දෙසතියකින් එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගැනීමට බොහෝ දෙනෙක් කඩ සාප්පු වලට යති.
ඇතැමෙක් සුපිරි සාප්පුවලින් මිල අධික රෙදි පිළි ගනිති ඇතැමෙක් පදික වේදීකාවේ ඉටි කොළ කඩෙන් රෙදි ගනිති.
මේ මාතර පදික වේදිකාවේ කඩ පෙළකි.
දෙසතියකින් එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගැනීමට බොහෝ දෙනෙක් කඩ සාප්පු වලට යති.
ඇතැමෙක් සුපිරි සාප්පුවලින් මිල අධික රෙදි පිළි ගනිති ඇතැමෙක් පදික වේදීකාවේ ඉටි කොළ කඩෙන් රෙදි ගනිති.
මේ මාතර පදික වේදිකාවේ කඩ පෙළකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දිනවල කඩේ ගිය අයට සාරද දන්නේ නැහැ (නි)
නැති බැරි කාටත් යහතින් අවරුදු කන්න ලැබේවා (දී)
හොරකම් නොකර තම තමන්ට හැකි පමණින් අවරුදු සමරන්න (දී)
අපේ රටේ හැමෝටම අවරුදු සිරිය ඇවිල්ල. ලංකාවේ හැමෝම කොහොම හරි අව්රුද්ද ජයට කනවා. හැමෝටම සුබ අලුත් අව්රුද්දක් වේවා. ටික දෙනෙක් තම සමීපතමයන් වෙනුවන් වැලිකතරේ ... (දී)
අනේ මන්දා දැන් රුපියල් 1000 ක් අරන් කඩේ ගියාම ගෙන්න පුළුවන් අර රු.1 බැග් එකකින් භාගයයි (දී)
කොච්චර මොනවා කිව්වත් එලියට බැහැල බලන්නකෝ සෙනග (දී)
දැන් නම් කඩේ ගියොත් මට්ටු මට්ටු තමයි (නි)
අනේ මන්ද. අපේ දුව නම් කිවේ අනේ අම්ම,කඩ සාප්පු වල නම් සෙනග පිරිලා හැබැයි ගන්න කියල හරි හමන් ඇදුමක් නැහැ කියල.තියන විච්චුර්ණ වල ගාන විතරලු. (දී)
අවූරුදත් කිට්ටු කිට්ටු එරබුදු මල් මොට්ටු මොට්ටු කනේ තියන පොට්ටු පොට්ටු බැංකුවකට කිට්ටු කිට්ටු (දී)
ඉටි කොළ කඩේ දිහා බැලුවාම රටේ බංකොලොත් බව හොඳට පේනවා. මේක පොඩි දරුවන්ගේ සෙල්ලම් කඩයක් වගෙයි. වෙනදට ඔහොමද? ඇඳුම් ගොඩවල් පදික වෙළඳ පොලේ විකුනන්නේ. (නදී)
අව්රිදි කාලෙට විතරක් නෙමෙයි හැමදාම මේ වගේනේ (දී)
සල්ලි සල්ලි සල්ලි මට නම් හිතා ගන්න බැහැ අව්රුදු කාලා ඉවර වෙනකොට මාවත් ඉවරවෙලා තියෙයි (දී)
මුදල් ඉතිරි කර ගැනීමට පුරුදු වෙමු. අමාරු කාලයක් ඒවි.(නදී)
ලියනගේ මෝඩ කතා කියන්න එපාෙ. කේ.එෆ්.සී, ෆූඩ් සිටි එකේ ඉන්න සෙනග බලල කියන්න පුලුවන්ද රට දියුණුයි කියලා.(නදී)
දන්සල් දොරෙහි නැත යදියෝ......සල්පිල් වලය පුර වැසියෝ.........පන්සිල් රකිති මැර වරයෝ.......මේ කේතුමතී නුවරයි.....(නදී)
දැන් මිනිස්සුන්ට සල්ලි තියෙනවා. ඔය වගේ පොඩි කෙවලට යන්නේ නැහැ. යන්නේ ලොකු ලොකු ඒවා. දැන් අපි ඔක්කොම ඇති හැකි අය. (ස)
ඔය කැමරාව රටේ ඕනෑම තැනක තියන සුපිරි රෙදි සාප්පුවකට හරි. මොකද දැන් ලංකාවේ බොහෝ දෙනා යන්නේ ඒවා වලටයි. දැන් කවුද ඉටිකොළ කඩ වලින් රෙදි ගන්නේ ? (ස)
ඡන්දය දී පරිප්පු කන මාතර මිනිස්සු.(නදී)
අනේ දැන් ලංකාවේ ගොඩක් දියුණුයි. අපේ අම්බලන්ගොඩ ටවුමේ කඩ සාප්පු නම් ගොඩක් හැඩයි, ලස්සනයි , අවුරුදු ජයයි. සරත් ,පහන් මල්ලිලත් රූපත් මතක් කරන්න කැමතියි. මේ ලියන්නේ මගේ නිවසේ , ලංකාවේ සිට (ස)
ඉක්මනට හැංගෙන්න තැනක් හොයා ගනියෝ..... අපේ චන්දි අක්කා ලංකාවට ඇවිල්ලෝ..... (ස)
අමිල රැවටෙන්න එපා ඔය චන්දි අක්කාගේ නම පාවිච්චි කර ලියන කෙනා. චන්දි අක්කාගේ නෙමේ ඔය ලංකාව දියුණුයි අදහස. (නදී)
ලියනගේගේ ඔලුව ඇතුලේ මොනවද තියෙන්නෙ.පදික වේදිකාවේ ඉටිකොළ කඩ නැතුව බිල්ඩින් ගහන්ඩද කියන්නේ.හරහටම තමා කතා කරන්නේ. (ස)
එහෙනම් නිලූ මේ "චන්දි" කියල ලියන්නේ "හොර චන්දි " කෙනෙක්ද? (ස)
නත්තල් කාලෙට මම සිටින රටේ හැම දෙයක්ම හිතාගන්න බැරි තරමට ලාබ කරනවා. මේ කාලයට වටිනා කියන දේවල් අවුරුද්දටම සැහෙන්න රැගෙන යාම මිනිසුන්ගේ සිරිත. හැම උත්සවයකදීම එහෙම කරනවා.එකට ලංකාවේ අනෙක් පැත්ත.උත්සවය ඉවරවනවිට මිනිස්සුත් ඉවරයි (දී)
ඉටිකොළ කඩෙන් හරි මම නම් බලන්නේ අළුත් ඇඳුමක් ගන්නයි (නි)
අවුරුදු කාලෙට අපි හැමෝටම හරි සතුටුයි නේද? (නි)
අවුරුද්ද අද වාණිජ කරණය වෙලා, කල් ගිය ඇදුම් විලාසිතා සේල් කියලා වැඩි ගානට විකුණන මුදලාලි ගොඩ, අපි අතේ තියන තුට්ටු දෙක වියදම් කරලා අවුරුද්දම හුල්ලනවා. (නදී)