හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ අතුරු නියෝගය මඟින් අලස් මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමේ බාධාවක් නීතීපතිවරයාට පනවා නැතැයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (18) ඒකමතිකව තීන්දු කළේය.
රජයේ රුපියල් මිලියන දෙසීයක් සාවද්‍ය සාපරාධි පරිහරණය , ඒ සඳහා අනුබල දීම , කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා හතක් යටතේ නීතිපතිවරයා විසින් මේ වන විට කොළඹ මහාධිකරණය යටතේ පවරා ඇති නඩුව දිගටම පවත්වාගෙන යැ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
එසේම පවත්වනු ලබන විමර්ශන වලට අනුව මහාධිකරණය හමුවෙහි ටිරාන් අලස් මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමේ හැකියාව නීතිපතිවරයාට ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය. ටිරාන් අලස් මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙහි පිටපතක් කඩිනමින් මහාධිකරණය වෙත යොමු කරන ලෙසද නියෝග කැරිණි.
ඊවා වනසුන්දර ,අනිල් ගුණරත්න සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි.
ටිරාන් අලස් මහතා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගය පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස ඉල්ලා මහාධිකරණය විසින් යොමු කරන ලද මෝසමක් පිළිබඳ කරුණු සලකා බැලීමේන් පසු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගයන් නිකුත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් බලවත් අදිසි හස්තයක් මොහුට ආරක්ෂාව දෙනවා. මොහු අද ලංකාවේ බලගතුම පුද්ගලයන්ගෙන් කෙනෙක් තමයි ! (අ)
හෙල්පින් හම්බන්තොට මුදල්වලින් එමිල්කාන්තන් මගින් එල්.ටී.ටී.ඊ. එකට කියන පගා ගහන්න මේ වීර පුරුෂයා මැදිහත් වුණා කියල චෝදනාවක් තිබුණා වගේ මතකයි. ඒකට නඩු නැද්ද තවම. පවු. රට ජාතිය බේරා ගන්න ඉදිරිපත් වුණ වීරයන්ට අරියාදු කොරන්න නාකයි! (අ)
ගෙවල් ටිකක් හදලා පෙන්වනතුරුද නඩු නොපවරා ඉන්නේ (නි)
හොරු ආරක්ෂා කරන අදිසි හස්තය තියෙන්නේ කොහෙද කියලා ඊයේ පෙරේදා දවස්වල රටටම තේරුනා නේද, ශ්‍රී ලාල්. (නි)
අනේ මන්දා ශ්‍රීලාල් කියන්නේ කවුරු ගැනද කියලා (නි)
හොඳක් කරපු දේශපාලකයෙක් ගැන අහන්න වාසනාවක් මේ රටේ මිනිසුන්ට නැහැ. මාධ්‍යය තොරතුරු වලින් 90% වෙන්වෙන්නේ දේශපාලුවන්ගේ හොරකම්, පළාත් සභාවල ඇනකොන්ඩලාගේ මැරකම්, කුඩු රජුන්ගේ බලුකම්, වාහන මඟමරුවන්ගේ හපන්කම් ගැන. (නි)
සත්‍යා, ඕකට වගකියන්න ඕනෑ ඔයාලමයි. ඒවා අහ අහා ඔය හොරු, මිනීමරුවෝ, කුඩුකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, ළමා අපචාරකාරයෝ ඔක්කොම පාර්ලිමේන්තුවට හරි කොහාටහරි යවන්නේ ඔයාලමයි. දැන් ඉතින් අඬලා වැඩක් නැහැ. (නි)