ඇවන්ගාඩ් සමාගම සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට රුපියල් ලක්ෂ 50ක් දුන් බවට ඇවන්ගාඩ් සමාගම කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කළ පැමිණිල්ලක් අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද රාමනායක මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.
පැමිණිල්ලේ කරුණු තහවුරු කර ගැනීමට ඒ මහතාගෙන් ප්‍රශ්න කළ බව කොමිසමේ ආරංචි කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අයට ඕනෑ මෙතුමා ටයි කෝට් ඇඳගෙන යනවා දකින්න වගෙයි (නි)
මේ වගේ අයට හුරේ දාන අය ඉන්නා රටක ඉපදීමත් පාපයකි (නි)
ඇඳුමෙන් මිනිස්සු මනින්න බෑ. මෙතනදි ගිහින් තියෙන්නේ පැමිණිල්ලේ සාක්ෂි දෙන්න. (ම)
ඔහොම යමු ඇමතිතුමා. දුෂණය,. වංචාව, හොරකම ,ලිංගික අල්ලස රහිත ශ්‍රී ලංකාවක් බිහිවෙන තෙක්. (බ)
පිම්බෙන්න හදන නළුවෙක් සහ ඇමැති කෙනෙක්, කරපු දේකුත් නැහැ, කරන දේකුත් නැහැ....(ම)
හැම රජයකම ඉන්නවා ඒ රජයන්ට ඇතුළෙන්ම ඉඳන් හානි කරන අය . අපි යහපාලනය කියලා අදහස් කලේ මේ වගේ චරිත නැති බුද්ධිය ,තර්කය ,කරුණු මත පදනම් වූ රාජ්‍ය පාලනයක් මිස විනෝද සමය ,ජෙම්ස්බෝන්ඩ් චරිත රඟපාන ආණ්ඩුවක් නොවෙයි. (ර)
මු හොද නළු කමටම විතරි.. අනිත් ඒවා ඔක්කම බොරු. මු හිතන්නේ හෙමතැනම රඟපාන්න පුළුවන් කියල. අඩුම තරමේ ජාතික අැඳුමවත් අදාල රජයේ සේවයට යන්න දන්නේ නෙති උන්වද අපේ චන්දෙන් පත්කරගන්නේ? (කෞ)
මොනවා වුණත් තනතුරු මිනිසුන්ට වඩා වැදගත්. ඒවා අනාදිමත් කාලෙක ඉඳලා එන ඒවා. ඒවා රටේ ගෞරවයට හේතුවෙනවා. සම්ප්‍රදාය ඕනෑම දේකට වැදගත් දෙයක්. මෙතන පටලැවිල්ලක් තියනවා. තමන්ට ගැළපෙන්නේ මොකක්ද කියලා තෝරාගන්න බැරිකම. (නි)
ඒ ගැන නම් කියලා වැඩක් නැහැ සුගන්දි. (නි)
තවත් මාධ්‍ය සන්දර්ශනයක්. (බ)
ගිය ආණ්ඩුවේ මර්වින් සිල්වා. මේ ආණ්ඩුවේ රන්ජන් රාමනායක. මෙයාලා මාධ්‍යයේ කැපීපෙනෙන්න දඟලන පාර්ලිමේන්තුවේ ඉන්න විහිළුකාරයෝ. කණගාටුයි මෙයාලව පාර්ලිමේන්තු යවන්න තමුන්ගේ වටිනා ඡන්දෙ පාවිච්චි කරන අය ගැන. (නි)
දැන් එතුමාගේ ඇඳුමද සමහරුන්ට ප්‍රශ්නේ? (නි)
කලින් සැරවල වගේ මේ සැරෙත් දෙතුන් පාරක් ඇවිදන් එන්න වුනාද දන්නේ නෑ හරියට කැමරාවට අහුවෙනකන්. (ර)
රන්ජන් දැක්කහම හරිම ප්‍රසන්නයි (නි)
ජනතා නියෝජිතයෙක් නේද මේ. නිල කටයුත්තකට යනකොටවත් හරියට ඇදුමක්වත් අදින්න දන්නේ නැහැ වගෙයි. (ර)
අනේ මේ අපේ ඇමති කෙනෙක් නේද? (නි)
මේවට හුරේ දාන මෝඩයෝ තාමත් මේ රටේ ඉන්නවා. රටට මොනවා වුණත් එයාලට ගානක් නැහැ (නි)
ජනහිත මේක ගරු රඟ පෑමක් එනිසා කලබල වෙන්න එපා.(අ)
ගරු ඇමතිතුමා කෙලින් පොරක් (අ)
මේ වගේ විහිළු කාරයොත් , අපි ඡන්දෙන් පත් කරලා යැව්වනේ දෙයියනේ ඇදුමේ හැටියට නම් . විමල් කියපු වැඩේට ඇවිල්ල යන ගමන් ද කොහෙද (අ)
ජනහිත, මමත් හිතුව ඒකම, මේකත් තව රඟපෑමක් වෙන්නැති, ෂූටින් වලට ගැලපෙන විදිහටයි අඳින්න ඇත්තේ.(අ)
ඇදුමෙන් වැඩක් නැහැ , හැමදාම බොරුවට තැන දෙන අයට කැමති අය මොනවා කීවත් මේ වගේ එඩිතර කෙනෙක් අපිට ඕනේ අපෙන් හොරකම් කල සල්ලි හොයාගන්න , අපි අනික් අය හොරකම් වලටත් පොලි ගෙවා ගෙවා ඉන්නවා
මේක රැගුම් පාලක මණ්ඩලයෙන් අනුමත කරලා ඇති නේද? වන් ෂොට් හින්ද ? (අ)