රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගනීද්දී ලග්ගල ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියවන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.
එම ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකු විසින් කරන ලද සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් ගෙවිය යුතු චෙක්පත් ඉක්මණින් නිකුත් කිරීම සඳහා රුපියල් 100,000 ක මුදලක් ඉල්ලා එය ලග්ගල තෝරපිටියේ දී ලබා ගනිද්දී ප්‍රාදේශිය සභා ලේකම්වරයා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් අයටත් පාඩමක් වෙන්න උපරිම දඬුවම් දෙන්න (නි)
කවුරු කළත් මේ වැඩ හරිම වැරදියි. (නි)
චාන්දනී, නොදන්නා දේ කතා කරන්න එපා (නි)
බලනකොට හොඳයි කියලා කියන්න පුලුවන් කෙනෙක් නැහැ (නි)
පරිපාලනය සිංහලයට සුදුසු රැකියාවක් නොවෙයි. එය සුද්දාට සහ දමිළයන්ට හරියන රැකියාවක්. සුද්දගේ කාලේ සුද්දා දමිළයන් හරියටම පුහුණු කළා අපේ අයව පරිපාලන රැකියාවලට ගත්තේ නැහැ. අපි රජයේ සේවය කරන කාලේ අංශ ප්‍රධානීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් දෙමළ අය. ඔවුන් නියමෙට ඒ රාජකාරිය කළා. මේක තමයි තිත්ත වුණත් ඇත්ත. (නි)
සුපිරි යැයි තමුන්ම කියාගනිමින් දේශපාලකයින් රවටන පරිපාලන සේවයේ සුපිරි වැඩක් (නි)
ප්‍රාදේශීය සබා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල විශේෂයෙන්ම මේ වැඩේ වැඩියෙන්ම තියෙනවා. මේවාගේ වැඩ වලට ස්වභාවයෙන්ම දඬුවම් ලැබෙනවා අනිවාර්යෙන්ම (නි)
මේ වාගේ තනතුරු දරන අය මෙවැනි පහත් වැඩ කිරිම ගැන නම් කනගාටුයි. (ම)
මේ වගේ තව කොච්චර ගන්න ඇද්ද? (නි)
ප්‍රාදේශීය සභාවල තරම් වංචා දූෂණ වෙන වෙනත් තැන් නැතිතරම් (නි)
වැටත් නියරත් ගොයම් කා නම්... (නි)
දැන් මෙයාට ක්ෂණික නීතිය ක්‍රියාත්මක වේවි. ඇපත් පහසුවෙන් ලැබෙන එකක් නැහැ. නමුත් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ඉන්න මහා පරිමාණයේ හොරුන්ට, දූෂිතයන්ට නීතිය තාම යටගහලා. මේකට තමයි කියන්නේ තාම රටේ නීතිය හාල්මැස්සන්ට පමණයි කියලා (නි)
මේ වගේ අය මේ රටේ තව කොච්චර නම් ඇද්ද, අහුනොවී (නි)
දියහැකි උපරිම දඬුවම් දෙන්න (නි)
මේ වගේ දේවල් රටේ හැමතැනම වගේ දැන් වෙන්න පටන් අරන් (නි)
සමහරු දාන අදහස් දැක්කම ඔවුන් ඉන්නේ කොහෙද කියලා අහනවා. වංචාවක් හොරකමක් අල්ලපු ගමන් අහන්නේ ඇයි අරූව අල්ලන්නෙ නැද්ද? තව කොච්චර හොරු ඉන්නවද? ඔය වගේ කතා තමයි. (නි)
මේ අයට නම් දඩුවම් ලැබෙයි. ඒත් දේශපාලුවෝ......? (අ)
මේරට කන්නේ ප්‍රාදේශීය සභා අය. මේවට තවත් බල තල දෙන්නයි හදන්නේ. අනේ සුද්ද ගේ පාලනය අපට ලැබුනම රටට වෙන දේ . (අ)
චාන්දනී මේක සුද්ද දීපු පාලනය නොවෙයි සුද්ද දුන්නේ සුපිරි පාලනයක්. 1977න් පසු හැම පාලනයක්ම බල්ලට ගියා. දැන් බලු මැක්කට ගිහිල්ල. අපි ඒකාලේ රජයේ සේවයේ සිටිනිසා කියන්නෙ. (අ)
ලොකු තනතුරු දරන අය තමයි කපිල මේවගේ දේවල් කරන්නේ. පොඩි එවුන් ඕවට බයයි(අ).
කුඩු කරුවෝ එළියේ මැක්කෝ ඇතුලේ , යහපාලනය මෙගා ඩීල් , (අ)
චාන්දනී ප්‍රාදේශීය සභා ලේකම්වරු පරිපාලන සේවයේ අය නොවේ. (අ)