IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


අවුරුද්දට වළදක් ලිපේ තියන්න බැරිවේ

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් තැනු වළං ටික විකුණා ගැනීමට නොහැකි වී ඇතැයි ගලේවෙල ලෙනවල පාරම්පරික  වළං කර්මාන්තකරුවෝ කියති.

නිෂ්පාදන වියදම වැඩි බවත් ණය වී සදා ගත්  වළං ටික මඩුවේ ගොඩ ගැසී ඇති බවත් ඔවුහු කියති

 

 

.

 

 



අදහස් (0)

අවුරුද්දට වළදක් ලිපේ තියන්න බැරිවේ

රුවන් Wednesday, 02 April 2014 10:28 AM

මොනව කරන්නද? කාලය සමඟ දේවල් වෙනස් වෙනවා. මැටි වළං වල උයන කැම රසයි. අපි උයන්නෙ අඩිය පැතලි මැටි වළං වල. එකම දේ ගෑස් ටිකක් වැඩිපුර යනවා (නි)

:       0       0

කුමාරි Wednesday, 02 April 2014 10:34 AM

වැඩිම වුණොත් කිරි ටික උතුරන්න මුට්ටියක් ගනියි. අපරාදේ වියදම් කරන්න කලින් මේ ගැන දැනුවත් වෙන්න තිබ්බා. (ස)

:       0       0

ක්‍රිශාන් ප්‍රනාන්දු Wednesday, 02 April 2014 10:39 AM

පව් අහිංසක දුප්පත් මිනිස්සු. (ස)

:       0       0

අශෝක Wednesday, 02 April 2014 11:00 AM

ඇළුමිනියම් භාජන වල උයන අයව තමයි දැනුවත් කරන්න ඕනෑ. අද රටේ මොනතරම් නම් ලෙඩ රෝග තිබෙනවද? ඔය පොහොසත් කියන කට්ටියට සම්ප්‍රදායික ක්‍රම හුරුකරන්න ඕනෑ (නි)

:       0       0

නිමල් Wednesday, 02 April 2014 11:03 AM

මිනිස්සු අලුත් වළං ගන්නේ නෑ. දැන් පරණ වළං වලම උයනවා. ඒ තරම් මිනිස්සුන්ගේ ආර්ථිකය කඩා වැටිලා. (ස)

:       0       0

සරත් Wednesday, 02 April 2014 11:04 AM

හරිම අව්‍යාජ යුවලක්. ආස හිතෙනවා දැක්කම. දෙදෙනාටම දීර්ඝා යුෂ. (ස)

:       0       0

විජයා Wednesday, 02 April 2014 11:09 AM

පොල් පිත්තක් රු.5යි, මැටි ගුලියක් 100යි, පොල් ලෙල්ලක් 4යි, මේ සියළු වියදම් දරලත් මුට්ටියක් රු. 40යි. අඩුම තරමින් නිෂ්පාදන වියදම පියවා ගන්න රු.100 කටවත් දෙන්න ඕනෑ. ඇළුමිනියම් නිසා රටම ලෙඩ වෙනවා. මැටි වළං වලට ජනතාව යොමු කිරීමට රජයේ මැදිහත්වීමක් අවශ්‍යයි. (නි)

:       0       0

ගුණපාල Wednesday, 02 April 2014 11:18 AM

ක්‍රමයෙන් මේ විනාශ වන්නේ අපේ උරුමයන් නොවේද? (නි)

:       0       0

සමන් ප්‍රදීප Wednesday, 02 April 2014 11:22 AM

අද අපිට කිරි බතක් උයන්ඩවත් වත්කමක් නැහැ මහත්තයෝ. (ස)

:       0       0

ගිහාන් Wednesday, 02 April 2014 11:23 AM

පොඩි වළං කඩේ හට්ටි මුට්ටි... (නි)

:       0       0

කුමාර් Wednesday, 02 April 2014 11:29 AM

මේවා පිටරට යවන්න බැරිද? කේරල වලින් එන පොඩි මුට්ටියක් අරාබිකරයේ රුපියල් 750 - 1000 විතර වෙනවා. (නි)

:       0       0

ඉන්දික Wednesday, 02 April 2014 11:50 AM

ඇයි මේ කලබල වෙලා? තවම අප්‍රේල් 2නේ. මිනිස්සු වළං ගන්නේ අප්‍රේල් 10න් පසුවනේ. (නි)

:       0       0

අනුරාධ මෙල්බර්න් Wednesday, 02 April 2014 11:55 AM

ටයර් වෙනුවට වළං තියලා මුළු කොළඹම වහලා රේසින් කාර් තරඟයක්වත් තිබ්බා නම් මේ අහිංසක මිනිස්සු ගොඩ. (නි)

