ඉතාලියේ පොන්සානෝ නුවර පැවැති 2013 විවෘත ළමා කරාටේ ශූරතාවලියෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනිමට ශ‍්‍රී ලාංකික දරුවෙකු වන අට හැවිරිදි තෙනූප රිෂොන් ප‍්‍රනාන්දු සමත් විය.
ඉතාලි ජාතික කරාටේ සම්මේලනය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය පසුගිය 16 වෙනිදා පොන්සානෝ නුවරදී පැවැත්විණි. තරගාවලිය සදහා ඉතාලි ජාතික ක‍්‍රීඩකයෝ හත්සීයකට අදික පිරිසක් සහභාගී වූහ.
තෙනූප මෙම ලෝකඩ පදක්කම දිනාගත්තේ වයස අවුරුදු 8-9 අතර දරුවන්ට පැවැති කාතා ඉසව්වෙනි.
ඔහු මෙම තරගාවලියට ඉදිරිපත් වුයේ ආර්.බී.කේ ටේරවිසෝ කරාටේ පාසැල නියෝජනය කරමිනි.
කරාටේ ක‍්‍රීඩාවට අවතීර්ණ වී මාස දෙකක් වැනි කෙටි කාලයකදී මෙවැනි තරගාවලියකට සහභාගී වී පදක්කම්ක් දිනාගැනීම විශේෂත්වයක් බව ඔහුගේ පුහුණුකරු පැවසුවේය.
තෙනුප ඉතාලියේ ටේරිවිසෝ ප‍්‍රාන්තයේ ශාන්ත ෆ‍්‍රැන්සිස්කෝ විදුහලේ තුන් වෙනි පන්තියේ ඉගෙනුම ලබයි. ඔහු ක‍්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයටද එකසේ දස්කම් දක්වයි.
තෙනුපගේ පියා පගීත් ෂෙනොන් ප‍්‍රනාන්දු වන අතර මව මේරියන් ප‍්‍රනාන්දු මීගමුවේ පදිංචිකරුවෝ වන අතර මේ වන විට ඉතාලියේ ටේරවිසෝ ප‍්‍රාන්තයේ පදිංචියට පැමිණ වසර දොලහකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ උණුසුම් සුබපැතුම් (නදී)
කරාටේ පැටියෝ, සුබ පැතුම්! ලංකාවට ආඩම්බරයක් නුඹ.සියලු දෙවියෝ පිහිට වෙත්වා!! සුබ ගමන් පුතේ!! (නි)
සතුටුයි, පුංචි පුතේ., ඔබට තව ගොඩක් දුර, ක්‍රීඩා මාවතේ '' යාමට ඇත. ඉතාමත්, දහිරියෙන් ඒ ගමන යන්න. ඔබට සියලු දෙවියෝ පිහිට වෙත්වා..!!! සුබ ගමන් පුතේ (ස)
පුංචි පුතේ, ආඩම්බරයි (නි)
තවත් බොහෝ දුරක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා පුතුනි නුඹට..... (ස)
තව ටිකක් ලොකු වුනාම, දැන් ඉතාලියට ඇවිත් අපේ නම කන කට්ටියට ෂොට් එක ගානේ දීල මෙහාට හරවල එවන්න පුතේ. (ස)
සටන් ක්‍රීඩාවකට පොඩි දරුවෙක් යොමු කිරීම අද කාලේ දෙමව්පියන් එතරම් අනුමත කරන්නේ නැහැ. නමුත් කුමන ක්‍රීඩාවකටත් වඩා සටන් ක්‍රීඩාවකින් දරුවාට ඉවසීම පුහුණු කර මනා චරිතයක් සහ ආත්ම ශක්තියක් ලබාදෙනවා. අපේ අනාගත පරපුර යහපත් කිරීමට නම් පරිගණකය සීමා කර දරුවන් ක්‍රීඩාවට යොමු කළ යුතුයි. (නි)
මරේ මාරු කරාටේ පැටියෝ. අපෙන් සුබ පැතුම් ලංකාවට ආඩම්බරයක් නුඹ. (ස)
අපේ රටට ආඩම්බරයක් පුංචි පුතේ දෙවිපිහිටයි (දී)
ඔබට සුභ පැතුම්! (නි)
නියමයි කොල්ලෝ. ඔබ ගොඩක් දක්ෂයි (නි)
අර අමුත්ත නම් හරිම හොඳයි. (ස)
මගේ රත්තරන් පුතා, සියලු දෙවි පිහිටෙන් සෞබ්‍ය සම්පන්න අනාගතයකට සුබ පැතුම්.... (ස)
මේක මේ අන්තර් පාසල් හෙවත් පාසල් අතර තරඟයක්. පොඩි එකා දක්ෂයි. (ස)
කියන්න බැහැ ලගදීම ගුටි කයි වගේ (නදී)
අපේ ආදර පොඩි පුතාට අපගේ උණුසුම් සුබ පැතුම්! අපේ ලංකාවට ගෙන ආ කීර්ති නාමයට අපි සියලු දෙනා ආඩම්බර වෙනවා.ලබන වසරේ (04/2014)පවත්වන තරගාවලියේ රන් පදක්කම ලබා ගන්න ශක්තිය දෙන්න කියලා අපි දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා.පාසලේ හොද ලකුණු ගත්තා කියලා ගුරුතුමිය ඊයේ අපට කිවුවා.ජේසු පිහිටෙන් ඔයාට ඉදිරියට යන්න අම්මා,තාත්තා සහ අක්කාගෙන් සුබ පැතුම්! (නි)
නුඹට පුතේ රටක් ඇතේ.රටේ පුතේ තැනක් ඇතේ. (ස)
නියමයි චන්ඩි කොල්ලෝ.(නදී)
මේ පුංචි පුතා සහ ඔහුගේ අම්ම තාත්තා ගැන මම දන්නවා .මොකද අපි ඉන්න නගරෙම තමයි ඒ අය ඉන්නෙත්. අපිට හරි ආඩම්බරයි . පුතේ ඉගනුම හා ක්‍රීඩාව සමභරව කරගන ඉදිරියටම යන්න . අපේ උණුසුම් සුභ පැතුම් ,(නදී)