අනුරාධපුරය රුවන්වැලි සෑ චෛත්‍යය ඉදිරිපිට හිටි පිළිමයක් මෙන් නිසොල්මනේ සවස තුනේ සිට පස්වරු හත දක්වා මේ දිනවල භාවනායෝගීව වැඩ සිටියි.
දැඩි රස්නයත් නොතකා මෙලෙස භාවනාවේ යෙදී සිටින භික්ෂුන්වහන්සේ දෙස වන්දනාකරුවන් බලා සිටිනුයේ පුදුම සහගත අයුරිනි.
හිමිනම වැඩ සිටින අසලින් ලියා ඇත්තේ ‘මුදල් දාන්න එපා’ මුදල් පරිහරණය නොකරමි. වීඩියෝ කර ගන්න. ඡායාරූප ගත්තාට වරදක් නැත. මා සමඟ කතා නොකරන්න. ප.ව. 3 - 7 දක්වා යනුවෙනි.
‘සෑයට පිටුපාලා ඉන්න එපා’ යැයිද ඒ හිමියෝ සටහනක් තබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ භික්ෂුන් වහන්සේ පැහැදිලිවම මේ කරන්නේ භාවනාවක් උන්වහන්සේගේ දෙපා, අතැගිලි හා සර්ව කයම ඒ භාවනාවෙන් සමවැදිලා. මෙය ප්‍රසිද්ධියක් හෝ වෙනත් ලෞකික දෙයක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නොවන්නේ ඇතැම් අය මුන්වහන්සේව 2005දීත් මේ ලෙසම දැක ඇති නිසාවෙනි. මා කතෝලිකයෙක් උවත් බෞද්ධ ධර්මයේ හරයේ ගැබුර හා සුවයට නමස්කාර කරමි. (ර)
බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ අන් අයගේ මත ඉවසන්න කියාය. නමුත් මෙතන ඉන්න බෞද්ධයෝ තමන්ගේ මත වලට විරුද්ධ මත දරන බැවින් ලක්විදුටත් මටත් නින්දා අපහාස කරනවා. (නි)
සාධු සාධු සාධු!!! (නි)
ඔබ වහන්සේගේ බලාපොරොත්තු මෙලෙසින්ම ඉටුවේවා! (නි)
මේක මහා කැපකිරීමක් (හේ)
මමත් දැක්කා. මේ හාමුදුරුවන් වහන්ස ඔතන ඉදන් ඔය විදියට භාවන කරනවා. ඇත්තටම හරිම ශාන්ත පාටක් ඒ හාමුදුරුවන්ගේ දිහා දැක්කම පේනවා. (හේ)
මුදල් පාවිච්චි නොකරන බව ඇසීමත් සතුටට කරුණක් (නි)
පුර පසළොස්වක දිනයකදී මේ පුවත් දහමට ලැදි අය හිතට ගෙන ජිවිතයට යහපතක් ලෙස විනාඩි 5ක භාවනාවක් කරන්න අරඹා දවසින් දවස වැඩි කරන්න (හේ)
රංග හරි. සත් සතියේ 2 වෙනි සතිය මතක් කරගන්න. රෙක්ස් ගැන කියලා වැඩක් නැහැ. නමින්ම හිතාගන්න පුළුවන්. (නි)
ශරීරයට දුක් දීම හෙවත් අත්ථකිලමතානුයෝගය බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද දෙයක්. (බ)
අවුරුදු ගණනක් තිස්සේ දකින දසුනක්. නියම යෝගාවචරයන් වහන්සේ නමක්. දීර්ඝායු වේවා. (බ)
උන්වහන්සේ සෝවාන් බවට පත් වූ හිමිනමක්. අනේ සාදු (බ)
ස්පර්ශය නිසා සැප දුක උපේක්ෂා වේදනා ඇතිවේ. වේදනා නිසා තෘෂ්ණාව ඇතිවේ. තෘෂ්ණාව නිසා උපාදාන ඇතිවේ. උපාදාන යනු නැවත ඉපදීමට භවය සකස්කර ගැනීමයි. භවය නිසා ඉපදීමත් ඉපදීම නිසා ජාති දුක් දොම්නස් ව්‍යාධි ජරා මරණත් ඇති වේ (නි)