:       0       0

රෝසා. Wednesday, 02 April 2014 12:38 PM

මේවා ඔක්කොම පළාත් සභා දිනපු අය ගනීවි අවුරුදු උත්සවේ කණා මුට්ටි බිඳින්න...!!! (ස)

:       0       0

දිසානායක Wednesday, 02 April 2014 12:46 PM

රටේ ආර්ථිකය නැගලලු. කාටද මේවා කියන්නෙ. ඔන්න නැගිල්ලෙ තරම. (ස)

:       0       0

දයානන්ද Wednesday, 02 April 2014 06:49 PM

මේ අහිංසක අම්මාගෙන් මුට්ටියක් අරගෙන සහයෝගයක් දෙන්න අපේ අයට හැගීමක් නැහැ. නමුත් ඔතන මත්වෙන ජාති වගේ තිබුනා නම්... (නි)

:       0       0

කුමාර Wednesday, 02 April 2014 12:56 PM

හිඟන්නාගේ පාත්තරේටමයි කියනවනේ හෙනහුරා වැටෙන්නෙත් (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 02 April 2014 01:01 PM

අනේ මන්දා අපි නම් තාම ගන්නේ මැටි වළං ගෑස් අඩුවෙන් වැය වෙන තුනී වළං විශේෂයක් තියෙනවා ඉක්මනට රත් වෙන. (ස)

:       0       0

තිලක Thursday, 03 April 2014 08:48 AM

අනේ පවු අහිංසක මිනිස්සු (නි)

:       0       0

අසෝකා Wednesday, 02 April 2014 01:21 PM

කුමාරි, ඔයා කියන ඔය දැනුවත් කිරීම කරන්න ඕනේ ඇලුමිනියම් භාජන පාවිච්චි කරන ඔයාලටද? එහෙම නැත්නම් පරම්පරා ගානක් තිස්සේ කුඹල් කර්මාන්තයේ නියැලී හෙට අනිද්දා ජිවිතයෙන් සමුගන්න මේ අයටද? පිටරට හිටියත් අපේ සිංහල විදියට උයනවා නම් අපි උයන්නේ ලංකාවේ මැටි වළං වල. ඒකේ තියෙන රස, නරක් නොවී, (ශීතකරණයේ නොදා) දවස් දෙකක් විතර තියා ගන්නත් පුළුවන්. (ස)

:       0       0

අසෝකා Wednesday, 02 April 2014 01:31 PM

ලංකාදීපයේ මේ පුවත බලා ඔවුන්ට අනුකම්පාවෙන්වත් කවුරු කවුරුත් මේ වසරේ මැටි වළඳක් ගත්තොත් හොඳයි. සියරට දේ සිරිසැප දේ! ලංකාදීපයට ස්තුතියි! (නි)

:       0       0

සරත් Wednesday, 02 April 2014 01:40 PM

මේවා පොඩ්ඩක් 'පොෂ්' කරලා ෆූඩ් සිටි එකක තිබ්බා නම් නියමයි . කොහොම වෙතත් මම නම් කැමති මැටි වළං වලට (නි)

:       0       0

ඔසී Wednesday, 02 April 2014 08:12 PM

අරලිය ගහ මැදුරේ මැටි වලන් භාවිතයට ගන්නවනම් ඇයි. ජනතාවට හොඳනැද්ද. මම නම් ඇලුමීනියම් භාජන වලින් උයන්නේ නැත. මගේ උයන භාජන. ලෝකයේ ඉස්තරම් ලෝහයෙන් හදපු ටයි ටෙනියම් භාජන කිසිම විසක් උයද්දී කෑම වලට මුසු වන්නේ නැත. මැටි වලන් වලින් කිසිම විසක් අහර වලට ඇතුළු වන්නේ නැත.අලුමීනියම් භාජන වලින් කෑම පිසින විට නොයකුත් විස කෑමට එකතු වෙනවා.ඒ වගේම නං ස්ටික් භාජන වලිනුත් කෑමට විස එකතු වෙනවා. ප්‍රවේශමෙන් ??? (දී)

:       0       0

ජයන්ති පෙරේරා Wednesday, 02 April 2014 08:28 PM

පව් අහිංසක මිනිස්සු හැම දේම දුප්පත් මිනිහාට (දී)

