(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ එළුවන් 70,000ක් රැකියා නැති තරුණයන්ට නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.
ලංකාවෙි එළු පාලනය පුළුල් මට්ටමින් සිදු නොවෙන නිසා එළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන වන එළු මස් හා එළු කිරි වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. එමෙන්ම එළු සම් ලබා ගැනීම හා එළු පොහොර නිෂ්පාදනය මගින්ද ඉහළ ආදායමක් ලබා ගත හැකිය
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම වසරේ ග්‍රාමීය වශයෙන් එළු පාලනය ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබෙි.
මීට කෘෂිකර්ම අමාත්‍යාංශය වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 150කි.
ඒ අනුව මෙම වසර අවසන් වන විට එළුවන් 70,000ක් ලබා දෙන අතරම 2024 වසරේ දී එම ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීම අරමුණ වේ.
ජම්නපාරී, කොට්ටුකච්චි, බෝයර් හා සානන් යන එළු වර්ග ගොවීන්ට ලබා දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරට හෝ පොහොර සාදාගැනීම සඳහා නම් කමක් නෑ... අහිංසක සතුන් ඇති දැඩිකරලා ඔවුන්ව මරලා ඒ මසින් මිනිසාගේ අනවරාග්‍ර රස තෘෂ්ණාව සනහන්න ගම්වල අහිංසක තරුණයින් පොළඹවනකොට ඒ තරුණියන් දැනගන්න ඕන කුමක් හෝ නිසා පාපයක් කරන්නේ නම් එහි විපාක කිසිවෙකුත් නොව තමන්ම පරිභෝජනය කළ යුතු වග...
වාර්ශිකව පාසල් හැරයන අයට සරිලන සේ උසස් අධ්‍යාපන අවස්ථා හා වෘත්තීය පුහුණු අවස්ථා නිර්මානය කරන්න. මේ සඳහා පුද්ගලික සරසවි හා වෘත්තීය පුහුණු ආයතන වලටද අවස්ථා ලබාදෙන්න. තරුණයින් කෘෂි ව්‍යවසායකයින් කරන්න...
ඔව් ඔව් එළුවන් ගන්නයි (කන්නයි) මන් ආවේ... එළුබෙටි කාපන තුන්දීරේ කිය කියා ඉන්න වෙයිද?