
(නිමල් ජයරත්න)
කොළඹ සිට දෙහිඅත්තකණ්ඩිය බලා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් ඊයේ 14 වෙනිදා රාත්‍රි 11.30 ට පමණ දිඹුලාගල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරෙන් රියැදුරු සුළු තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
වන අලියකු මාර්ගය හරහා ගමන් කරන විට එම වන අලියා බේරා ගැනීමට ගත් උත්සාහයේදී බස් රථය මාර්ගයෙන් ඉවතට ගැනීමට සිදුවූ බව රියැදුරු සහ කොන්දොස්තරවරයා පොලිසියට පවසා ඇති බවද ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරයා සමග තවත් මඟින් තිදෙනකු පමණක් සිට ඇති බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී.ආරියරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd