ලබන 25 සිට මැයි 6 දක්වා අනවසර ගිනි අවි රජයට බාර දී ඒ සඳහා මුදල් ද ලබාදීමේ අවස්ථාවක් රජය ප්‍රථම වරට ප්‍රකාශ කරයි.
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසනුයේ ප්‍රශ්න නොවිමසා බාරදෙන ගිනි අවිවලට මුදල් ද ගෙවන බවයි.
බාර නොදෙන ගිනි අවි හිමියන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.
‘ගිනි අවි ආඥා පනතේ 30 වැනි වගන්තියේ විධිවිධාන අනුව අති ඇතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අනවසර ගිනි අවි රජයට භාරදීමට අපි පොදු සමා කාලයක් දී තිබෙනවා. ළගම තිබෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පොලිස් ස්ථාන වෙත අනවසර ගිනි අවි භාර දෙන ලෙස ඉල්ලනවා. ගිනි අවි භාර දෙන පුද්ගලයන් සඳහා පතරොම් තුවක්කුවක් හෝ හා සමාන ගිනි අවියක් ගල් කටස් බඳින තුවක්කු සදහා රුපියල් 5000 ක් ද පිස්තෝලයක්/ රිවෝල්වරයක් සදහා රුපියල් 10000ක් ද. ටී 56 ගිනි අවියක් සඳහා රුපියල් 25000 ක් ද ලබා දෙනවා.‘ යැයි ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන් නසන්න ප්‍රථම ඉල්ලීමට සවන්දී අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හොද අවස්ථාවක් (බ)
මේක හරි වැඩක්ද මන්දා. කසිප්පු පෙරල පොලිසියටම ගෙනත් දුන්නොත් කීයක් දෙනවද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ආයුධ කොහේහරි හංගලා මෙන්න මෙතනට ඇවිල්ලා ගන්න කියලා පණිවුඩයක් පොලිසියට එවන ක්‍රමයක් සැළැස්සුවා නම් ප්‍රතිචාරය වැඩිවෙයි නේද? ඒ මොකද ඔවුන් මුහුණ පෙන්වන්න කැමතිවෙන එකක් නැහැ. (නි)
අපේ ගෙදරත් ඔය කියන ජාතියේ බඩු මුට්ටු ටිකක් තිබිල හම්බ උනා. ගිහිල්ල බාර දෙන්න ඕන. (ර)
මෝල් ගසුත් හිටපු ගමන් පත්තුවෙන නිසා ගෙනත් දෙන්න බැරිද ? කීයක් වගේ දෙනවද? (බ)
උතුරට ගිහින් ආයුද ටිකක් ගොඩ ඇදගත්තනම් හොඳ ගාණක් හොයාගන්න පුළුවන්! (බ)
මොන අනුවන යෝජනාවද ? හොර අායුධ ආණ්ඩුවටම විකුණන්න (බ)
දැන් කුඩු ඔතන එක නතර කරලා කට්ටිය. ආයුද හදලා ගෙනත් බාරදී සල්ලි අර ගනියි ,කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ කියනවනේ. ගොළුවන්ට ඉල්ලුම වැඩිවෙයි අනේ දෙවියනේ මේ ආයුද අරන් එන කට්ටියව කැමරා කරන්න ඒ අයට නොදැනෙන්න (අ)
බය වෙන්න එපා, ආයුධ දෙද්දී මොනවත් අහන්නේ නැහැ. සීඅයිඩී එක ගෙදරටම ඇවිත් ඕන දේවල් අහන්නේ දවස් දෙක තුනකට පස්සේ.(බ)
බලාගෙන ඉන්න ලේකම් තුමෝ ගෙනත් දෙනකන්.ඔය කැඩිච්ච ආයුධ කීපයක් පෙන්නලා සල්ලිනම් ගනීවි. (බ)
අවි අත ඇති අය කියනවා ඇති 'අපි නම් අහුවෙයි' කියලා. (නි)
“හොර අවි ළඟ තබාගෙන සිටින අය වහාම මේ ගිනි අවි බාරදෙන්න“ කියා දින නියමයක් කර නිවේදනයක් නිකුත්කර එදිනට පසුව සෝදිසි මෙහෙයුම් සිදුකර වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළා නම් අපිට ආඩම්බර වන්න පුළුවන්. කර්ණ රසායන ගී අසා අපි දැන් හෙම්බත් වී සිටින්නෙමු (නි)