සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලිය ආරම්භ වන විට පැවැති එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අනුව ප‍්‍රසාද ලකුණු 108 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගාවලිය අවසන් කළේ තවත් ප‍්‍රසාද ලකුණක් අහිමි කරගනිමිනි. ඊට හේතුව වූයේ අවසන් තරගයේදී ඉන්දීය පිල හමුවේ ලද පරාජයයි.
අවසන් තරගයට පෙර දිනයේ ප‍්‍රසාද ලකුණු 108 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිලට බ‍්‍රහස්පතින්දා පැවැති අවසන් තරගයේ අවසන් ඕවරයේදී ලකුණු 15 ක් නොදී රැකගත හැකිවූයේ නම් සෙල්කොන් කුසලානය කිහිළි ගන්නාගෙන සියරට පැමිණීමේ අවස්ථාව පමණක් නොව, එක්දින ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේදී ප‍්‍රසාද ලකුණු 109 ක් ලබාගනිමින් දකුණු අපි‍්‍රකානු පිලට වඩාත් ආසන්න වීමේ අවස්ථාවක්ද තිබිණ.
එසේ වූයේ නම් ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන එක්දින තරගාවලියේදී දකුණු අපි‍්‍රකානුවන් මෙල්ල කිරීම මත එක්දින ශ්‍රේණිගත කිරීමේ තවත් පඩියක් ඉහළ නැගීමේ අවස්ථාවද ඇන්ජලෝ මැතිව්ස් සහ පිරිවර සතුව තිබිණ.
ඒ බලාපොරොත්තු සියල්ලම එක ඕවරයකදී ගිළිහී ගියේ ශමින්ද එරංගගේ පන්දු 3 කින් ලකුණු 16 ක් ලබාගැනීමට මහේන්ද්‍ර සිං දෝනි සමත් වීම නිසාය.
සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලිය ආරම්භ වූ ජූනි 28 වැනිදා සිට ජූලි 11 වැනිදා දක්වා ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රසාද ලකුණු වෙනස් වීම..
(සංඛ්‍යාත්මක දත්ත සැකසුම : රොෂාන් ගුණරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈන්ජලෝව ටික කලකට විවේක ගැන්වූවොත් හොද නැද්ද? (නි)
දෙව්මින්, ලක්මල්ව මොනවටද ඉවත් කරන්නේ.. ලක්මාල් ගොඩක් හොදින් පන්දු යැව්වා. (දී)
දෝනි දක්ෂ ක්‍රීඩකයෙක් වගේම කපටි කෙනෙක්. ඔය රටේ හැම කෙනෙක්ම බලන්නේ මොන විදිහෙන් හරි දිනන්න. දෝනි විකට් එකට අව වෙලාවේ ඉදල ලකුණු ගන්න බැරිව හිරවෙලා උන්නේ. එය අන්තිම ඕවරයට ගත්ත බට එක ගැනනම් ලොකු සැකයක් ඇතිවෙනවා. මේ වගේ වෙලාවක අසාමාන්‍ය බට එකක් පවිච්ච්චි කල කියල හිතන්න ඉඩ තියනවා (දී)
මගේ අදහස ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න තුන් ඉරියව් ක්‍රීඩකයන් මදි තිසර කණ්ඩායමේ ඉන්න ඕන ඒවගේම තව අලුත් නවකයින් සොයගන්න ඕනේ (දී)
