නමුත් එය ද ඔහු අතින් ගිලිහී ගියේය. එහෙත් අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් මොහොමඞ් නිලූෆර් 73 වැනි මිනිත්තුවේදී ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළේ තරගය නිම වන තුරු ගෝලයක් වාර්තා කිරිමට පොලිස් කණ්ඩායමට ඉඩ නොතබමිනි. බ්ලූස්ටාර් පිලට වාර්තා ගත ජයක් ෆර්සීන්ගේ ගෝල තී‍්‍රත්වයෙන් කළුතර වර්නාන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගනයේදී පැවැති බ්ලූස්ටාර් පිල සහ නන්දිමිත‍්‍ර කණ්ඩායම අතර තරගයේදී 7 - 0 ක අති විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමිකර ගැනීමට බ්ලූස්ටාර් පිල සමත් වූයේය. කළුතර වර්නන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගනයේදී පැවැත්වුණි. තරගයේ පළමු ගෝලය ඒ. ඩබ්ලිව්. එම්. ෆර්සීන්ගේ ලබාගත් අතර පළමු අර්ධය නිමා වූයේ ගෝල 5 - 0 ලෙස තරගයේ වාසිය බ්ලූස්ටාර් පිලට හිමිකර දෙමිනි. දෙවන අර්ධයේදී ද යළිත් කි‍්‍රයාත්මකවූ ෆර්සින් තවත් ගෝලයක් වාර්තා කරමින් ගෝල ති‍්‍රත්වයක් වාර්තා කළ අතර තරගයේ හත්වැනි ගෝලය ලබාගත්තේ කළේ එම්. ෆහිර්ය. ශ්‍රී ලංකා යුද හමුදා පිලට විශිෂ්ට ජයක් දැඩි සටනකින් පසු තරගය 2 - 1ක් ලෙසින් විශිෂ්ට ජයග‍්‍රහණයක් කරා යාමට ශී‍්‍ර ලංකා යුද හමුදා පිල සමත් වූයේය. ඒ නාවික හමුදා පිලට එරෙහිවය. සියලූ ගෝල තරගයේ පළමු අර්ධයේදී වාර්තා වූ අතර දෙවන අර්ධයේදී කී‍්‍රඩකයන් ගෝල ලබා ගැනීමට වෙර දැරූ නමුත් ඒ සියලූ අවස්ථා ඔවුන්ට මග හැරිණ. රියාස් මොහොමඞ් සහ සුදර්ශන ගුණසිංහ ජයග‍්‍රාහකයන් වෙනුවෙන් ගෝල ලබා ගත් අතර නාවික හමුදාව වෙනුවෙන් ලද එකම ගෝලය වාර්තා කළේ ඊ.ඒ.සී.සංජීව විසිනි. 73 වැනි මිනිත්තුවේදී ජයග‍්‍රාහී ගෝලය



අදහස් (0)

අවසන් මොහොතේදී රත්නම් පිලට ජය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site