(අංජුල මහික වීරරත්න)
ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොවිඩ් - 19 වසංගතයත් සමඟ 2021-2024 කාලයේ රටට බලපෑ ආර්ථික අර්බුදය හේතුවෙන් බොහොමයක් සෞඛ්‍ය සේවා ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවා තිබේ.
ආර්ථිකයේ මෑත කාලීන දියුණුවත් සමඟ අත්හිටුවන ලද ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගත් නව ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.
ඒ අනුව, 2026 වර්ෂය සඳහා වන අයවැය කැඳවීමට අනුව, රාජ්‍ය ආයෝජන වැඩසටහනට ඇතුළත් කර ඇති සෞඛ්‍ය අංශයේ දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින ව්‍යාපෘති සහ නව මුලපිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් රාජ්‍ය ආයෝජන කමිටුව විසින් සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති ගණනාවක් රාජ්‍ය ආයෝජන වැඩසටහනට ඇතුළත් කිරීම සඳහා තෝරා ගනු ලැබ ඇත.
ඒ අනුව, එකී ව්‍යාපෘති අතරින් 2026 අයවැය ඇස්තමේන්තු මඟින් ප්‍රතිපාදන සලසනු ලබන පහත සඳහන් නව ව්‍යාපෘති 9 එළඹෙන වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* ජාතික මුඛ සෞඛ්‍ය සංගණනය - 2025/2026.
*යෝජිත ශල්‍යාගාරය, එන්ඩොස් ස්කොපි ඒකකය සහ හෘද - උරස් පුර්ව - ශල්‍ය වාට්ටුව ස්ථාපිත කිරීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පවතින සිව්මහල් ගොඩනැගිල්ල පුළුල් කිරීම.
* මාතලේ දිස්ත්‍රික් රෝහලේ ශල්‍ය සහ විකිරණ වේදී පහසුකම් සහිතමාතෘ සත්කාර ඒකකයක් සඳහා පස්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
* මහරගම මුඛ සෞඛ්‍ය සේවා ආයතනය සඳහා බාහිර රෝගී අංශය සහ විශේෂිත ඒකක සහිත පස්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
*වෝහාරික වෛද්‍ය සහ විෂවේදය පිළිබඳ ආයතනයේ පස්මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම ( කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය සඳහා).
*අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු, හදිසි ප්‍රතිකාර සහ ඒ ආශ්‍රිත සේවා සඳහා වන ගොඩනැගිලි සංකීර්ණය අදියර - 1 සහ අදියර - II ඉදිකිරීම.
* අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍ය නිලධාරීන්ගේ නිල නිවාස ඉදිකිරීම.
* මඩකලපුව ශික්ෂණ රෝහලේ විකිරණවේදී ඒකකය පුළුල් කිරීම.
* ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජාතික හදවත් මධ්‍යස්ථානය ඉදිකිරීම.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
889
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අලුත් සෞඛ්‍ය ව්‍යාපෘති නවයකට කැබිනට් අනුමැතිය