මීට පස්සේ ඉන්දියාව එක්ක තියෙන කිසිම තරගයකට මාලිංගව දාන්න එපා. හොදට හිතලා බලන්න එයා අනිත් රටවල් වලට හොදට බෝල් කලාට ඉන්දියාවට හොදට බෝල් කරන්නේ නැහැ නේද. මෙයාව අයින් කරලා හොද අලුත් කොල්ලෙක් ගන්න තරග දිනන්න ඕනෑ නම්. තිරිමන්නව ටෙස්ට් වලට විතරක් ගන්න. තිසරව ඔපන් එවන්න ඩිල්ශාන් එක්ක. තරංග වුනත් හාවා හද දකින්න වගේනේ ගහන්නේ. මීලග ලෝක කුසලානේ වෙනකම් මහේල නායකයා වෙලා සංගා උප නායකයා වෙන්න ලංකාවේ ක්‍රිකට් බේරගන්න නම්. (දී)
මෙන්න මේ අගර් අපේ කණ්ඩායමට දාලා නායකයා කරමු. මේ මිනිහා බිම දිගේ ගහලා තරග දිනන්නේ. මේයාලා මොලේ උඩ වැඩිවෙලා ප්‍රතිචාර කරනවද.?(නදී)
ඔයාලා හක්ක පනිනකම් කැගහුවත් මම කරන්නේ මට ඕන දේ, එනවා මෙතන මට උගන්වන්න. අනේ මේ ,වැඩක් බලන් යන්න.(නදී)
ඇත්තටම අපේ අය බොහොම දුර්වලයි ඉන්දියා කණ්ඩායම එකට ගහනකොට මට හිතෙන විදියට ඇන්ජෙලෝ වාසනාවන්ත මදියි ලංකාවේ ටීම් එක ගිනියන්න. නායකයි උප නායකයි දෙන්නම අයින්වෙලා කාටහරි දුන්නනම් හොදයි. තෝරණ කොමිටියේ ලොක්කයි පුහුණු කරන කෙනාවත් මාරුකොරොත් ඉදිරියට යහපතක් වෙයි (අ)
ශාමින්දගේ කතාව හරි ජනක මොනාද මේ කියන්නේ නායකය ලොක්ක වගේ ඉන්නේ නැතුව සොක්ක වගේ ඉන්නද කියන්නේ.(නදී)
අනේ දෙවියනේ, අර 96 තිබුනා වගේ කුසලානයක් දිනන්න පුළුවන් අපේම කියලා කණ්ඩායමක් හොයලා දෙන්න. (දී)
තේරීම් කමිටුවට නැවත අරවින්ද ද සිල්වා පත් කරන්න කාලය හරි. (ස)
මීට පස්සේ මැච් දිනන්න නම් රමිතව දාන්න. ඊට අමතරව මෙතන කමෙන්ට් දාන වීරයෝ දහයක් විතර දැම්මනම් අපි දිගටම දිනනවා.(නදී)
මට නම් හිතෙන්නෙ, අපි ලකුණු ගත්ත මදි කියලයි. චන්දිමාල් වගකීමක් නැතිව කටයුතු කලේ. මැදපෙල අන්තිමයි. හැමදාමත් සන්ඝා, මහේල මත රැදිල තියෙන්නෙ. අපට හදාගන්න හුගක් දේවල් තියෙනවා.(නදී)
මෙහි පලවී ඇති අදහස් වලින් ඉතාමත් පැහැදිලි වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කිසිම දෙයක් නොදන්නා අයයි. මෙයාලා කුඹුරේ ක්‍රිකට් ගහන අය ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්. අද මහේන්ද්‍ර සිං දෝනි කියන්නේ එක්දින තරග 220 කට ක්‍රීඩාකළ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් අපි එදා මැච් එකේ ලබාගත් කඩුලු 9 තුල දෝනි සිටියානම් අවසන් ඕවරය තුල ජයග්‍රහණය පිලිබඳ විශ්වාසයක් තැබිය හැකි වෙනවා. නමුත් ඔහු කඩුල්ලේ රැදී සිටියානම් කෙසේ හෝ උපරිම දක්ෂතාවයෙන් තරගය ඔහු දිනා දෙනවා තම කණ්ඩායමට. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් දෝනි තමා හොඳම තරග අවසන් කරන්න. මේක හැමෝම පිළිගත් සත්‍යක්. අපි තරග පරිදන පරිදින හැම මොහතකම කණ්ඩායම වෙනස් කරන්නයි නායකයා වෙනස් කරන්නයි බැහැ. එහෙමනම් නවසීලන්තයේ "ස්ටීෆන් ෆ්ලෙමින්" කියල නායකයෙක් බිහිවෙන්න බැරි වෙලා ඇති. අපිට තිබුන අවාසිය අවසාන පන්දු වාරය දෝනි වගේ ක්‍රීඩකයෙක්ට පන්දු යවන්න තරම් ශාමින්ද එරංග පළපුරුදු නොමැතිකම විතරයි.(නදී)
මෙහි සම්පුර්ණ වගකීම නායකයා බාරගත යුතුය ,අවසාන පන්දු වාරය මාලිංගට පන්දු යැවීම සදහා තබා ගත යුතුය. නායකයි උප නායකයි දෙන්නම අයින්වෙලා කාටහරි දුන්නනම් හොදයි, ඇයි කිවොත් නායකයා යන්නේ හරි උඩින් වගේ,අපේ කණඩායමට තැන (හැසිරීම සම්බන්දව ) එකත් මේ නායකයා නැති කරන්න යන්නේ ,හැම තරගයකම ප්‍රසන්ටෙස්න් එකේදී කිසිම ගෞරවයක් නැතිව කථාව පවත් වල මු යන්නේ ලෝකෙටම එකයි කියලා හිතාගෙන . (අ)
තවත් ඉන්දියාවත් එක්ක තියන ඒවා කිසිදෙයක් බලන්නේ නෑ කියල හිතුනා. (ස)
එක්දින අවසන් ඕවර් ලෝකෙට ලොක්කා මාලිංග තමන් ළඟ ඉන්දෙද්දී නවකයෙකුට දෝනිට බෝල් කරන්න දුන්න නවකයා කවුද ?(නදී)
අවසාන ඕවරය එරංගට දුන්න නිසා අපි පැරදුනා කියන එක වැරදියි. මොකද 47 වෙනි ඕවරය වෙද්දී විකට් 9ක් ගිහින් තිබුනේ. මැතිව්ස් කලදේ හරි. අවසාන විකට් එක ගන්න මාලිංඟ 48 ඕවරය දැම්මා. නමුත් දෝනි ලකුණු වලට ගියේ නැහැ. නමුත් එරංග ඒ වෙලාවේ දැම්මා නම් මැච් එක 50 වෙනි ඕවරය වෙනකන් නොයන්නත් තිබුනා. එහෙනම් මේ දැන් මැතිව්ස්ට බනින කට්ටිය කියන්නේ අර විකට් 9ක් ගිය වෙලාවේ මාලිංගව ගේන්නේ නැතිව එරංගට මොකට ඕවරය දුන්නද කියලා. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ කතා නොකියා ලකුණු 200 ට හොඳ සටනක් දුන්නා. සහනයක් දෙන්න තිබුනා ඒක ෆිනල් එක නිසා. තව එකක් දෝනි වැරදි විදියට ලකුණක් ගනිපු වෙලාවේ ක්‍රීඩාවේ මහත්මා ගුණය පෙන්වමින් මැතිව්ස් දැවී යමකට ඉල්ලිමක් කලේ නැහැ. එසේ කරානම් අපි තරගය දිනුම්. නමුත් එසේ නොකිරීම අගය කල යුතුයි. එහෙම දිනන්න ශ්‍රී ලංකාවට අවශ්‍ය නැහැ. පැරදුනත් ගේමක් දුන්නා. මම නම් හිතන්නේ මැතිව්ස්ට නායකයෙක් විදියට අනාගතයක් තියෙනවා. ඉවසන්න, වෙන අයෙකුට නම් නායකත්වය දෙන්න එපා මේ වෙලාවේ.(නදී)
