පළාත් පාලන ඡන්දය ඉතා ඉක්මණින් පැවැත්වීමට අවශ්‍ය සහය සියලු පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වන බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා තලවතුගොඩ දී ප්‍රකාශ කළේය.
නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයට ඉදිරි වසර කිහිපයේ දී සංශෝධන ඉදිරිපත් නොවන අයුරින් නිවැරදි ආකාරයටම සකස් කළ යුතු බව පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය කිරිමේ සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනපති මෙසේ කීවේය.
මේ අතර ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව තමා පාර්ලිමේන්තුවේදී අද (11) පෙරවරුවේ ප්‍රකාශ කළ බව මෙම සමුළුවට සහභාගී වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නව මැතිවරණ ක්‍රමය යටතේ අපේක්ෂකයන් පත් කීරිම පිළිබඳ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් මෙම මාසයේ දී ඇති කරගත යුතු බව වික්‍රමසිංහ මහතා පැවසිය.
පිළිගත් දේශපාලන පක්ෂ 64 ක් ඇතුළු කණ්ඩායම් ගණනාවකට මෙම සමුළුව ආරාධනා කර තිබිණි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු මෙයට සහභාගී නොවුහ. පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමැති තිස්ස විතාරණ මහතා ද සහභාගී විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ (නි)
මෙවර ශ්‍රිලනිපේ පහුගිය මැතිවරණෙ ජවිපෙ තියපු වාර්තාව කඩනවා. (බ)
අපේ ජනාධිපති තුමාට බලාගන්න පුළුවන් ශ්‍රි ලංකාකාරයෝ කොච්චර එතුමාට ආදරේද කියල.(ම)
ජනාධිපතිතුමා මේ ඡන්දෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂේ පුර්ණ සාමාජිකත්වය ගන්නවා සිකුරුයි. කවුරු කොහොම හිතුවත් යුඇන්පී එකට ලොකුම චෑලේන්ජ් එක තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂෙන්. එ්ක ගම් වල ඉන්න අපි දන්නවා. (බ)
වියදම කීයද.? (ර)
ආයෙනම් කාටවත් ඡන්දේ දෙන්නේ නෑ.(හේ)