අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (1) එම කොමිසමටම පැමිණිල්ලක් කළේය.
බාලපටබැඳි මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කරද්දී දුන් තීන්දුවක් උල්ලංඝනය වන පරිදි ඔහු විසින්ම වාහන මිලදීගැනීමක් කර ඇතැයි කියමින් මෙම පැමිණිල්ල කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසිනි.
ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ලොක්කා ගැන ජවිපෙන් පැමිණිල්ලක්
දයා අලහාකෝන් Wednesday, 01 January 2014 05:56 PM
ලැජ්ජා නැතිකම. මිනිස්සු යන එන පුජනීය ස්ථාන නේද? (නදී)
පිටබැද්දර ජයා Wednesday, 01 January 2014 06:21 PM
මේකම තමයි විනාසේ , ලොකු අය මහා පරිමානෙන් කරනකොට පහල ඈයො ඉතින් හිතුමතේට කරනවා.(නදී)
හේමාල් Wednesday, 01 January 2014 06:39 PM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
ද සිල්වා බෙර්ලින් Thursday, 02 January 2014 04:47 PM
ජ . වී . පෙ නායකත්වය පක්ෂයේ ප්‍රතිපත්ති වලට නොගැලපේ. දැන් අධිරාජ්‍යවාදීන්ට බැණ බැණ සිටින නායකත්වය 89 දී සාමාජිකයන් අතරමන් කර දමා අවරුදු 10 ම එංගලන්තයට වී සිටියේය. විජිත හේරත් , සුනිල් හදුන්නෙති , ටිල්වින් සිල්වා වැනි ජනතාව පිළිගන්න නව නායකත්වයක් යටතේ තරග කලොත් ඡන්ද වැඩි කරගන්න පුළුවන්. කෙසේ නමුත් අල්ලස් කොමිසමේ සභාපතිට විරුද්ධව පැමිණිලි කිරම හොඳ දෙයක් ලෙස දකිමි.(නදී)
සමන්ත Wednesday, 01 January 2014 08:14 PM
එල්ලෙන්න වැලක් නැතුවනේ හිටියේ..! (අ)
තිලක් Wednesday, 01 January 2014 08:18 PM
ලොක්කෝ වැරදි කරනවා නම්, දැඩි දඬුවම් කලයුතුය (අ)
සාලිය Wednesday, 01 January 2014 09:44 PM
මම මේක කියවනකොට කොමෙන්ට්ස් පහක් තිබුනා. ඒ උනත් කව්රුවත් මේ දේ කරපු ජේ වී පි එකට හොදක් නං කියල නැහැ.(නදී)
සුමංගල -ඇල්පිටිය Wednesday, 01 January 2014 10:22 PM
දැන් අපි මේවා කියන්නේ කාටද?(දිල්)
කුමාර ඩුබායි Thursday, 02 January 2014 12:25 AM
ජේ. වී. පී එක හොඳ වැඩ කෙරුවට ඕනෑම වෙලාවට ඇන ගන්නවා. එදා ෆොන්සේකා මහත්මය පස්සේ නොගිහින් තනිවම ඡන්දෙ ඉල්ලුවා නම් අනාගතේ මෙවර ජනාධිපති වෙනවා නියතයි . (අ)
බිනර Thursday, 02 January 2014 03:26 AM
මෙච්චර වැරදි,අසාධාරනකම් ගැන කතා කරන ,පෙන්වාදෙන ජේ.වී.පී. එකට මිනිස්සු ඡන්දෙ නොදෙන්නේ ඇයි? (නදී)
සමන්ති Thursday, 02 January 2014 04:25 AM
මෙයා නේද හිටපු අගවිනිසරුවරියටත් චෝදනා ගොනුකලේ . ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. (නදී)
පෙරේරා Thursday, 02 January 2014 05:31 AM
ලංකාවේ අල්ලස් ගැනීම නීත්‍යානුකූල කලොත් ඔය දෙපාර්තමේන්තුවත් වහල දාල දූෂණයක් නැති රටක් වෙයි නේද? (නදී)
සාරම් Thursday, 02 January 2014 08:35 AM
ජේ වී පි එකත් කල නරක තේරුම් ගත් පක්ෂයක් විදිහට යුගයේ අවශ්‍යතාවය යත් තේරුම් අරගෙන වගේ . (අ)
අමිල සින්ග් Thursday, 02 January 2014 09:16 AM
අතීතය මතක සහ එයට බය අය ජේ වී පි එකට ඡන්දෙ දෙන්නේ නැහැ. නමුත් මෙය ගොඩක් හොද වැඩක්. (අ)
අල්විස් Thursday, 02 January 2014 12:02 PM
" මේ වැඩේ කෙරුවොත් මහන්සිය දෙන්නම්.." කියන යෙදුමේ තියෙන "මහන්සිය" අල්ලසට වැඩිය වෙනස් නේද..? මොකද "සන්තෝසම්" හෝ "මහන්සිය" සමාජේ ඕන තරම් තියෙනවා. ඒවා අල්ලන්නේ නැහැනේ. (නදී)
මුණසිංහ Friday, 03 January 2014 08:59 AM
ජවිපෙ වැරදි කරලම නැත්ද? කරුණාකරලා 88-89 කාලේ මරපු මිනිස්සුන්ගේ ගණනත් නාම ලේඛනයක් එක්ක ප්‍රසිද්ද කරන්න. ඔය කාරනයට වඩා ඒක වැදගත් නැත්ද? (නදී)
ලක්ෂමන් ජයවර්ධන Wednesday, 01 January 2014 04:52 PM
දේවාලේ කපුවා දේවාලේ ඇතුලේ කැත කලාට ප්‍රශ්ණයක් නෑ කියල අපේ අත්තම්මා දවසක් කිව්වා මතකයි.(නදී)