(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ එළුවන් 70,000ක් රැකියා නැති තරුණයන්ට නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.
ලංකාවෙි එළු පාලනය පුළුල් මට්ටමින් සිදු නොවෙන නිසා එළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන වන එළු මස් හා එළු කිරි වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. එමෙන්ම එළු සම් ලබා ගැනීම හා එළු පොහොර නිෂ්පාදනය මගින්ද ඉහළ ආදායමක් ලබා ගත හැකිය
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම වසරේ ග්‍රාමීය වශයෙන් එළු පාලනය ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබෙි.
මීට කෘෂිකර්ම අමාත්‍යාංශය වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 150කි.
ඒ අනුව මෙම වසර අවසන් වන විට එළුවන් 70,000ක් ලබා දෙන අතරම 2024 වසරේ දී එම ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීම අරමුණ වේ.
ජම්නපාරී, කොට්ටුකච්චි, බෝයර් හා සානන් යන එළු වර්ග ගොවීන්ට ලබා දීමට නියමිතය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
අලුත් අවුරුද්දේ ගොවියන්ට ’’එළු’’තෑග්ගක්
කිරිපුතා Sunday, 16 April 2023 09:53 AM
කිරට හෝ පොහොර සාදාගැනීම සඳහා නම් කමක් නෑ... අහිංසක සතුන් ඇති දැඩිකරලා ඔවුන්ව මරලා ඒ මසින් මිනිසාගේ අනවරාග්‍ර රස තෘෂ්ණාව සනහන්න ගම්වල අහිංසක තරුණයින් පොළඹවනකොට ඒ තරුණියන් දැනගන්න ඕන කුමක් හෝ නිසා පාපයක් කරන්නේ නම් එහි විපාක කිසිවෙකුත් නොව තමන්ම පරිභෝජනය කළ යුතු වග...
lahiru Sunday, 16 April 2023 10:39 AM
වාර්ශිකව පාසල් හැරයන අයට සරිලන සේ උසස් අධ්‍යාපන අවස්ථා හා වෘත්තීය පුහුණු අවස්ථා නිර්මානය කරන්න. මේ සඳහා පුද්ගලික සරසවි හා වෘත්තීය පුහුණු ආයතන වලටද අවස්ථා ලබාදෙන්න. තරුණයින් කෘෂි ව්‍යවසායකයින් කරන්න...
Bamunuarachchi Sunday, 16 April 2023 07:04 PM
ඔව් ඔව් එළුවන් ගන්නයි (කන්නයි) මන් ආවේ... එළුබෙටි කාපන තුන්දීරේ කිය කියා ඉන්න වෙයිද?