රත්නපුර මලංගමදී මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකර මිනිස් ඝාතනය ඇතුළු මිනීමැරුම් 14 කට හා කොල්ල කෑම් කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ සිටි සුගත් චමින්ද නොහොත් පාලංකඩ හීන් මල්ලි රත්නපුර මහවල වත්තේදී පොලිස් වෙඩි පහරින් අද මරුමුවට පත් විය.
සැඟවු අවි පෙන්වන මුවාවෙන් ඔහු පොලීසියට අත් බෝම්බයක් ගසද්දී පොලීසිය ඔහුට වෙඩි තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නසී. මෙවැනි අපරාධ කරුවන්ට මේ දඩුවම් සාධාරනයි. (අ)
අත්දෙක පිටිපස්සට තියලා මාංචු දාලා තමයි චුදිතයෙක්ව එහාට මෙහාට අරගෙනයන්නේ.ඒකතමයි නිතිය.එහෙම කලානම් එයා කොහොමද බෝම්බ ගහන්නෙ ? (අ)
ඉතින් පෙන්නපු අවි ගන්නවාද ? නැතිනම් වෙන කව්රු හරි ඒ අවි අරගෙන යන්න ඉඩ තියෙනවා. (අ)
දැන් වැරදී කාරයන්ට මරණ දඩුවම දෙන අලුත්ම විදිහ .......(දී).
එළිවෙන්න ඉඩ තියන ලොකු ලොකු රහස් වහගන්න තියන උපක්රමයත් ඕකම තමයි! (අ)
මේ වගේ අය මරන්නම ඕන .... (දී)
අත් දෙක පිටුපසට තබා මාංචු දැමූ මිනිහෙක් අත් බෝම්බයක් ගහන්නේ අහවල් එකෙන්ද කියපන්කො බොලන් (අ)
කව්රුන් හෝ මෙය වහන්න යනවා.(නදී)
පොලිසියට ජයවේවා! (නදී)
අවි පෙන්නන්න ගිහින් කව්ද පන පිටින් ආවේ. ඕක අලුත් එල්ලුම් ගහනේ. පුදුමයක් වෙන්න දෙයක් නැහැ.(නදී)
අනේ අපි නොදන්නා අවි. සිනහ පවා යනවා අනේ මේවට.(නදී)
අපේ පොලිසියට මල් මිටක්! කොහොම හරි අපරාදවලට දඩුවම් ඇබෙන්න ඕනි. (අ)
දරුණු ගනයේ අපරාද කරන ඔක්කොම අය, රාල හාමිලට බෝම්බ ගහන්න ගිහින් තමියි රාල හාමිලගෙන් වෙඩි කන්නේ ..(අ)
දැන් ඔය හේතුව පරණ වැඩියි නේද...?? වෙන දෙයක් හොයාගත්තොත් මොකද? (අ)
මිනීමැරුම් 15 කට නඩු අවශ්‍ය නැහැ. උසාවි කාලයත් සෙසු අයගේ කාලයත් ඉතිරියි (අ)
ඉතින් අත් බොම්බේ පිපිරිලද ? (අ)
දෙවියනේ 15 දෙනෙක් මරනකම් ඔබ කොතනද? (අ)
සුපිරිම සුපිරි වැඩක්...!!! හුගක් සතුටුයි.! (අ)
අපරාද කරුවන්ට නියම විසදුම (අ)
මේ වගේ අයට මෙහෙමයි වෙන්න ඕනේ (අ)
අවි පෙන්නන්න ගිහින් පන පිටින් අපු කෙනෙක් නැනේ.අලුත් එල්ලුම් ගහ වරදක් නැ වගේ.(අ)
