
(අංජුල මහික වීරරත්න)
නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත අවස්ථා ගණනාවකදී සංශෝධනය කර ඇති නමුත් එකී පනතින් ආවරණය වන ක්ෂෙත්‍රය තුළ ශීඝ්‍රයෙන් සිදුවන වෙනස්කම් සහ තාක්ෂණයේ වේගවත් දියුණුව මෙන්ම ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ද සැලකිල්ලට ගෙන ඒ සඳහා නව පනතක් හඳුන්වා දීම සඳහා සැකසූ පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇත.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය රට දියුණු කරනවා නෙවෙයි. එක එක පනත් ඒ ගොල්ලන්ට වාසි විදිහට ගේනවා විතරයි.
ඇත්ත වශයෙන්ම යල්පැනගිය ආගමන නීතිත් එක්ක සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න අමාරුයි.. online visa application එක දාලා අනුමැතිය ලබාගෙන ඕනෑම කෙනෙකුට ලංකාවට පැමිණීමට අවස්ථාව තිබිය යුතුයි.. ගුවන් තොටුපලේදී ඇඟිලි සලකුණු හෝ ඇස් සලකුණ ලබාගැනීමෙන් පසු වීසා නිකුත් කිරීමේ පිළිවෙලක් අනුගමනය කළ යුතුයි. එමෙන්ම ලංකාවට සංචාරක වීසා ලබාගන්නා අතරතුර මුදල් අයකර නැරඹිය යුතු සංචාරක ස්ථාන සඳහා දු ප්‍රවේශ පත්‍රයක් එකක් වැනි යමක් ලබාදීමද සිදුකළ යුතුයි. ඒ සඳහා සුදුසු පැකේජ කීපයක් සකස්කර ණය ඒවා මිලගණන් යටතේ නිකුත් කළ හැකිය.
පසුගිය කාලේ ගෙනාපු ආගමන විගමන පනත් වලින් රටේ සංචාරක වියාපාරයේ දියුණුවට හෝ විදේශ ආයෝජකයන්ට එහෙම නැතිනම් අවම වශයෙන් ශ්‍රී ලංකික සම්භවයක් සහිත විදේශ පුරවැසිභාවයක් හිමි පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට , ව්‍යාපාර ආරම්භ කිරීමට හැකි ආකාරයේ කිසිම සහනයක් හෝ රුකුලක් ලැබෙන දෙයක් තිබුනේ නැහැ , තිබුනේ ඒවා ඇහිරෙන මාර්ග සිදු වුනේ වීඑෆ්එස් මගම වැනි සමාගම් පසුපස සිට දේශපාලකයන්ට කොමිස් ගැසීමටත් , නිලධාරීන්ට පගාව ගැසීමට මාර්ග සැලසීමත් පමණි , අලුත් පනත් ගැනත් කිසිම බලාපොරොත්තුවක් නැහැ .
අලස් හරියට ගලේ පහරපු බළලා වගේ, කරපු වරද වහගන්න අලුතින් පනතක් ගේන්න හදනවා! ඔයිට වඩා හොඳ නැද්ද, වීදුරු කාමරේක සීතාම්බර පටලයක් ඇඳන් හිටියා නම්...!
එකත් අර වීසා වැඩේ වගේ මැරෙනකල්ම දිගටම ගත්තාම එකක් එන වැඩක් ද?