ඇත්ත
හැමදාම අපි අනු ශූරයෝ. (ස)
මම නම් කියන්නේ ලංකාව කියන්නේ අච්චාරුවක්. ඒක කාටවත් තේරෙන්නෙ නැහැ. මම ඔයාට හදවතින්ම සුබ පතනවා අයියේ! (නි)
මගෙ අම්මෝ! හරිම විචාරකයො ටිකක්නෙ අදහස් දාලා තියෙන්නෙ. මට පේන්නෙ ක්‍රකට් ගැන මුකුත් දන්නෙ නැත්තෙ අපේ ටීම් එක විතරයි. (නි)
අපේ ටිම් එක කිසි සමබරතාවයක් නේ. මැද පෙළ සවිමත් කරපු ක්‍රීඩකය ලංකාවේ.තිසර පෙරේරා ,ඔහු මතිච් කියක් දිනලා දීල තියෙනවද ,අනික තුන් ඉරියව් ක්‍රිඩකයෙක් මාලිංගට ඔවෙර් 8 දීත් 56 ගහල් තිබුන.මලින්ගගෙන් ඉන්දියාවට කිසිම තර්ජනයක් නෑ (අ)
ශාමින්ද ඔයා බන කියනවා යනවා හලෝ යන්න (අ)
මැතිව් ට ඕවරෙකට ගහල තියන රේට් එක හරිම අඩුයි .මින් ඉදිරියට එවැනි තීරණාත්මක ඕවරය මැතිව් විසින් යැවිය යුතුය .මිනිහත් ඔලුව පාවිච්චි කරලා දානවා .මැතිව් නායකත්වයේ තියන්න (අ)
රාජුන්, ඔයා ක්‍රිකට් ගැන දන්නෙ නැත්නම් සද්ද නැතිව ඉන්න. අපිට අපේ රටේ ක්‍රිකට් ටීම් එක ගැන කතා කරන්න බැරිද? නිකම් බොරුවට පුප්පන්න එපා.(නදී)
අනේ චන්දිමාල්, අයි.පී.එල් යන්නෙත් නැතිව පුහුනු වුනේ මේකටද? (නදී)
උප නායකයා වහාම කණ්ඩායමෙන් ඉවත්කරන්න (අ)
අපිට කුලසේකර හිටිය නම් දිනන්ද තිබුන කියයි මගේ අදහස. කෙසේ වෙටත් මාලිංගට ටිකක් නිවාඩු දුන්නට කමක් නා. දැන් සල්ල ඇතුව ඇතිනේ. තිසර පෙරේරා ගෙන් සහ ජීවන් මෙන්ඩිස් ගෙන් වැඩ ගඳ පුළුවන් කියලා මම හිටනවා. අපේ පුහුණු කරුවෝ ඒ අයව හරි මගට ගන්ඩද එපයි. ජසූරිය මහ්ටයත් අමතක වීම් වෙන හදයි.මගේ අදහස අරවින්ද තේරීම් කමිටුවට වැඩ සුදුසු බවයි. ඔහුත් සමග දෙසපලනයට ඉඩක් නම් නෑ (අ)
මැතිව් පරිනත නයකෙයෙක් නොවේ.සංගක්කාර සහ මහේල නැත්නම් අවසාන තරගයටත් පැමිණීම සිහිනයක්.ඔවුන් නැති දාට ලංකාවේ ක්‍රිකට් ආදාහනය කරන්න වෙනවා.කුසල් පෙරේරා ක්‍රිකට් ගැසීම ලෝකයට විහිළුවක් වෙලා.ඔහු තරග කියක් අසමත්ද ? තිසර පෙරේරාට කව්රුත් නොදන්නා තේරීම් කමිටුවේ කතුරට අහුවෙලා. (අ)
අපි ඉස්සර අසාවෙන් ක්‍රිකට් තරග බැලුවා. දැන් නම් ආසා නැහැ මොකද අපේ අය දැන් නිකම් බංගලිදේශයේ වගේ වෙලා.(නදී)
ශාමින්ද එරංග දැන් ඔයා පොල් කඩන්න ගියොත් හොදා ඔයා ලගදි කසාද බැදපු නිසාද මෙහෙම පන්දු යව්ව්වේ බුදු පුතේ ඔයත් හරියට චම්පක රමනයකේ ඒ කලේ බෝල් කලා වගේ පන්දු දැම්මේ අය්යෝ ක්‍රිකට් (අ)