:       0       0

කුමාරි Wednesday, 02 April 2014 01:54 PM

අසෝකා, මම ලිවුවේ තිත්ත වුණත් ඇත්ත. මොකද හැමෝම දැන් හැමදේම ඉක්මනින් කර ගන්න බලන්නේ. ඒ නිසා මැටි වළං ගමේ ගොඩේ අය පාවිච්චි කරන්නෙත් බොහොම අඩුවෙන්.මගේ ගෙදර ගෑස් ලිප වගේම දර ලිපත් තිබෙනවා.වළනුත් තිබෙනවා.නමුත් අවුරුද්දට කිරි උතුරන්න අනිවාර්යෙන් මුට්ටියක් අපේ ගමේ කවුරුත් ගන්නවා.රස ගුණ වගේම හැමදේම දන්නවා.වළං නිෂ්පාදනය කරන අයත් අපේ ගෙවල් ළඟම ඉන්නවා.මම හොඳ ගමක කෙනෙක් අසෝකා. (නි)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 02 April 2014 08:39 PM

මැද පෙරදිග රටවලට එවන්න ක්‍රමයක් හදන්න . අපි ගන්නම්.කුමාර් ගේ කතාව හරි .(දී)

:       0       0

සජී Wednesday, 02 April 2014 02:11 PM

රටේ බොහෝ පිරිසකට වකුගඩු රෝග හා පිළිකා රෝග වැනි රෝගාබාධ වැළදීමට ප්‍රමිතියකින් තොර ඇලුමිනියම් බදුන්වල පිසින ආහාර අනුභවය එක්තරා හේතුවක්. මැටි බඳුන්වල උයන ලද ආහාර වර්ග ඉතා රසවත්, අඩු තරමින් ජනතාවට බොරු පම්පෝරි ගසන දේශපාලකයින් ඔවුන් ජනතාව අමතන අවස්ථාවලදී ජනතාවගෙන් ඉල්ලීමක්වත් කරනවා නම් මැටි බදුන්වල ආහාර පිසින්න කියලා. මිනිස්සු මැටි බදුන් ගන්න පෙළඹේවි.(නදී)

:       0       0

සිරියලතා කෙන්යා Wednesday, 02 April 2014 02:26 PM

පව් අහිංසක මිනිසුන්, මම නම් ඉව්වේ නැති උනත් වලන් 1-2 ක් ගන්නවා උදව්වක් වශයෙන්.(නදී)

:       0       0

ගුණවර්ධන Wednesday, 02 April 2014 02:30 PM

අනුරාධගේ නියම කතාව. අනිවාර්යයි , මේ අහිංසක මිනිස්සු ගොඩ එනවා ඒ විතරක් නොවෙයි මැටි මුට්ටි මදිත් වෙනවා ලංකාවේ එලවන කාර් රේස් දැක්කහම.(නදී)

:       0       0

මෙවන් Wednesday, 02 April 2014 03:00 PM

සරත්, ඇයි වලං ගන්න ෆුඩ් සිටි යන්නේ ? අහිංසක අම්ම කෙනෙකුගෙන් ගත්තහම දරු පවුලත් නඩත්තු කරනවානේ. ඔය සංකල්පය හින්දා මේ ගමේ ගොවි මහත්තුරුන්ගේ විතරක් නෙමේ පුංචි කඩවලටත් දැන් හෙනහුරා ලබලා. තායිලන්තයේ ලොකු සල්ලි කාරයෝ කෑම කන තර මක් කන්නේ පාරේ දෙපැත්තේ තියන පුංචි කෑම කඩවලින්. ඒ ඇත්තෝ කියන්නේ අපි පොඩි මිනිහටත් පුළුවන් තරම් උදව් කරන්න ඕනි කියලා. අන්න නියම දේශ හිතයිෂීන්.(නදී)

:       0       0

සබීතා Wednesday, 02 April 2014 03:09 PM

බැරියැ ඔය මන්ත්‍රීවරුන්ට වළං ටිකක් ඔය මිස්සුන්ගෙන් අරගෙන උදව්වක් වශයෙන් බෙදා දුන්නම. ජය සමරන්න පුළුවන්නේ. (ස)

:       0       0

සරත් Wednesday, 02 April 2014 03:17 PM

මෙවන්, ඔයාගේ කතාව හරි. මම ලිව්වේ අපේ රටේ තියෙන තත්වය. අපි සුපර් මාකට්වල තියෙනවා නම් බෙහෙත් ගහපු පළතුරු වුණත් ගන්නවා.ගෙවල් ළඟ තියෙන කඩෙන් හොඳට ඉදුණු කෙසෙල් ගෙඩියක් වත් ගන්නේ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 601 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 490 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site