මෙයින් ගන්න තිබෙන දෙය තමයි රුවන්වැලිසෑයේ තිබෙන වටිනාකෙ. බුදු ගුණ මෙනෙහි කරන් මෙතන තමයි ස්ථානය. සිතේ ශ්‍රද්ධාව වර්ධනය කරගෙන දේව ආශිර්වාදය ලබාගෙන තමන්ට භාවනාවට අවශ්‍ය ශක්තිය දියුණු කරගැනීමට වන්දනා කළයුතුම ස්ථානයක් තමයි රුවන්වැලිසෑය. නමුත් භාවනායෝගී පුද්ගලයෙකුට භානාව කිරීමට උචිත වන්නේ මීටවඩා හුදෙකලා ස්ථානයක් බවයි මගේ හැඟීම (නි)
සාදු සාදු බුදු සරනයි අපෙ හාමුදුරුවනේ (බ)
ඔය හරි ධම්මික. අත්තකිලමතානු යෝගය මෙන්ම කාමසුඛල්ලිකානු යෝගයත් තියෙන්නේ හිතේ මිස කයේ නොවේ. තෙරුවන් සරණයි! (නි)
මෙතන සමහර අය මේ හාමුදුරුවෝ විවිචෙනය කරලා තියනවා. ඔවුන් නියම හාමුදුරුවන් හැටි යට දකින්නේ සැප වාහන වලින් ගොස් දේශපාලකයන්ට කඩේ යන චීවරධරින්ය. ඔවුන්ට මෙවැනි ආද්යාත්මික සුවයක් සොයා යන භික්ෂුවන් දකින්නේ වැරදි ලෙසය. භාවනා කිරීම දුකක් ලෙස දකිනවා. අද මිනිස්සුන්ගේ සිත් දුෂ්‍ය වෙලා නියම සත්‍ය ධර්මය යටපත් වෙලා. ක්‍රමයෙන් ලෝකය විනාශය කරා ගමන් කරනවා. (ර)
මට නම් පුදුමාකාර ගෞරවයක් ඇතිවුණා. සාධු සාධු!! (නි)
එරන්දි නෝනා මහත්මියට අනුව මෙතන මට ත්‍රිපිටකය පිලිබඳ අවබෝධයක් නැහැ, එතුමියට තියෙනවා, අනේ සාධු! (ර)
මම මීට වසර දෙකකට පෙරද ඔබ වහන්සේ මෙසේ සිටිනු දැක ඔබට ධෛර්ය වීරය පැතුවෙමි , ඔබ දැකීමෙන් කිසිවෙකු පුදුමවන්නේනම් ඒ පුදුම සිතිවිලිම ඔබගේ අධිෂ්ඨානයට පුජාවක් වේවා (බ)
ධම්ම, ඔබ දන්නවද ව්‍රත කියන්නේ මොනවද කියා? මෙවන් ඉරියව් පවත්වන සාධුවරු ඉන්දියාවේ ඕනෑතරම් ඉන්නවා. (නි)
නිර්වාණ අවබෝධයට ළඟාවෙන හිමිනමක් යැයි සිතනවා. මේ දසුන ඇසට ප්‍රියයි. මුදල් පරිහරණ නොකරන බව ඇසීමත් සිතට සැනසුම ගෙනෙනවා. (නි)
ඔබ වහන්සේව මමද දුටුවෙමි. ඒ දිනත් ඔබවහන්සේ සිටියේ මෙසේමය. සාදු සාදු සාදු!!! (නි)
සිත සමාධි කරගත් කෙනෙකුට බාහිර බාධා වලින් බේරෙන්න බෝඩ් ගහන්න ඕනද? (ම)
මම දැකලා තියනවා ඔය හාමුදුරුවෝ ඔය විදියට 2005 දීත්. (නි)
ඔබ වහන්සේව මමද දුටුවෙමි. ඒ දිනත් ඔබවහන්සේ සිටියේ මෙසේමය. සාදු සාදු සාදු!!! (ම)
ඉලේපෙරුම මහත්තයෝ, ඔයා දන්නා බව පෙන්වන්න ගිහින් නිකන් මෝඩයෙක් වෙන්න එපා. මම රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. අපි මාසෙකට දෙතුන් වතාවක් රුවන්වැලිසෑය වඳින්න එනවා. අපි මේ ස්වාමින් වහන්සේ 10 වතාවකට වැඩිය දැකලා තියෙනවා. මේකට කියන්නේ ශරීරයට දුක් දීම නෙමෙයි. මේක අපේ බුදුහාමුදුරුවන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලාට මේ හාමුදුරුවෝ කරන උපහාරයක්,පූජාවක්. (නි)
ජය ශ්‍රී මහ බෝ සමිඳු රැකවරණය ලැබේවා! (නි)
සාදු සාදු සාදු උතුම් ස්වාමීන්වහන්සේට මාගේ පා පියුම් නමස්කාරය හිමි වේවා. (බ)
