අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (1) එම කොමිසමටම පැමිණිල්ලක් කළේය.
බාලපටබැඳි මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කරද්දී දුන් තීන්දුවක් උල්ලංඝනය වන පරිදි ඔහු විසින්ම වාහන මිලදීගැනීමක් කර ඇතැයි කියමින් මෙම පැමිණිල්ල කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසිනි.
ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා නැතිකම. මිනිස්සු යන එන පුජනීය ස්ථාන නේද? (නදී)
මේකම තමයි විනාසේ , ලොකු අය මහා පරිමානෙන් කරනකොට පහල ඈයො ඉතින් හිතුමතේට කරනවා.(නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
ජ . වී . පෙ නායකත්වය පක්ෂයේ ප්‍රතිපත්ති වලට නොගැලපේ. දැන් අධිරාජ්‍යවාදීන්ට බැණ බැණ සිටින නායකත්වය 89 දී සාමාජිකයන් අතරමන් කර දමා අවරුදු 10 ම එංගලන්තයට වී සිටියේය. විජිත හේරත් , සුනිල් හදුන්නෙති , ටිල්වින් සිල්වා වැනි ජනතාව පිළිගන්න නව නායකත්වයක් යටතේ තරග කලොත් ඡන්ද වැඩි කරගන්න පුළුවන්. කෙසේ නමුත් අල්ලස් කොමිසමේ සභාපතිට විරුද්ධව පැමිණිලි කිරම හොඳ දෙයක් ලෙස දකිමි.(නදී)
එල්ලෙන්න වැලක් නැතුවනේ හිටියේ..! (අ)
ලොක්කෝ වැරදි කරනවා නම්, දැඩි දඬුවම් කලයුතුය (අ)
මම මේක කියවනකොට කොමෙන්ට්ස් පහක් තිබුනා. ඒ උනත් කව්රුවත් මේ දේ කරපු ජේ වී පි එකට හොදක් නං කියල නැහැ.(නදී)
දැන් අපි මේවා කියන්නේ කාටද?(දිල්)
ජේ. වී. පී එක හොඳ වැඩ කෙරුවට ඕනෑම වෙලාවට ඇන ගන්නවා. එදා ෆොන්සේකා මහත්මය පස්සේ නොගිහින් තනිවම ඡන්දෙ ඉල්ලුවා නම් අනාගතේ මෙවර ජනාධිපති වෙනවා නියතයි . (අ)
මෙච්චර වැරදි,අසාධාරනකම් ගැන කතා කරන ,පෙන්වාදෙන ජේ.වී.පී. එකට මිනිස්සු ඡන්දෙ නොදෙන්නේ ඇයි? (නදී)
මෙයා නේද හිටපු අගවිනිසරුවරියටත් චෝදනා ගොනුකලේ . ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. (නදී)
ලංකාවේ අල්ලස් ගැනීම නීත්‍යානුකූල කලොත් ඔය දෙපාර්තමේන්තුවත් වහල දාල දූෂණයක් නැති රටක් වෙයි නේද? (නදී)
ජේ වී පි එකත් කල නරක තේරුම් ගත් පක්ෂයක් විදිහට යුගයේ අවශ්‍යතාවය යත් තේරුම් අරගෙන වගේ . (අ)
අතීතය මතක සහ එයට බය අය ජේ වී පි එකට ඡන්දෙ දෙන්නේ නැහැ. නමුත් මෙය ගොඩක් හොද වැඩක්. (අ)
" මේ වැඩේ කෙරුවොත් මහන්සිය දෙන්නම්.." කියන යෙදුමේ තියෙන "මහන්සිය" අල්ලසට වැඩිය වෙනස් නේද..? මොකද "සන්තෝසම්" හෝ "මහන්සිය" සමාජේ ඕන තරම් තියෙනවා. ඒවා අල්ලන්නේ නැහැනේ. (නදී)
ජවිපෙ වැරදි කරලම නැත්ද? කරුණාකරලා 88-89 කාලේ මරපු මිනිස්සුන්ගේ ගණනත් නාම ලේඛනයක් එක්ක ප්‍රසිද්ද කරන්න. ඔය කාරනයට වඩා ඒක වැදගත් නැත්ද? (නදී)
දේවාලේ කපුවා දේවාලේ ඇතුලේ කැත කලාට ප්‍රශ්ණයක් නෑ කියල අපේ අත්තම්මා දවසක් කිව්වා මතකයි.(නදී)