දිනපතා කොටි තුනක් පමණ ඉපැයූ මුදල් අහිමි වීම නිසා ඇවන්ගාඩ් පිරිස් මරලාතෝනි දෙමින් පත්තර කන්තෝරු වලට යන්නේ යැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කියයි.
තමා ඇවන්ගාඩ් වෙතින් අල්ලස් ගත් බව සමහරුන් ප්‍රචාරය කරන බවත්, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග ඇමැතිවරුන් සමඟ තමා පොලිස්පතිට පැමිණිල්ලක් කළ බවත්, අල්ලස් දුන්නේ හා ගත්තේ කවුදැයි ළඟදීම එම පරීක්ෂණයෙන් පසුව හෙළි වනු ඇති බවත් සේනාරත්න මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක රාජිත ඇමතිතුමාට මඩ ගහන්න එපා! (නි)
හොඳයි එහෙනම් කරලම පෙන්වන්නකෝ (නි)
මේ ඇමතිතුමා ඇවන්ගාඩ් එකට පුදුම ආදරයක්නේ තිබෙන්නේ? ඒ බව රටේ ජනතාවට හොඳින් තේරෙනවා. (නි)
පව් අනේ! රාජිත මහත්තයා හරිම අවංකයි (නි)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ (නි)
ද්වේශයෙන්, මානයෙන් පිරුණු අය කවුද කියලා ජනතාව දන්නවා (නි)
පරාජිත දේශපාලනය තුරන් කරමු. (නි)
දැන් අවුරුදු එකහමාරක් තිස්සේ පෙන්නපුවා ගැන ජනතාවට හොද අවබෝධයක් තිාබනවා. (නි)
අනේ රටට ජාතියට ආදරේ කරන දේශපාලකයෝ? මේගොල්ලන්ට තියෙන්නේ ඇවන්ගාඩ් විතරමද? මඩගහන එකමද? (නි)
තමන්ගේ මඩිස්සලේ පුවක් තියාගෙන අනුන්ගේ මඩිස්සලේට අත දානවා පුවක් කෑලි අහුලන්න. අනේද කියන්නේ.. (නි)
රාජිත මහත්තයා විතරක් නෙමෙයි එතුමාගේ පුතත් හරිම අවංකයි. (නි)
එහෙම වෙනවා නම් හොඳයිනේ ඉතින් (නි)
රජිතම කියනවා නම් දිනපතාම කෝටි 3 ක් ඉපයුව කියල, මාසෙකට කෝටි 90 ක අදායමක් රට ඇතුලට ආපු එක ද මෙයාල හපන්කමක් වගේ නවත්තල තියෙන්නේ ? ඇත්ත ඒක නම් ආණ්ඩුව රටේ අදායම් මාර්ග නැති කරගෙන නේද? (බ)
කියන්න නම් දේවල් කොච්චරද නේ.(හේ)
ළගදිම හෙළි වෙයි කවුද අල්ලස් ගත්තේ කියලා.(හේ)
මෙහෙම පාට මාරු කරන කටුස්සොත් නැතුව ඇති.මොනවා හිතාගෙන ජීවත් වෙනවද මන්දා.(හේ)
ඔහොම යමුකෝ (හේ)
හෙළි වෙයි හෙළි වෙයි බලමුකෝ.(හේ)
අල්ලස් ගත්ත අය කොහොමත් හෙලි වෙයි. දැන් කෑ ගහලා වැඩක් නෑ.(හේ)
ඔබට ඉදිරියටම යාමට ශක්තිය ලැබේවා! (නි)