2016-10-08-ent-19

බොලිවුඩයේ සුරූපිනියක වන නේහා ෂර්මා වසර දෙකකට වඩා වැඩි කාලයක් බොලිවුඩ් සිනමාවෙහි දකින්නට නොලැබුණ සිනමා නිළියකි. අවසන් වරට ඇය 2014 වසරේදී "Youngistaan" චිත්‍රපටය තුළින් දක්නට ලැබුණද ඉන් පසුව ඇය බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට නොලැබුණි. එහෙත්, නැවතත් සිය රසික පිරිස් මුණගැසීමට නේහා ෂර්මා බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන්.

ඒ ඇයගේ නවතම බොලිවුඩ් චිත්‍රපටය වන "තුම් බින්" හි දෙවැනි චිත්‍රපටය හරහාය. එම චිත්‍රපටය නොවැම්බර් 18 වැනිදා ප්‍රදර්ශනයවීමට නියමිතව තිබේ. මෙහි ඇගේ සිනමා පෙම්වතා වී ඇත්තේ ආදිත්‍ය ශිල් නම් ටෙලි නාට්‍ය නළුවාය. තෙළෙඟු සිනමාවෙන් රංගනයට පිවිසි නේහා වර්තමානය වන විට වැඩි තැනක් දී ඇත්තේ බොලිවුඩ් චිත්‍රපට සඳහා බව වාර්තා වේ. එහෙත්, ඇයගේ සිනමා ජීවිතය වසර 10ක් ඈතට දිව ගියද නේහා මේ දක්වා රංගනයෙන් දායක වී ඇත්තේ බොලිවුඩ් චිත්‍රපට 10ක් සඳහා පමණි.

ඇය අවසන් වරට එක්ව ඇත්තේ ලබන වසරේ තිරගතවීමට නියමිත "හේරා පේරි" තුන්වැනි චිත්‍රපටය සඳහාය. ඇය එහි අභිෂේක් බච්චන්ගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වී සිටියි.

 

2016-10-08-ent-20