මෙතන මට සහ ලක්විදුට විරුද්ධව බොහෝ අදහස් ලියා ඇත්තේ අභි ධර්මයට අනුව' දෝමනස්ස සහගත දිට්ටිගත සම්පයුත්ත සසන්කාරික අකුසල් සිත් ඇතුවයි. එයින් අකුසල් සිත් හටගෙන අකුසල් රැස් වන්නේ මටවත් ලක්විදුටවත් නොවේ. (ර)
අශාන්, බුදු හාමුදුරුවන්ට උපහාර කරන්නනම් "වීඩියෝ කර ගන්න. ඡායාරූප ගත්තාට වරදක් නැත " කියල බෝඩ් ගහගෙන ඉන්නේ මොකටද? (ර)
අශාන්, ඔයා දැක්කේ ඔය හාමුදුරුවෝ විතරද? මමනම් ඕනෑතරම් බැතිමත්තු ඔතන භාවනානු යෝගීව ඉන්නවා දැකල තියෙනවා. ඒ කවුරුවත් ඔහොම බෝඩ් ගහගෙන ඉන්නේ නැහැ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ හිතන්නේ එයාල හැර අනිත් අය මෝඩයෝ කියලා. (ර)
මෙහෙම කැපකිරීම් කරන්න ලේසි නැ කියන පලියට . මේ ස්වාමීන්වහන්සේට මම ඉතාමත් ගෞරව කරනවා. (ර)
ඔබවහන්සේට නිවන් අවබෝධ වේවා! (අ)
මෙවන් ශික්ෂාකාමී හිමිවරුන් තවමත් සිටින බව ඇසීමම වාසනාවකි (නි)
ලක්විදු, රෙක්ස්, ඔබ දෙපල පුළුවන් නම් විනාඩි 30 ක් මේ විදියට ඉන්න බලන්න. කටමැත දොඩවන්න එපා. බුදු දහම ගැන නොදන්නා ඔබ දෙපලට අනුකම්පා කරනවා. මේ හිමිනමට නිර්වාණ අවබෝධය ලැබේවා! (නි)
මෙහි ඇති කමෙන්ට් දැක පුදුම වෙමි, අපේ පාටක පිරිස ධර්මයෙන් කොතරම් පොහොසත් ද? සාධු සාධු සාධු.! (ර)
සාදු සාදු ප්‍රර්ථන ඉෂ්ට සිද්ද වේවා ! (අ)
ඉලේපෙරුම, ලක්විදු, රෙක්ස්, නුඹලාගේ නොදන්නාකම ලෝකයට ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
සිංහල බෞද්ධයාගේ පරම පුජනිය වස්තුව වූ රුවන්වලි චෛත්‍ය රාජයට ගෞරව දක්වන ඔබ වහන්සේට නමස්කාර වේවා.(අ)
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහමටත් වැඩිය දේවල් දන්නා පිරිසක් ඉන්න එක ගැන සතුටුයි. ඔතන අදහස් කරපු කවුද ත්‍රිපිටකය කියවලා තියෙන්නේ? තැනින් තැනින් අහුලාගත් දේවල් කියලා ධර්මය හෑල්ලු කරන්න එපා. (නි)
සාදු සාදු සාදු! වහ වහ ධර්මය අවබෝධ වේවා !(අ)
මම ඔබ වහන්සේ සරණ යමි. බුදුදහම තව චිරාත් කාලයක් පවත්වා ගැනීමට ඔබ වහන්සේලා මේ කරන කැපවීම ඉතා විශිෂ්ටයි. සාදු සාදු සාදු.! (ර)
අපුරුයි... මේ හාමුදුරුවෝ එක්ක එක දහම් කරුණක් වත් සාකච්චා නොකර , නොසෙල්වී සිටි පලියටම මාර්ග පලත් දීලා. (ර)
මෙවැනි දුෂ්කර වෘත බුදු හිමියන් අනුදැන වදාලේ නැත. (අ)
මමත් මීට වසර 7කට පමණ පෙර මෙම ස්වාමීන්වහන්සේව දැක්කා ශ්‍රී මහා බෝධීන්වහන්සේ ලගදි මෙම ඉරියව්වෙන්ම.. එදා මම මුලින්ම හිතුවෙ ප්‍රතිමාවක් කියලා.. පස්සෙ හිතුනා ජීවතුන් අතර ඉන්නවද කියලත්.. ඔබවහන්සේගේ සමවැදී ඇති ධ්‍යානය කුමක්ද කියා මා නොදනිමි.. ඔබවහන්සේ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගනිත්වා..! (ර)
