කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව මඟින් අභාවප්‍රාප්ත ආර්.අයි.ටී. අලස් මැතිතුමන්ගේ ගුණ සිහිපත්කර එතුමන්හට පිං පැමිණවීමේ පිංකමක් ලන්ඩන් නුවර තේම්ස් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවේදී විහාරාධිපති පුජ්‍ය කහතේවෙල හිමියන්ගේ ධර්මදේශනාවක් සහ බ්‍රිතාන්‍ය ත්‍රිවිධ හමුදාවන්හි බෞද්ධාගමික උපදේශක මහාචාර්ය සුනිල් කාරියකරවනයන්ගේ ගුණසමරු දේශනයක්ද පැවැත්වෙයි.
මෙම මස 8 වෙනි ඉරුදින සවස 5 සිට 8 දක්වා තේම්ස් විහාරස්තානයෙදී පැවැත්වෙන එම පිංකම සඳහා සහභාගීවන ලෙස සියලුම දෙනාට ආරාධනා කරනු ලබන බව ආදී සිසු සංගමය දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිදිය යුත්තන් පිදිය යුතුය. හොඳ වැඩක්. (ස)
ගුරු පියාණන් හට නිවන් සුව පතමි. (ස)
අලස් මැතිඳුනි ! අධ්‍යාපන අඹරේ ඔබගේ රිදී නාමය නිරතුරුවම දිලේවා ! මාගේ පුතුන් දෙදෙනා ද ඔබතුමන් එලිපෙහෙලි කළ ඔය පාසැලේ සිසුන්ය යන්න මට, අපට ඇති ආඩම්බරයයි. (ස)
බොහොම හොදයි (නි)