ලොක්කෝ පැත්තක තියලා සොක්කෝ මැච් වලට ගිනියනවා. තිසර පෙරේරා එක්ක පුද්ගලික තරහක් ඇති.(නදී)
තිසර පෙරේරා තේරීම් කමිටු කතුරට කැපිලා එක පුද්ගලික තරහාවක්. (අ)
සමින්ද හොදට පන්දු යැව්වා, නමුත් කපටිකම අතින ලංකව ටිකක් මදි, මොකද හොදට පන්දු යැව්වා කියල අන්තිම ඕවර් එක දෙන්න එපා , අපේ කණ්ඩායම පන්දු යවන්නම් යොදවන ආකාරය අනික් කණ්ඩායමේ කට්ටිය නොදන්නෙන්න මාරු කර ගන්න ඕනේ (අ)
තිරිමාන්න, කුසල්, චංදිමාල්,එරංග,ලක්මාල් කණ්ඩායමෙන් ඉවත්කරලා තිසර,දිමුත්,කිත්රුවන්,ස.ප්‍රසන්න ඉතාම ඉක්මනින් එක්දින කණ්ඩායමට කැදවන්න.(නදී)
ඇන්ජෙලෝ සහ චන්දිමාල්ගේ වගකීම් රහිත අය පරාජයට ප්‍රධාන හේතුවී. මේගොල්ලන්ට බිමදිගේ ස්ථානගත පහරවල් එල්ල කරන්ට දන්නෙම නැතිද. ලංකාවෙ හොඳ දක්ෂ එල්ලේ පිතිකරුවන් ගෙන් ඒගොල්ලන්ට ඉගෙන ගන්ට පුළුවන් ස්ථානගත පහරවල් ගන්නෙ කොහොමද කියල. දක්ෂ එල්ලේ ක්‍රීඩකයෙකුගෙන් ඒවාට උපදෙස් ගත්තොත් වැඩ හොඳි මට හිතෙන්නයි.
දිල්ෂාන් , කුසල් ,සන්ගක්කාර , මහේල , චන්දිමාල් ,මැතිව්ස් , කුලසේකර ,තිසර, රංගන ,සචිත්‍ර , මාලිංග හැර තව හොද වේග පන්දු යවනක්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්දියාවට එරෙහි තරග වලට හොදයා කියලා හිතනවා. මාලිංග ඉන්දියාවට එරිහිව තරගයකදී ලබා ගෙන තියන වැඩිම කඩුලුගණන 3යි. ඒකත් 1 තරගයකදී විතරයි (නි)
සන්තෝෂයි වෙන කියන්න දෙයක් නෑ (අ)
කවුද තිසර පෙරේරාට මෙච්චර වගකීමක් දෙන්න තීරණය කළේ? (නි)
අගර් කියල නෙමේ මම ලිව්වේ ,අර මට කලින් ප්‍රතිචාරයක් දාලා තියෙන නිගර් කියන කෙනා ගැන. මිනිහා බිම දිගේ ගහන්න දන්නා කෙනෙක්. ඒ මිනිහව නායකයා කරලා තව ඔය අපේ කණ්ඩායම විවේචනය කරන ක්‍රිකට් ගැන හොදටම දන්නා බක පණ්ඩිතයෝ 10ක් අරගෙන කණ්ඩායමක් හදන්න. (නදී)
අපේ කට්ටිය අයි.පි.එල් ගහනකම් ඉන්දියාවට ගහන්න ලැබෙන්නේ නැහැ අපෙ අයගේ ට්‍රික්ස් උන් සේරම අල්ල ගන්නවා (අ)
මේ වෙලාවට මතක් වෙන්නේ චමිද වාස්ව.ලකුණු පහලවක් බේරගන්න බැරිනම් අවසාන තරගයක අන්තිම විකට් එකට.මොනවට ද සෙල්ලම් කරන්නේ.(අ)
කුසල්, චන්දිමාල් දෙන්නම නැතුව අඩුම තරමේ ජීවන් දැම්මා නම් තරගය වෙනස්වන්න තිබ්බා.(නදී)
තිසරව ගෙනිච්චේ නැත්තේ මොකද? ගියානම් මැච් එක මීට වඩා වෙනස් වේවි නේද? (දී)