ඔබ වහන්සේ සත්‍යක් වශයෙන් සිදුකරන මෙවෙනි පුජාවන් හැකි හැමෝම කරමු සුලු වේලාවකින් පටන්ගමු අවම විනාඩි 2ක් වත් ඉන්න බලන්න. (ර)
මුණසිංහ මත්තයෝ, මම කව්දැයි නොදැන ඔබ කොහොමද දන්නේ මට එසේ කල හැකිද නොහැකිද කියා. බුද්ධ කාලයේ සමහර තවුසන් ඔලුවෙනුත් හිටගෙන හිටියා සත්‍යය අවබෝධ කරගන්න. බුදුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කලා. (ර)
නියම භාවනාවක් නම් බෝඩ් මොකටද. මමනම් බෝඩ් ගහගෙන භාවනා කරනවා දැක්කමයි මේ. (ර)
ශ්‍රී මහා බෝධිය ඉදිරිපිටත් මම මේ හිමිනම දැක තිබෙනවා. අන් අයගේ අවධානය ලබා ගන්න දරන උත්සාහයක් ලෙසයි මට නම් පේන්නේ (බ)
ලක්විදූ මොනවා දැනගෙනද මේ විදියේ දේවල් ලියන්නේ වෘතය කියන්නේ කුමක්ද කියන දේ දන්නවද අනේ මන්දා අපේ බෞද්ධයන්ට වෙලා තියෙන දේ (බ)
අඩුම තරමේ සෝවාන් වෙන්නවත් ඕනේ වන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීමයි. ඒ අනුව හේතු පල සකස්වීම ගැන හා ඒ හේතු නැතිකර ගැනීමට සම්මා දිෂ්ටිය ඇතිකර ගැනීමයි . ත්‍රිපිටකය කටපාඩම් කළත් වැඩක් නෑ.සසරෙන් නම් ගොඩ එන්න බැහැ සම්මා දිෂ්ටිය නැතිව. (බ)
ලක්විදු මේක ඔයාට දුෂ්කර වෙන්න ඇති සිත සමාධියට පත් කරගත්තාම මේකත් එක භාවනා ක්‍රමයක් (බ)
මා ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයයි එනම් ඒ අප ශ්‍රී ලංකාවේ ජීවත්වන මිනිසුන්ගේ තිරිසනුන්වත් නොකරන දුර්ජන වැඩ කරනා මිනිසුන් ගේ සිත් පහන් වී සැබෑ මිනිසුන් ලෙස එකිනෙකාට ගරුකරන සැමගේ ආරක්ෂාව එකසේ සිතන සියලුම මිනිස් හදවත් සිතුවිලි මනුෂත්වයේ උතුම් ගති පැවතුම් වලින් පෝෂණය වී නැවත අප රට පිරිපුන් මිනිස් මිනිසුන්ගෙන් පිරි අප ශ්‍රී ලංකාව බුදුන් වහන්සේගේ ධර්මයේ අනු හස් පිරි මිනිසුන්ම වසනා දේශයක්ම වේවා !!! (බ)
උන්වහන්සේ සතුටක් ලබනවානම් ඇයි අපි කලබල වෙන්නේ (බ)
බුදු හිමියන් අනු දැන වදාළ වෘත ගැන දැන ගැනීමට නම් මුලින්ම බොදුනුවෙක් විය යුතුය. (බ)
ලක්විදු හරියට හරි. එක සැරයක් මම දැක්කා පස්සෙන් පස්සට රුවන් වැලි සෑය වටා ගමන් කරන කෙනෙක් (බ)
අනේ සාදු දැකීමත් සතුටක්... (ර)
විවේචනනම් බොහෝයි. නමුත් ඔය විවේචනය කරන කිසි කෙනෙක් පන්සලකට පල්ලියකට කෝවිලකට හෝ වෙන ආගමික ස්ථානයකට ගිහින් මෙවන් දුෂ්කරක්ක්රියාවක් කරයිද? තව කෙනෙකුට ආවඩන්න කලින් තමන්ගේ ඔය පන්චස්කන්දයේ මළකුණු හොදගත්තොත් නරකද අපාගත වෙන්න කලින්. (ර)
අද මිනිස්සු යථාර්තයෙන් ගොඩක් ඈතට ගිහින් වාණිජ කරණය නිසා, ඉදිරියටත් එය එසේම පවතීවි, ම්වැනි දසුනක් දුටුවම අපි ඉන්නේ කොහෙද කියල ටිකක් තේරුම් යනවා, එය එසේ කෙරීම, ස්වාමින් වහන්සේ කෙනෙකුගේ වගකීමක්. ස්වාමින් වහන්ස, ඔබගේ අදිටන ඉෂ්ට වේවා.! (ර)
