මෝටර් රථ අමතර කොටස් ආනයන කරුවකුගේන රුපියල් කෝටි දොළහමාරක අල්ලසක් ගත්තැයි කියන සිද්ධියේ පරීක්ෂණ පවත්වන අල්ලස් කොමිසමේ නිලධාරියාට අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (16) නොතීසි යැවීය.
සුධීර පරාක්‍රම ගුණදාස, ජගත් ගුණතිලක හා උපාලි පෙරේරා මේ නඩුවේ සැකකරුවෝ ය.
රේගුවේ නියොජ්‍ය අධිකාරීවරයෙක් සහ සහකාර අධිකාරීවරයෙක් ඒ අතර වෙති.
ලංගම වෙනුවෙන් ගෙන්වූ අමතර කොටස් බෙදා හැරීම සඳහා මෙම අල්ලස ගත්තැයි පැමිණිල්ලේ සඳහන්වේ.
තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පැමිණිල්ල අධිකරණයට දැන්වීය.
වැඩිදුර විභාගයට මැයි 31ට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd