පළාත් පාලන ඡන්දය ඉතා ඉක්මණින් පැවැත්වීමට අවශ්‍ය සහය සියලු පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වන බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා තලවතුගොඩ දී ප්‍රකාශ කළේය.
නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයට ඉදිරි වසර කිහිපයේ දී සංශෝධන ඉදිරිපත් නොවන අයුරින් නිවැරදි ආකාරයටම සකස් කළ යුතු බව පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය කිරිමේ සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනපති මෙසේ කීවේය.
මේ අතර ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව තමා පාර්ලිමේන්තුවේදී අද (11) පෙරවරුවේ ප්‍රකාශ කළ බව මෙම සමුළුවට සහභාගී වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නව මැතිවරණ ක්‍රමය යටතේ අපේක්ෂකයන් පත් කීරිම පිළිබඳ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් මෙම මාසයේ දී ඇති කරගත යුතු බව වික්‍රමසිංහ මහතා පැවසිය.
පිළිගත් දේශපාලන පක්ෂ 64 ක් ඇතුළු කණ්ඩායම් ගණනාවකට මෙම සමුළුව ආරාධනා කර තිබිණි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු මෙයට සහභාගී නොවුහ. පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමැති තිස්ස විතාරණ මහතා ද සහභාගී විය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුරුද්දට පෙර පුංචි ජන්දේ?
සුපුන් Friday, 11 December 2015 03:50 PM
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ (නි)
ප්‍රසන්න Friday, 11 December 2015 08:12 AM
මෙවර ශ්‍රිලනිපේ පහුගිය මැතිවරණෙ ජවිපෙ තියපු වාර්තාව කඩනවා. (බ)
රුවන් Friday, 11 December 2015 09:30 AM
අපේ ජනාධිපති තුමාට බලාගන්න පුළුවන් ශ්‍රි ලංකාකාරයෝ කොච්චර එතුමාට ආදරේද කියල.(ම)
ශන්තික ප්‍රනාන්දු Friday, 11 December 2015 10:16 AM
ජනාධිපතිතුමා මේ ඡන්දෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂේ පුර්ණ සාමාජිකත්වය ගන්නවා සිකුරුයි. කවුරු කොහොම හිතුවත් යුඇන්පී එකට ලොකුම චෑලේන්ජ් එක තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂෙන්. එ්ක ගම් වල ඉන්න අපි දන්නවා. (බ)
අමල් Friday, 11 December 2015 10:57 AM
වියදම කීයද.? (ර)
දිල්ශාන් Friday, 11 December 2015 02:22 PM
ආයෙනම් කාටවත් ඡන්දේ දෙන්නේ නෑ.(හේ)