හොර අධ්‍යාපන සහතික ඉදිරිපත් කර කැබිතිගොල්ලෑවේ ගුරුවරුන් 7 දෙනකුම හොර පත්වීම් ලබා ඇතැයි උතුරු මැද පළාත් ගිණුම් කාරක සභාවේ සභාපති සරත් ඉලංගසිංහ මහතා පවසයි.
ගුරුවරුන් දෙදෙනකුගේ ව්‍යාජ සහතික ගැන සොයද්දී මේ බව සොයාගත් බව ඔහු කියයි.
උතුරු මැද පළාත් සභා ඇතැම් අමාත්‍යංශ විගණන ලිපි ගොණු රැසක් අස්ථානගතවී ඇතැයි ද අමාත්‍යංශය මාරුවන විට ලිපි ලේඛන අස්ථානගතවීම සිදුවී ඇතැයි ද කියති.
මේ පිළිබඳව සිදුකළ පසු විපරමෙන් පසු ඉහත ගුරුවරුන් දෙදෙනා ඇතුළු සුදුසුකම් නැති හත් දෙනකුම නැවත සේවයේ පිහිටුවා ඇති බවත් ගිණුම් කාරක සභාව ලබාදුන් නියෝගය අමාත්‍යංශ ලේකම්වරයා පිළිගත් බවත් ඉලංගසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරු හිඟයක් පවතින එකේ මෙයාලට දඩුවමක් වශයෙන් දුර පළාතකට පත්වීමක් හදලා යවන්න. හැබැයි ඉතින් සුදුසුකම් තිබෙන අය පමණයි හොඳේ. (නි)
ලංකාවේ සෑමතැනම හොරු ඉන්නවා (නි)
ඔන්න අළුත්ම තොරතුරු. (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)