ලක්විදු හරි කියා මටත් හිතෙනවා.බුදුරදුන් අත්තකිලමතානු යෝගය මෙන්ම කාම සුඛල්ලිකානු යෝගයත් පිළිකෙව් කළා. (බ)
ඒ වගේම ලංකාදීප කියවන අය ගැන හරිම ආඩම්බරයි, මෙම ප්‍රවෘත්තිය කියවපු අයගෙන් 5% ක් වත් අනෙක් ප්‍රවෘත්ති කියවා නැහැ. (බ)
පුද්ගල ශිලය ,සමාධිය ප්‍රඥාව,කොතරම්ද කියා කිසිත් නොදැන නිකරුනේ කල්ප ගණනාවක් විදින්න වෙන අකුසල් කරගන්න එපා (බ)
බෞද්ධයන් හැටියට සැවොම අගය කළයුතු දෙයක් ආදර්ශයක් මේ හිමි නම අපට ලබා දෙන්නේ. මෙයට විරුද්ධව අදහස් ලියන එක අයෙකුට පුලුවන්ද පැයක් තියා විනාඩි පහක් වත් ඔය විදියට ඉන්න. පන්සලකට ගියත් ඇතුල් වෙච්ච තැන ඉදල වැදගෙන හිටියට නේත්‍ර පුජාව කොහෙටද ඇම දාන්නේ කියල, අනේ අපේ සම හරක් බෞද්ධයෝ. (බ)
සුගත්, ඔබ බෞද්ධයෙක්ද? මගේ දෙමව්පියන් මට දුන් නමේ ඇති වැරැද්ද කුමක්දැයි කරුණාකර මට පහදා දෙන්න.(බ)
බුදු හිමියන් අනිමිසලෝචන පූජාව කරන කොට මේ ගොල්ලො දැක්ක නම් මොනව කියයි ද. අපිට අමාරු දෙයක් සිත එක අරමුනක තියන්න හැකි කෙනෙකුට අමාරු නෑ. (බ)
මේ ස්වාමීන්වහන්සේ මටත් හමුවුනා,උන්වහන්සේ මගේ අතේ පිරිත්නුලකුත් ගැටගහුව,මටනම් එවේලේත් දැනුත් හිතෙන්නෙම රහතන්වහන්සේ නමක් කියලමයි( මගේ පුද්ගලික අදහස) උන්වහන්සේ විවේචනය කරන්න ගිහින් විහින් අපාගත වෙන්න එපා ...(බ)
ඔබ වහන්සේට ඉක්මනින් සත්‍ය අවබෝධ වේවා නිවන් මග අවබෝධ කරගෙන අපටද එය පහදා දෙනු මැන (බ)
ඔබ වහන්සේව මමද දුටුවෙමි. ඒ දිනත් ඔබවහන්සේ සිටියේ මෙසේමය. සාදු සාදු සාදු!!! (ර)
හැමෝටම දහම් පාසලේ උගන්වන සත් සතිය වත් මටක නැහැ වගේ...!!! (බ)
දැන්වත් තේරුම්ගන්න බුද්ධ දර්ශනය කෙතරම් ප්‍රායෝගිකද කියා (නි)
අනේ මන්ද විවේචන නම් ගොඩක් තියෙනවා අපේ අයගේ අනේ කරුණාකරලා මේවා විවේචන කරන්නෙපා ඔකේ .අහන්න දකින්න අකමැතිනම් නිහඩව ඉන්නවනම් අගේ කොට සලකමි .(හේ)
අපි සියලුදෙනාම තම තම දහම් දැනුම ජීවිතයට ගලපාගෙන ජීවිතය තුලින් අවබෝද නොකරගත්තොත් අනේ අපි හැමෝම පවු...අපි තරම් අවසනවන්තයින් පිරිසක් මේ ලෝකෙම නැතිවෙයි... (හේ)
බුදුන් වැඩ සිටි අවධියක මම ජිවත් වෙන හැගීමක් දැනෙනවා. ඔබ වහන්සේට මගේ පුජෝපහාරය. (බ)
මුන්වහන්සේට ගොඩක් ගෞරව කරනවා (බ)
මෙවැනි හිමිවරු අපටද රටටද වාසනාවක් වගේම සතුටක්. මෙවැනි හිමිවරු විවේචනය කරන කෙනා අනිත් හිමිවරුන් කෙසේ විවේචනය කරාවිද. තමන්ගේ ආත්මෙට පව් පුරෝ ගන්න එපා. මෝඩ කමට සමාවක් ලැබේවිද. (බ)
මේක පුහුණු කිරීමේ ප්‍රතිඵලයක්. අපිට කරන්න අපහසු දෙයක්. ප්‍රයෝජනයක් තියෙනවාද නැද්ද දන්නේ ඒ හාමුදුරුවො තමයි. විවිධ විදිහට භාවනා කරන්න පුලුවන්. ඒ හාමුදුරුවො සමහරවිට බුද්ධානුස්සතිය වඩනවා විය හැකිය. (නි)
අපිත් මේවගේ භාවනා කරලා සංසාර ගමන කෙටි කර ගනිමු (බ)
මේවාට තම තමන්ගේ බුද්ධිය අනුව සටහන් තබන බව පෙනේ. කාහට වුවද ගැරහීම හෝ තමා නොදත් විෂයන් කතාබහට ලක්කිරීම නුසුදුසු දෙයක්. මෙය යම් ඉරියව්වක් පමණි. මනස දියුණුකර ගැනීමට වීර්‍ය අවශ්‍ය වේ. (නි)
බුදුන්ගේ කාලේ හොඳ වෙලාවට මුහුණු පොත් නොතිබුනේ. නැතිනම් උන්වහන්සේට මාර්ගඵල ලබාගන්නවත් දෙන එකක් නැහැ. (නි)
මෙය සමාධිය වැඩිය කෙනෙකුට අරුමයක් නොවේ. උන්වහන්සේ භාවනාව වඩමින් සමාධි සුවයෙන් ගතකරනවා ඇති. ධූතාං දැරූ භික්ෂූන් බුදුධ කාලයේත් වැඩ හිටියා. මහා කාෂයප හිමි අග්‍රස්ථානය ලැබූවා. මේ හිමි නම මිනිසුන්ගේ අවදානය ලැබ කුමක් ලබන්නද? උන්වහන්සේගේ සැපයට නිගා නොකොර බාදා නොකර සිටින්න... (ර)
මම ගොඩක් වෙලා බලාහිටියා මේ හාමුදුරුවන් දිහා. මට අාසා හිතුන කතා කරන්න. ඒත් මට අවස්ථාවක් ලැබුනේ නැහැ. මමත් ඉන්නේ අනුරාධපුරේ. එදා නින්දෙදි රෑ දෙකට විතර මේ හාමුදුරුවන් වහන්සේ හීනෙන් ඇවිල්ලා මට කිවුවා ඔබ මා වෙනුවෙන් බලාසිටිම ගැනත් මගේ භාවනාවට බාධා නොකිරීම ගැනත් ඔබට ගොඩක් පින්, ඔබට මා ගැන අවබෝධවීමට නම් ඔබේ සිත මගේ මානසික තලයට පැමිණිය යුතුයි, එසේ නොමැතිව කතා කිරීමෙන් ඔබටවත් මටවත් යහපතක් නොමැත, ඒ නිසා ධර්මයේම හැසිරෙන්න, ධර්මය හඹායන්න, ඔබට අවබෝධ වෙනවා‘ කියලා මේ හාමුදුරුවන් වහන්සේ යන්න ගියා. මට කිසිම බයක් හිතුනේ නැහැ. ඊට පස්සේ මට මේ හාමුදුරුවන් වහන්සේ ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා. මම විශ්වාස කරනවා උන් වහන්සේ ඉතා ඉහළ මානසික තලයකට පැමිණ ඇති කෙනෙක් බව
මේ හිමිනම දුටුවිටම මගේ සිතේ ලොකු ගෞරවයක් ඇතිවුණා (නි)
මෙතන කතා කරන සමහරක් පණ්ඩිත ධර්මධරයො දන්නෑ බුද්ධකාලීනව අනන්තවත් විවිධ රහතන් වහන්සේලා භික්ෂූන් විවිධ වත් ..(.වෘත) පිලිපැදි වග සරල නිදසුන් රූක්ෂ මූලික ...පාංශුකූලික සිව්රු පමණක් දැරීම..... දවසට එක් වේලක් වැලදීම.... දානය පාත්රයට එකවරකට වඩා නොපිලිගැනීම.... පාත්රයට ලැබෙන දේ ශේෂ නොකොට වැලදීම වගේ පිලිවෙත් අනන්තයි. මෝනෙයිය කියල වතකුත් තවත් බොහෝ දේ ධර්මයේ සදහන් ධර්මය නොදත්තාට කම් නැත එය තම නැණ පමණින් දැන ගත යුතු දෙයකි. එනමුත් දන්නා සුලු දෙයින් මහා දහමක් විසදීමට යාම හොද්දක තියන රම්ප කෑල්ලක් කාලා මුලු හොද්දෙම ගුණ බලනව වගේ පුස් වැඩක්..... (බ)
අභිධර්මයේ චිත්ත චෛතසික ගැන මනා අවබෝධයක් ඇති අයෙකුට පමණි, උන් වහන්සේ ප්‍රදර්ශනය කරන බෝඩ් එකේ ඇති සක්කාය දිට්ඨිය තේරෙන්නේ. (නි)
මේ හිමිනම පතන බෝධියකින් නිවන් සම්පත ළඟා කරගත හැකිවේවා! (නි)
මේ ලිපියට ලංකාදීපයට තුති!