අතීතයේ වෙන්දේසියේ විකුනුනේ ගණිකාවන් සහ වහල්ලු පමණි. අද ක්‍රීඩකයන් වෙන්දේසියේ විකිනෙනවා. ඔවුන්ට ගානකට ලංසුවක් තියනවා. ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියල විකුනුනාට පස්සේ එයාල තමුන්ගේ ගාන ඉහල දමාගන්න එක ගැන තමයි දවස පුරාම කල්පනා කරන්නේ. රට වෙනුවෙන් අපේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කල කාලේ ඉවරයි. මේකට ක්‍රීඩකයන්ට දොස් කියල වැඩක් නැහැ. මේ රටේ උගත් කමට, මහත්මා කමට,නිහතමානී කමට, ගරු කරන කාලේ ගියා. දැන් හැමෝම ගරු කරන්නේ සල්ලි වලටනේ. ඉතින් මෙහෙම කාලෙක අපී කොහොමද ක්‍රීඩකයන්ගෙන් විතරක් රට වෙනුවෙන් විතරක් ක්‍රීඩා කරන්න කියල ඉල්ලන්නේ. මේ පවතින ක්‍රමය වෙනස් කරනතුරු අපිට ආයෙත් ඉස්සර වගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන ළමයි දකින්න වෙන්නේ නැහැ. හැමෝම එකතුවෙලා මේ ක්‍රමය වෙනස් කරන්න බලන්න. පත්තරවල මහත්තුරැ දිවා රෑ නොබලා තොරතුරු එසැනින් ගෙනාවත් ජනතාව කිසිම දෙයක් කරන බවක් පෙන්න නැහැ. අඩු ගානේ තියන මොකක් හරි චන්දයකදී සේරම එකතුවෙලා මේවට විරෝධයක් දක්වන්න චන්දය නොදුන්නොත් අපි හැමෝම මේ ක්‍රමය අනුමත කල අය වනු ඇත. එවිට මත පල කිරීමද පලක් නොවනු ඇත.(නදී)
හොද වැඩේ පකිස්ථානයට අපේ රටේ ඉන්න මුසිලිම් අයත් පකිස්ථානයට සහයෝගය දුන්නෑ පකිස්ටනය 6 වන ස්ථානයට වැටි ඇත . ජයවේව! (අ)
දකුණු අප්‍රිකා මුල් තරග දෙකේ මැතිව්ස් ඉන්ටඩික් කරපු එකයි වැඩේ (නි)
මේකට වග කියන්න ඕනේ අයි.පී.එල්. ඉන්දියාවට අපේ අයගේ බෝල දැන් පෙනෙන්නේ පුට්බොල් වගේ. අයි.පී.එල් කියන්නේ ඉන්දියාව හැදිලා අනිත් රටවල ක්‍රිකට් භංග වෙන වැඩක්.(නදී)
අපේ කරුමෙටම තමා දෝනි සෙල්ලම් කලේ. (දී)
අනේ මන්ද බන් , දැන් ටීම් එකේ ඉන්න උන් නපුංසකයෝ කියල මට නම් හිතෙන්නේ . එක කාලයක් අපේ ටීම් එක eන්දියාවට ටීම් එක අරන් දුවන්න ගැහුවා, දැන් නිකන් (අ)
දෝනි ට මෙච්චර බය මොකද දෙයියනේ? ලකුණු 15 බේරගන්න තිබ්බ හේරත් බෝල් කරානං. මොලයෙන් වැඩක් ගන්න කෙනෙක් ට මේ වගේ වගකීමක් දුන්නේ නැත්තේ ඇයි? (අ)
මම කියන්නේ නැවත මහේලට නායකකම දෙන්න. චන්දිමාල් එපා, තිරිමාන්න එපා.(නදී)
මාලිංගට ඕවරය දුන්නා නම් මෙහෙම වෙන්නේ නෑ. (ස)
අන්ජෙලෝගේ නායකත්වය හෙමෝම දෙක්කා. අඩුම ගැනේ මලින්ගාව ලාස්ට් ඔවෙර් එකට තියාගන්නේ නෙතිය එංග්ලන්ඩ් මට්ච් එකකේ වගේ එල්ලගෙන කෑව (අ)