දැන් පාතාලේ අය පොලිසියට අහු උන ගමන් තුවක්කු ටික මන්ත්‍රී කෙනක් මාර්ගයන් පොලිසියට බාරදෙනවා. ඔය මනුෂ්‍යත් ඔය විදියට බාර දුන්නා. අපරාදේ ඡන්දෙ ඉල්ලන්න හිටපු එකෙක්. පළාත් සභාවට සුදුස්සෙක්. පොලිසිය මොනවා කරනවද මන්දා. ඔබට නිවන් සුව නැවතත් යාමලොව වීරයකු වේවා.(නදී)
නියමයි! (නදී)
අලුගෝසුවා ඉල්ලා අස් උනේ බයට නෙවෙයි එල්ලන්න කට්ටිය නැති නිසා නිකන් ඉදල පඩි ගන්න එක පවක් නිසා (අ)
පොලිසියට අපේ ප්‍රණාමය! (නදී)
වෙන්න ඕන විය යුතු දේවල්.(නදී)
මේ වැඩේ හරිද මන්දා.(නධී)
ඔය වගේ පාතාල නායකයන් අවි පෙන්නන්නම තමයි එක්කන් යන්න ඕනේ. (නධී)
මේ අයට මැරෙන්න තියෙන්න ඇති.(නදී)
මෙයාව උසාවි අරගෙන ගියොත් කාගේ හරි නමක් එලි වේවි කියල බයක් තිබුනද දන්නේ නැහැ. (ස)
එකම ප්‍රවෘත්තිය. මම 100 වාරයක් ඇහුවා.(නදී)
ලොකු අපරාධකාරයෝ පොඩි අපරාධ කාරයන්ව පාවිච්චිකරලා අපරාධ කරනවා. අහු උනාට පස්සේ ආයුධ පෙන්නන්න කියල එක්කරගෙන යනවා. ලොක්කෝ නිදැල්ලේ (ස)
මොහු කල පළමු මිනිමරුමේදීම පොලිසිය අවි බලන්න ගියානම් , අනිත් 13 දෙනා අදත් ජිවතුන් අතරනේද? (අ)
වැඩේ සාර්ථකයි, (අ)
හරිම ලැජ්ජයි.(නදී)
මංකොල්ල කරුවන් මිනීමරුවන් සහ මත් කුඩු ජාවාරම් කරුවනට දිය යුතු පිළිතුර මෙය පමණයි. උසාවි ගෙන ගොස් හිරෙත් සැප ලබා දෙනවට වඩා . මෙලොවින් තුරන් කර එලොව සැප දීම හොදයි.(නදී)
ඇයි ඉතින් පොලීසියට බැරි මෙයාල අවි පෙන්නන්න යනකොට අත් දෙකට මාංචු දමාගෙන ගෙනියන්න. එහෙම කලොත් අනාගතේ පොලිසියේ පාතාලෙට හවුල් අයවත් එලිවෙනවනේ නේද ? (නදී)
"අවි පෙන්නන" නාට්‍ය දැන් අපිට දැකල ම අහලම එපා වෙලා. පොලිසියේ නැද්ද ඔයිට වඩා නිර්මාණශීලී මහත්වරු ඔය ඒකාකාර දර්ශන තල වෙනස් කරලා ඔය නාට්‍ය හදන්න. නැත්නම් නවී පිල්ලෙලත් එනවා දැනට පෙන්වන නාට්‍ය බලන්න. (අ)
උසාවි ගිහින් අවරුදු ගණන් ගිනි දීලා මරණ දඬුවම නියම වෙලා නිකන් දුක් විඳිනවාට වඩා මේ ක්‍රමය සාධාරණයි. (දී)
ලංකාවේ ප්‍රසිද්ද රහස (දී)
මිනිස් ජිවිත වලට ගිය කල (දී)
හැමදාම සිදුවන්නේ මෙයම නිසා ,ආයුධ සෙවීම සඳහා ඔහුව රැගෙන යනවිට ආයුධ අතට ගැනීමට නොහැකි වනසේ මාංචු දමා රැගෙන යාමට ඉඩ ලැබෙන නීති සම්පාදනය කල නොහැකිද? අපරාද කරුවෙකු මිය යාම යහපතක් වුවද මොහුගේ මරණය නිසා මොහු කල තවත් අපරාද යටපත්වීමට සහ ඒවාට සම්බන්ද වුවන්ට ගැලවී යාමට ඉඩ ලැබෙනවා නේද? නොදන්නා කමටයි මෙහෙම අසන්නේ. (දී)