අධිකරණ නියෝග කඩකරමින් අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළැයි සැකකරුවන් 27 දෙනකුට එරෙහි නඩුව අද (2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ විභාගයට ගත් අතර තව දුරටත් ඒ පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් ගොනු කරන්නැයි අධිකරණය කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.
නඩුව වැඩි දුර විභාගය දෙසැම්බර් 14 වැනිදාට කල් තැබිණි.
සැකකරුවන් 27 දෙනා අතර භික්ෂූන් වහන්සේලා 9 ක් හා දේශපාලනඥයින් 18ක් සිටිති.
ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, ගාමිණි ලොකුගේ ඇතුළු පිරිසක් අද උසාවි පැමිණ සිටියහ.
මීට පෙර නියෝග කර තිබූ පරිදි සැකකරුවන්ට අධිකරණයේ මසකට වරක් පෙනී සිටීමේ නියෝගයද අද අහෝසි කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසින් ඉතුරු ටිකත් අහෝසි පුදුම වෙන්න දෙයක් නෙමයි (අ)
ටික දවසකින් කියයි ද දන්නේ නැහැ සාක්කි මදි කියල ඔප්පු කරන්න.(නදී)