මේ මුකුත් වෙන්නේ නැහැ එදා ඉන්දියාව සමග දෙවන තරඟයෙදි කාලගුණය නිසා බටහිර ඉන්දියානුවන් දෙවන වර පහරදීමට ගිහින් අපිට පැරදුන හැටි මතක තිබුනා නම්. අපි කවදාවත් කාසියේ වාසිය දිනලා එයාලට පහර දෙන්න කියනවාද? එදා අපි මුලින් පහර දුන්නා නම් ඉන්දියාව ගෙදර යන්නේ හොඳටම සවුත්තු වෙලා. මම නම් කියන්නේ මේක ඉල්ලන් කෑමක්. සමහරවිට අයි පී එල් ප්‍රේමය නිසා එයාලට අවසන් තරඟයට එන්න පාර කැපීමක් වුනාද කියලා සැකයි. නැතිනම් අපිට බටහිර ඉන්දියාව සමඟ අවසන් තරඟය මීට වඩා ලේසියෙන් දිනන්න තිබුනා. පැරදුනත් මේ වගේ දුකක් නැහැ. අයි පී එල් ප්‍රේමය හමුවේ දෝනි ඉදිරියේ දන ගැසූ බව පමණක් අවසන් වශයෙන් ලියා තබන අතර කුඩා කල සිට අසීමිත ලෙස ක්‍රිකට් වලට ඇලුම් කල මම මේ දක්වා හැම තරඟයක්ම බැලුවත් අදින් පසු මම ක්‍රිකට් බැලීම නවතමි. මොකද එය මගේ හදවතට තවත් දරාගත නොහැකි බැවිනි. (නි)
දක්ෂයන්ට කිසිම තැනක් නෑ. ඔහොම යමු. මෙහෙම වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාව මිනිසුන්ගෙන් ඈත් වෙනවා. (ස)
අන්තිම ඕවරය දාන්න හොද බෝල යවන්න්නෙක් තිය ගන්න තිබුනා.දෝනි වගේ මොලේ කල්පනා කරලා සෙල්ලම් කරන නායකයෙක් අපිට කවදා බිහිවෙඉද එතකන් ඉවසගෙන ඉන්න වෙන්නේ අපිට. (අ)
අපේ කණ්ඩායම දක්ෂ කණ්ඩායමක් ලොව ඕනෑම කණ්ඩායමක් ඕනෑම වෙලාවක පරාජය කල හැකි.වැදගත් වන්නේ එය පවත්වගනීමය්.දෝලනය වන තැන තීරුවල පන්දුවට පහර දීමට නම් ලංකාව තුල වේග තැන තීරු වල පුහුණුවීම් කල යුතුයි .උද අස්ගිරිය,එස්එස්සි,පල්ලකලේ වැනි කිරීදන්ගන වල තණකොළ සහිත පන්දු යවන්නට යෝග්‍ය තැන තීරු සකස් කර පුහුණු තරඟ වල යෙදීම වැදගත්.දිල්ෂාන් සහ කුලසේකර නොමැතිව අවසන් තරඟය ලොව අංක 1 කණ්ඩායමට දුන් තරඟය අමතක නොවන විශිෂ්ට තරඟයක්.අපේ කණ්ඩායම ලොව අංක 1 ට එන දිනය වැඩි අතක නොවේ.අ සඳහා ජය සහ වාසනාව උදාවේවි පතමි. (අ)
චන්දිමාල්ට නායකත්වය දෙන්න. තිරිමාන්නව අයින් කරන්න. (දී)
එරංග ඔයා නියමයි, පසුබට නොවන්න මැතෙව්ස් ඔයා හිතන්න එදා එරංන්ග බල්ල කලේ ලෝකේ හිටින අංක එකකේ බැට්ස්මන්ව කියලා. ඉතින් ඔයා එවැනි තීරණ ගන්න කොට තව ටිකක් හිතන්න ඕන නේද?(නදී)
අපේ කණ්ඩායමේ ගොඩක් හොද දේවල් තිබෙනවා. නමුත් අවස්ථාවට අනුව කටයුතු කිරීම ටිකක් මදි. ඒවා හදා ගත්තොත් අනාගතයක් තියෙනවා. දැනට ඉන්දියාව එක්ක ගහන්න එපා. (දී)