(රෝෂන් තුෂාර)
මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තර වරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වවුනියාව ඩිපෝවේ ජේෂ්ඨ කළමනාකාරවරයෙකු හා කාර්යාල කාර්ය සහායකයකු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (05) නියෝග කළාය.
ත්‍රිකුණාමලයේ සිට මවුනියාව දක්වා ධාවනය වු බස් රථයක මගීන් දෙදෙනෙකුගෙන් මුදල් ලබාගෙන ටිකට් පත් ලබා නොදීම සම්බන්ධයෙන් විමර්ශනයකින් පසු පැමිණිලිකාර කොන්දොස්තරවරයාගේ රැකියාව අත්හිටුවා විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අදාළ පරීක්ෂණයේ විනය බලධාරියා ලෙස කටයුතු කළ සැකකාර නිලධාරියා නැවත රැකියාව ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ලබා ගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
දෙවන සැකකරු ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යාල කාර්ය සහායක වරයෙකු ලෙස කටයුතු කර ඇති බවත් මුදල් ලබාගෙන පළමු සැකකරුට ගෙන විත් භාරදීමට කටයුතු කර ඇත්තේ දෙවන සැකකරු බවත් කොමිසම සඳහන් කළේය.
අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා ලබන 09 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අල්ලසක් ගත් වවුනියා ඩිපෝවේ ලොක්කෙකු රිමාන්ඩ්