දයානන්ද, මට ඔයාට කියන්න තියෙන්නෙත් ඔයා මට කියපු ටිකම තමයි. (නි)
උන්වහන්සේ විවේචනය කරන්න ගිහින් විහින් අපාගත වෙන්න එපා. මමත් ඒකට එකඟයි. මාර්ග ඵල ලැබී ඇති කෙනෙකුට මේක දුකක් නොවෙයි (නි)
මේ හිමිනම විවේචනය කරන අය අඩුතරමින් තමන් පන්සිල් පද පහවත් රකිනවද කියලා හිතලා බැලුවොත් හොඳයි (නි)
මිට වසර 10 කට පමණ පෙර සවස් කාලයකදී රුවන්වැලි වෙහෙර අභියස සැන්ඳෑ කාලයේදී හිරිපොද වැස්සේ සම්මා සතියෙන් මෙම ස්වාමින් වහන්සේ මෙසේ සිටිනු මම දුටුවෙමි (නි)
බුදු සරණයි අපේ හාමුදුරුවනේ! (නි)
සාදු සාදු සාදු, මිනිසුන්ට පුණ්‍ය කෙත වූ මහා සග රුවනට මාගේ නමස්කාරය වේවා...යහලුවනේ, බොහෝ අයට බුදුදහම ගැන බොහෝ දැනුම තිබෙන බව පේනවා, ඒ දැනුම අවබෝදය බවට පත්කරගන්න, එහෙම වුනොත් විතරයි ඇත්ත ඇති සැටියට දකින්න පුළුවන් වෙන්නේ, තථාගත සම්බුදු රජාණන් වහන්සේලා තුන්ලෝක ධාතුවම තුල අග්‍රයි, ඒ බව දැනුම පිරුණු මනසට වඩා සත්‍ය දකින මනසට විද්‍යාමානයි, (බ)
ලක්විදුගේ ප්‍රකාශය අනුමත කළ සහ සමාන අදහස් ඉදිරිපත් කළ සියලු දෙනා වෙත කරුණා මෛත්‍රිය පෙරදැරිව පෙන්වා දෙන්නේ, මේ ආර්‍ය මාර්ගයේ ගමන්ගන්නා වු උතුමන් වහන්සේට නින්දා අපහාස කරන්න එපා කියායි. එය තදබල අකුසල කර්මයක්. එය දෙවැනි වන්නේ පංච ආනන්තරීය පාපකර්ම වලට පමණයි. (නි)
මහා සෑයේ වටිනාකම දන්නේ මේ වීතරාගී හිමියන් පමණයි. බුදුහිමියන්ගේ ගොඩක් ධාතූන් වහන්සේ වැඩ ඉන්නේ මෙහිය. දවසක ශාසනය අතුරුදන් වන දවසට සියලු ධාතූන් වඩින්නේ මෙතැනටය එවන් උතුම් තැන් ගැන දන්නේ උතුම් අයය (බ)
ඉලේපෙරුම මහත්තයෝ, මේ හිමිනම භාවනා කරනවා. ඒක පහත් කරලා කතාකරන්න එපා (නි)
බුදු හාමුදුරුවෝ ඉපදුනු කාලයේ වගේ... ඒ කාලයේදීත් සසර ගමන කෙටි කරගන්න ගොඩක් මහන්සි වුන අය ඉන්නවා. ඉතින් අයෙත් කාෂ්ටක අවුවේ, නොකා නොබී බාවන කරන අය දැකීම සතුටක්. (ර)
රෙක්ස්, බෝඩ් දාලා තියන්නේ මිනිසුන්ගේ කරදරයෙන් මිදෙන්න (නි)
ලක්විදු... අභි ධර්මයේ චිත්ත චෛතිසිකය පිළිබද මනා දැනුමක් ඇති කෙනෙකුට ඒ දැනුම අවබෝදයක් බවට පත්නොකරගන්න තාක් කල් ඇසට පෙනෙන රුපය අරබයා කර්ම රැස් වෙන එක වලක්වන්න බැහැ, මේ සිත (චිත්ත, චෛතිසික ) බොහොම ආශ්චර්යක්, ඔබතුමාට බොහෝ දැනුම ඇති මේ සුන්දර දහම පිලිබදව, අනේ ඒ දැනුම අවබෝදය පවට පත්කරගන්න, ඔබ තුමා පමණක් නෙවෙයි, මෙතන කොමෙන්ට් දාන නොදාන හෙමෝම තම දහම් දැනුම තම ජීවිතය තුලින්ම දකින්න ගලපගන්න උත්සහකරන්න, නැත්නම් අපි හැමෝම හරිම පවු. (ර)
අවුරුදු ගණනක් තිස්සේ දකින දසුනක්. (ර)
2013 වසරේ පොසොන් පෝය දිනයේ උන්වන්සේව මම දුටුවෙමි. මගේ මතකයේ හැටියට රුවන්වැලිසයේ දිහා ඇසිපිහ නොහෙලා උන්වහන්සේ බලාගෙන හිටිය ව්දිය අදටත් මගේ යටිහිතේ තැන්පත් ව ඇත. මම උන්වන්සේ එදිරිපිට වැඳ වැටුනෙමි. එතෙක් වෙලා උන්වන්සේව නරබමින් එහා - මෙහා ගිය සැදැහැවතුන් වැඳ වැටෙන්න පටන්ගත් විදිය මා කරගත් පිනකි කියා අදත් මම සතුටු වෙමි. උන්වන්සේව දකින්නට ලැබීම මා පෙර බවයේ කල පිනකි කියා මටම හිතෙන වර ගාන අනන්තය. හාමුදුරුවනේ ඔබ වහන්සේට රහත්බාවය ලැබේවා.! (ර)
ඔබ වහන්සේ නියත විවරණ ලබත්වා! (නි)
දවසට පැය 4 ක් භාවනාවේ යෙදීම ශරීරයට දුක්දෙනවා කියා දකින බොදුනුවෝ ගැන පුදුම හිතෙනවා. රටේ පිස්සු නටන ඇතැම් භික්ෂුන් දකිනවිට මේ භික්ෂුව පිළිබඳව මට නම් ඇතිවන්නේ කියා නිමකළ නොහැකි චිත්ත ප්‍රීතියක්. (නි)
අද අපේ රටේ සමහර හිමිවරුන්ට මේ හිමිනම ආදර්ශයක්! (නි)
රෙක්ස් සහ ලක්විදු විවුර්තව ඔවුන්ගේ මත ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම හාමුදුරුවන්ට අපහාස කර නැත. මෙහි අදහස් දාන අය ඔවුන්ට පරිභව කරමින් අපහාස කරති. එය බුදුදහමට එකඟද ? ඔවුන්ට අදහස් පලකිරීමට අයිතියක් නැද්ද? (ර)
බුදු දහම යනු අනුමානය නොව ප්‍රත්‍යක්ෂය මුල්කොටගත් දහමකි. මෙම හිමියන්ගේ ධර්ම අවබෝධය පිළිබඳව අනුමානයෙන් තොරව ප්‍රත්‍යක්ෂයෙන් කරුණු දක්වන කිසිවෙක් මෙහි සිටීද? (ර)
ඒ ස්වාමින් වහන්සේ බුදු ගුණ සිහිකරන්වා විය හැක. නැතහොත් කිසියම් ආකරයකට සිත තැන්පත් කරගෙන භාවනා කරනවාද විය හැක. අපි නොදන්නා අපට නොතේරෙන දේවල් පහත්කොට සළකන්න එපා. ඒ ගුණයන්ට ගරුකරන්න (නි)
සාධු සාධු සාධු! වහ වහා ධර්මය අවබෝධ වේවා! (නි)
සාදු! සාදු!! සාදු!!! සාදූ! මමද අපගේ තිලෝගුරැ ගෙෳතම නම් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින රැවන්මැලි චෙත්‍ය රාජයානන් වහන්සේ පලමුව වන්දනා කොට ඒ ස්වාමීන් වහන්සේටද ගෙෳරවයෙන් පාද නමස්කාර කරමින් වන්දනා කරමි. (ර)
මෙවන් දසුනක් දැකීමත් වාසනාවක්! (නි)
එරන්ද මහතාණෙනි, ලක්විදු උන්වහන්සේට නින්දා කර ඇත්තේ කොහිද කියා මට කරුණාකර පෙන්වා දෙන්න. ඔහු කර ඇත්තේ විග්‍රහයක් පමණි. (නි)
ලක්විදු ඔලුවෙන් හිටගෙන කතාකරන බව පේනවා. මේ වගේ අය තමා බුදු දහමට නිගා කරන්නේ. මමත් බෞද්ධාගමිකයෙක් කියාගෙන බෞද්ධාගම විනාශ කරන පිරිස් අද රටේ කොන්ත්‍රාත් කරනවා. (නි)